@mahindarajapaksha646: අමාදම් සිසිලස 274 වන ධර්ම දේශනාව. අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 274 වන ධර්ම දේශනාව, අපගේ සාමාන්‍ය ජන ජීවිතය හා බැඳී පවතින සහ ගිහි පැවිදි සබඳතාව ශක්තිමත් කිරීමට හේතු වන උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දින එනම් ඊයේ (27) දින කොළඹ නිවසේ දී පවැත්විණි. නිකිණි පුර පසළොස්වක පොහොය දිනය, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු පන්සියයක් මහරහතන් වහන්සේගේ සහභාගීත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, පෙරවස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා පසුවස් විසීම ඇරඹීම, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් අරහත් මාර්ගයට පිවිසීම, වැනි ශාසනික වැදගත් කමින් යුතු සිදුවීම් රැසක් සිදු වූ උතුම් පොහොය දිනයකි. නිකිණි මාසයේ පවතින වියළි කාළගුණයත් සමඟ වන සතුන්ගෙන් අප ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා අතීතයේ අප මුතුන් මිත්තෝ දර මිටි රැගෙන පැමිණි පොහොය හේතුවෙන් නිකිණි පුන් පොහෝ දිනය දරමිටි පොහොය ලෙසද ජන වහරේ පවතී. මෙම උතුම් පොහෝ දින අපගේ ගෞරවණීය ආරාධනය පිළිගෙන ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාළ බණ්ඩාරගම ශ්‍රී විජය චන්ද්‍රාරාම විහාරවාසී පුජ්‍යපාද කහටගහපිටියේ දේවානන්ද අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට මම මාගේ නමස්කාර පූර්වක ස්තූතිය පුද කරමි. ධර්ම දේශනාව ශ්‍රවණය පිණිස එම අවස්ථාවට මාගේ හිතවතුන් පිරිසක් ද එකතු වූ අතර මේ මාහැඟි ධර්ම දානමය පුණ්‍ය කර්මය දැක බලා ඔබ සැමත් සැදැහැ සිතින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරමි.
Mahinda rajapaksha
Region: LK
Friday 28 August 2026 16:29:10 GMT
Music
Download
Comments
Sarath Raam :
wow very very great sir 🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
2026-08-28 16:44:39
0
dinesh chathuranga :
🥰🥰🥰
2026-08-29 00:34:54
0
Mohamed Nasrullah :
👍👍👍
2026-08-28 18:29:27
0
Supun Lakshan :
🙏🙏🙏
2026-08-28 17:02:24
0
Gayan Madusanka :
🥰🥰🥰
2026-08-28 16:38:01
0
Gayan Madusanka :
❤️❤️❤️
2026-08-28 16:37:59
0
Gayan Madusanka :
🙏🏻🙏🏻🙏🏻
2026-08-28 16:37:53
0
Sathmina Sadeep :
❤️❤️❤️
2026-08-29 02:33:28
0
To see more videos from user @mahindarajapaksha646, please go to the Tikwm
homepage.