@hirunews: දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මහත් විනාශයකට පත්ව සිටින නේපාලයේ සහන සේවාවන් සක්‍රීය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක (US$ 1 Million) මුල්‍ය ආධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි මෙම මුදල නේපාලය වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙම ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් ජීවිත අහිමි වූ සහ විපතට පත් ජනතාව වෙනුවෙන් සිය කනගාටුව පළ කර සිටින ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් නේපාල රජයට මෙන්ම මියගිය අයගේ ඥාතීන් වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහෝදරත්වය සිහිපත් කළ ජනාධිපතිවරයා, මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකදී ශ්‍රී ලංකාව සැමවිටම නේපාලය සමඟ පෙනී සිටින බව වැඩිදුරටත් අවධාරණය කර ඇති අතර, මෙම මූල්‍ය පරිත්‍යාගය ගංවතුරින් සහ නායයෑම්වලින් පීඩාවට පත් ජනතාවගේ හදිසි මානුෂීය සහ සහන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට නියමිතයි. මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛනාල් (Shisir Khanal) මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවේ ශෝකය සහ සහයෝගය පළ කර තිබෙනවා. නේපාලයේ සහන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා තවදුරටත් සහය දැක්විය හැකි ක්‍රමවේද පිළිබඳව නේපාල රජය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් එම නිවේදනය ඔස්සේ සඳහන් කරනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Thursday 27 August 2026 16:11:01 GMT
87875
7344
369
216

Music

Download

Comments

s.h.a.n.1m
SHAN 🍁 :
තාම ලක්ෂ පනහත් නැ ගෙවළුත් නැ😹
2026-08-28 03:01:07
4
kingelifhan
♨️universe♨️ :
ඇයි බන් AjD කියලා මේකේ වැලවෙන්න කවුරුත් නැත්තේ උන් දැන් නැද්ද බන්
2026-08-27 21:58:17
1
mihirangha0
මතක 🤎! :
අඩො අපි සල්ලිකාරයො වෙලානේ
2026-08-27 17:19:30
836
chamuditharuka6686
🪬🧿Tharu 🧿🪬 :
අපෙ උන්ගෙ කුහක කම කමෙන්ට් දැක්කම තේරෙනවා 💔
2026-08-27 18:41:30
5
naweendilshan1
නවීන් දිල්ශාන්.🎤🎵 :
කවදාවත් අහන්න වෙයි කියල හිතපු නැති නිවුස්💞💞💞👊👊👊👊
2026-08-27 17:52:33
251
chamaraweerasingha1
Chamara Weerasingha :
අපි වැටුනම අපිට රටවල් උදව් කලා ඒනිසා ඇත්තටම හොද වැඩක්
2026-08-27 17:29:26
460
piyushan.dinuja
Piyushan Dinuja :
නේපාලයේ අරගලයක් වෙලා ඒ රට ආර්තිකව අස්තාවර වෙලා තියෙද්දිත් ඩොලර් ලක්ශ 3ක් ද කොහෙද අපිට දුන්න.එහෙම වෙලාවකදි වුනත් අපිට ඒ රටවල් උදව් කරා.අපේ රට දැන් යම්තාක් දුරකට ආර්තික ව ස්තාවරයි නෙ එතකොට ඒ රටට අනිවාර්යයෙන් දෙන්න ඕන ආදාර.පුලුවන් නම් සහන කන්ඩායමුත් යවන්න ඕන.
2026-08-27 23:26:44
25
a.m.i.l.a.c.h.a.n.a.k.a
Amilachanaka :
AKD KING 👑🔥👌
2026-08-27 16:45:06
197
manjusri.msj
MANJU SRI :
අපිට නැති උනත් මේ කරපු වැඩේ හොදයි 🫡♥️
2026-08-27 18:17:38
85
yoshithathamindi7
YT :
සමහර බනින උන් දන්නෑ අපේ උනුන් ඒ රටවල් වල ඉන්නවා කියලා
2026-08-27 17:12:08
155
myrules109
my Life my rules ❤️💋 :
අපේ මිනිස්සුගේ අදහස් දැක්කම පට්ට දුකයි, මොකද අපේ රටට ව්පතක් වේද්දි ඔය රටවලින් කොච්චර ආධාර එනවද එතකොට ගන්නවා වගේම ඒ රටවල් ව්පතට පත් වුනාමත් අපි දෙන්න ඕනි. එතකොට තමයි අපිට ආයේත් ලැබේන්නේ, අපේ මිනිස්සුගේ ආකල්ප ගැන කතා කරන්න දෙයක් නෑ ඒ තරම් පිරිහිලා
2026-08-27 19:11:44
30
hela_bumiya_rakagamu
🇱🇰හෙලයේමහා කලු සිංහලයා🇱🇰 :
දුන්නම දානේ ලැබෙයි නිදානේ❤️
2026-08-27 23:36:26
4
shanis763
රිතූ :
යකෝ අපේ මිනිස්සු කන්න නැතිව දුක් විදිනව ගංවතුර ආදාරවත් නැතිව
2026-08-27 18:29:48
12
sehsn7
𝕄𝕆ℕ𝕊𝕋𝔼ℝ- 𝕠𝕗𝕔𝕝-𝕗𝕗 :
වෙනත් රටවලට මානුෂීය ආධාර දෙන්න කලින් දිට්වා වලින් ගෙවල් කැඩුන මිනිස්සුන්ගේ ගෙවල් ටික හදලා දිහන්
2026-08-27 17:37:18
11
wayishalini
Yayisu :
ඩොලර් මිලියනයක් කියන්නේ කෝටි 38කට ආසන්න ගානක්. දවසක ලංකාව අපිට සතුටු වෙන්න පුලුවන් දියුණුවකට එයි.❤️ආදරෙයි ශ්‍රී ලංකා❤️
2026-08-27 18:27:47
36
jaffry_0
jay :
දුන්නොත් තමයි ලැබෙන්නේ
2026-08-27 17:43:47
30
theekshana_4v
𝐓𝐡𝐈𝐤𝐙𝐳𝐳_👀💗✨ :
Smhr dewl wlt government ekt bennt mewa supiri weda 🫶
2026-08-27 19:50:02
5
shiro_n_sean
Ni_sh 🇹🇷 :
Baiyek one behethakata
2026-08-27 16:44:22
65
viraj.kasun51
Viraj mahagoda :
නැතිඋනත් තීනො වගේ හැසිරෙන්න ඕන 😁
2026-08-28 01:40:01
8
razniahamed
Razni Ahamed :
1M $? I mean it’s good if we had enough dollars in our bank 🤷🏻 even our country is in crazy debt. But hey, help is a help 🫶🏻❤️ngl might be a good decision
2026-08-27 16:39:12
32
user2081476683881
Ama1718 :
දිට්වා ආපු කාලේ අපිට අනිත් රටවල් උදව් කරා ඒ රටවල් වලටත් උදව් අවශය වෙලවෙ අපි දෙන්න ඔනා respect Mrs Anura🙏
2026-08-27 18:21:06
9
ranuwa4x4
R2K💥💀 :
අනෙ ඉතින් ඕක වෙන ආන්ඩුවක් කරානම් හෑලි ලියන්න ගොඩයි😂❤️‍🩹
2026-08-27 17:33:37
21
19anjali9
Anu❤️Anjali :
super great🔥🔥
2026-08-27 17:34:17
6
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About