@ven.thiththagalle: ධම්මින්න මහා විද්‍යාලය ස්වර්ණමය දිනය අගෝස්තු 27 දින මෙලෙස ලියවිණ : පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමිගේ සංකල්පයක් මත පොළොන්නරුව අරලගන්විල දුෂ්කර පාසලක් වූ ධම්මින්න විද්‍යාලයේ ළමුන්ට අවශ්‍ය සපත්තු, ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ, leather turf එකක් හා ඒ සඳහා අවශ්‍ය පුහුණුකරුවන්, Rugby ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ඇඳුම් කට්ටල මෙන්ම පුහුණුකරුවන් සහ AC කරන ලද ස්මාට් පන්ති කාමර දෙකක් ලබාදීමේ වැඩසටහනක්, 2000කට අධික පිරිසකට ලබාදුන් දහවල් දන්සැල, මෙන්ම ළමුන්ගේ ආධ්‍යාත්මය වෙනස් කරන වැඩ පිළිවෙල පසුගියදා ඉතා සාර්ථක අන්දමින් සිදුකෙරින. මේ සඳහා ආචාර්ය අමිත් පුස්සැල්ල , කැලුම් සේනානායක, මහේෂ් සේනානායක, ලක්ෂිත ප්‍රසාද්, පසන් බඹරිදු, සමරකෝන් ඇතුළු විශාල ගුරු භවතුන්ගේ සහභාගිත්වයද සම්මානිත මහාචාර්ය සරත් කොටගම මහතා , ආසියානු රග්බි ආයතනයේ කලාපීය අනුශාසක ගෲප් කපිතාන් නලින් ද සිල්වා මහතා, රංගන ශිල්පී පුබුදු ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනෝහර මහතා, උතුරු මැද පළාත් නාගරික සංවර්ධන අධ්‍යක්ෂක LM සමන්ත කුමාර මහතා, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක උපාලි අමරතුංග මහතා, ව්‍යාපාරික අමල්ශ උදිත් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මේ සියල්ල සිසු අයිතියිට පත් කිරීමට කටයුතු කරන ලදී. එමෙන්ම මේ සඳහා ධම්මින්න මහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරුබවතුන් ප්‍රදේශවාසී සියලුදෙනා, මෙත් බෝ සෙවණ සහ සිළුමිණ සෑය වාසි භික්ෂු භික්ෂුණීන් වහන්සේලා ද, නාලන්දා සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් එදින අලංකාර විය . පූජ්‍ය තිත්තගල්ලේ ආනන්ද සිරි හිමි සහ ප්‍රවීණ මාධ්‍යවේදී ගැමුණු වන්නිනායක මහතා සමග සිදු කරන සිතිවිලි සක්මන වැඩසටහන මෙහිදී සජීවීව සිදුකළ අතර Fides Harmonia සිසු සිසුවියන්ගේ සංගීතමය වැඩසටහන මෙන්ම dj සංගීත වැඩසටහනක් ද පවත්වනු ලැබිණ. #thiththagallethero #sithuwilisakmana #damminna
Ven Thiththagalle Anandasiri
Region: LK
Sunday 30 August 2026 06:44:53 GMT
Music
Download
Comments
🅓🅘🅛🅡🅤🅚🅢🅗🅘 🅓🅘🅛❤️ :
❤️
2026-08-30 10:51:45
0
U 🕸️ :
🫂🔥
2026-08-30 08:08:34
0
夔❥彡Chama༄シ :
❤️
2026-09-08 12:35:30
0
To see more videos from user @ven.thiththagalle, please go to the Tikwm
homepage.