@itzmalee2: මම මෙතැනම රැඳී හිටියොත්, මට මාවම අහිමි වෙනවා. මම යන්න තීරණය කළොත්, මට උබව අහිමි වෙනවා. මම තවත් බලාගෙන හිටියොත්, ඒ කවදාවත් මම නොවන බව මම දන්නවා. ඒත් මම ඉදිරියට ගියොත්, ඒ කවදාවත් උබ නොවෙනවා. ඉතින් මම මොනවා කරන්නද? හරි දෙයක් නැති තැනක හැරෙන්නද? නැත්නම් ඉතුරු වෙලා තියෙන්නේ කිසිවක් නැති තැනක නැවතිලා ඉන්නද...?? මම තවමත් අල්ලගෙන හිටියොත්, මගේ අත් හිරිවැටෙනවා. මම අත් ඇරියොත්, මගේ හිත ඇතුළෙන්ම කඩා වැටෙනවා. මම කතා කළොත්, මම වැඩියෙන් කියනවා. මම නිහඬ වුණොත්, මම කියන්න තියෙන හැම දෙයක්ම කියලා ඉවර කරනවා... මම ආපස්සට බැලුවොත්, අපි හිටපු මතක වල ගිලෙනවා. මම ඉදිරියට බැලුවොත්, කවදාවත් සිදු නොවන අනාගතයක් ගැන දුක් වෙනවා... මොකද මම ඇස් වහන හැම මොහොතකම මට පෙනෙන්නේ උබ ඇස් අරින හැම මොහොතකමත් තවමත් මට පෙනෙන්නේ උබමයි ඉතින් මට කියන්න, රිදෙන්නේ නැති පාරක්... මොකද ඉදිරියට යන එක, උබව අතහැරලා යනවා වගේ දැනෙනවා. ආපස්සට යන එක, තව තවත් ලේ ගලන තුවාලයක් මම පාරගන්නවා වගේ වගේ දැනෙනවා. එක තැන නතර වෙලා ඉන්න එක, මම තවමත් "ගෙදර" කියලා හිතන තැනක, ගොඩක් කලින්ම එතැනින් යන්න ගිය කෙනෙක් වෙනුවෙන්, හෙමින් හෙමින් මැරෙනවා වගේ දැනෙනවා.... මම උබට දොස් කිව්වොත්, මට උබව වෛර කරන්න වෙනවා... මම උබට සමාව දුන්නොත්, මට උබව නිදහස් කරන්න වෙනවා. වෛරය උබව මගේ ළඟ තියාගන්නවා. සමාව උබට යන්න ඉඩ දෙනවා. ඒත් ඇත්ත නම්, සමහර ආදර කතා අවසන් වෙන්නේ ඒවා අසාර්ථක වුණ නිසා නෙවෙයි සමහර ආදර කතා ඉවර වෙන්නේ, අන්තීමේට හිත තේරුම් ගන්නව “යන්න” කියන වෙලාවේ, ඒ හඬට ඇහුම්කන් දීම තමයි, මේ වේලාවේ ගන්න පුළුවන් හොදම තීරණය කියලා... -Copied #sea #view #thoughts

Maleesha Dissanayake🍇
Maleesha Dissanayake🍇
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 10:58:13 GMT
6025
431
17
18

Music

Download

Comments

d_ev_d.d.a
Dev👽Aththanayaka🖇 :
Case case bn mona krnnd 🥹
2026-08-29 18:50:37
2
__.illyyy.__
kaviii 🇪🇸 :
awla 😪
2026-08-30 11:05:24
1
sanija
Sanija 🇧🇷🪬 :
🥰🥰🥰
2026-08-29 11:41:20
1
bevanofficial
bevanofficial :
❤️‍🩹🥺
2026-09-03 12:21:32
0
rash.xbk
RASH———- XBK 😎 :
🖤🖤🖤
2026-09-01 18:55:26
1
sadi_rashan
SADi_🫰🇧🇭 :
💗💗💗
2026-08-31 20:15:48
1
To see more videos from user @itzmalee2, please go to the Tikwm homepage.

Other Videos


About