@miniwithdudairy0: කෙල්ලෙක් උනාම තියෙන්න ඕන උගත්කමක්.මං මේ කියන්නෙ කැම්පස් ගිහින් ඩිග්‍රී එකක් අරගන්න ඕන කියන එක නෙවෙයි.තමන් දක්ශ මොන පාත් එකටද ඒ පාත් එක ඇතුලේ උගතෙක් වෙන්න ඕන.සමාජේ ඇතුලේ "ආ ඒ කෙල්ල නම් ගැම්මක්" කියන තැනට පොඩියට හරි තමන්ගේ නමක් හදා ගන්න ඕන. නිකන් ගෙදරින් හම්බෙනවට , හස්බන්ඩ් ගෙන් හම්බෙනවට කාලා ඇදලා ඉන්නේ නැතුව මොනා හරි කරලා තමන්ගේ වියදම් පියවගන්න,තමන්ව සතුටු කරවගන්න කෙල්ලෙක්ට හයියක් තියෙන්න ඕන. ගෙදරින් කැමති උනේ නෑ ඒක කරනවට, බෝයිෆෙන්ඩ්/හස්බන්ඩ් කැමති නෑ ඒවා කරනවට ගගා ඇබරි ඇබරි ඉන්නේ නැතුව මොකා මොනදේ කිව්වත් තමන්ට ඕන දේ කරගන්න කෙල්ලෙක්ට තමන්ගේ කකුල් දෙකෙන් හිටගෙන කෙලින් කතා කරන්න කොන්ද පණ තියෙන්න ඕන. තමන් තැනකට අරන් යන්න,කාගෙන්වත් කතාවක් වචනෙකින්වත් නොඅහන්න,පාරක තොටක ගියත් මිනිස්සුන්ගේ ගෞරවය ගන්න ඔව්, කෙල්ලෙක්ට තියෙන්න ඕන ශක්තියක් අන්න ඒ විදිහට තමන්ව කාටවත් අල්ලන්න බැරි උස අත්තක තියන්න.👸🔝 මතක තියාගන්න, 'කෙල්ලෙක් විය යුතුයි මලක් නමුත් මල් දෙන අයට මිසක් ගල් ගසන අයට නොවේ.' ඉතින්... ලෝකයට ඕන විදිහට හැඩගැහෙන මලක් වෙන්න එපා. තමන්ට ඕන විදිහට, තමන්ගේම වටිනාකමක් ඇතුව, කාටවත්ම ලේසියෙන් අල්ලන්න බැරි 'උස අත්තක' පිපෙන ආඩම්බරකාර මලක් වෙන්න. 😌💪
mini with du dairy 🍃
Region: LK
Friday 28 August 2026 13:41:50 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @miniwithdudairy0, please go to the Tikwm
homepage.