@www.tiktok.comdeva19: මට රැයක් එළි වෙනකම් ලියුම් කරදහි දුසිම් ගණනාවක් ලීවා. එයාගේ අන්තිම ලියුමටත් මං පිළිතුරු ලීවා. ඔව් මං ඒ හැමදේම එයාට කීවා. සමහරවිට ලැබීමක් තිබුණොත් අපි දෙන්නටම, අපි දෙන්නගෙම කතාව ප්‍රාතිහාරයක් වගේම වෙනස් වේවි. එයාගේ ලියුම් මල්ලේ අන්තිම ලියමන කියවන්න පටන් ගනිද්දි වෙලාව සනිටුහන්වුණේ මධ්‍යම රාත්‍රී දොළහ පසුවී විනාඩි විස්සක් ලෙසයි. කඳුළු වැක්කෙරෙන ඇස් වලින් මං කියවලා ඉවර කරපු ලියුම් සේරම වගේ මගේ කඳුළු වලින්ම දියවෙලා ගිහින් තිබුණා. එයාගෙන් ලැබුන අන්තිම ලියුමේ ආමන්ත්‍රණය තිබුණේ “පිට්ටනියේ එහා කෙළවරේ කහපාට මල් පිපෙන ලොකු ගහ යට තියෙන ගල් බංකුව ළඟ පියාඹන නිල්පාට තටු තියෙන සමනලයට කියලා. “ඔයා කීවා නේද ඔයාට ආදරේ වැඩිම නමක් නෑ කියලා. මන් අද ඉදන් ඔයාගේ ආදරේ වැඩිම නම විදයට ‘ ලියැන්ඩර් කියන නම දානවා. දන්නවද සිංහයෙකුගේ හෘදයක් ඇති අයට තමයි ලියැන්ඩර් කියන්නේ. ඉතිං ලියැන්ඩර් උතුමාණෙනි, අපිට අපිව මඟහැරුන තැනකම අපිට අපිව මුණගැහෙන්න පුළුවන් ඇති කියලා මං හිතනවා. මං ඔයාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. මං ප්‍රාර්ථනා කරනවා අයෙම අපි මඟ නොඇරේවා කියලා. මන්, ඔයාගේ චූටි -සියෙරා!
මතක රොබරෝසියන් 🌸
Region: LK
Wednesday 26 August 2026 05:08:30 GMT
Music
Download
Comments
liyo_2003 :
අනේ ඔය එනකම් මග බලන් ඉන්නවා ☺️
2026-08-28 07:42:31
0
Blue 💙 :
කරන්න .. 🌿🍃
2026-08-26 06:12:35
0
suresh🤟🤟🤟 :
eka lasasana kaviyak ❤️
2026-08-26 05:53:00
0
Saadh0915 :
Mmmm🫂❤️
2026-08-26 18:32:53
0
Al Ap Leo Max :
❤️
2026-08-29 12:28:13
0
To see more videos from user @www.tiktok.comdeva19, please go to the Tikwm
homepage.