@www.tiktok.comdeva19: වේලාව උදෑසන හත පසුවී විනාඩි පහයි. වෙලාවකට වැඩ, වෙලාවකට වැඩ නැති රේඩියෝව මට වේලාව කියලා පරණ හින්දි සිංදුවක් උදේ පාන්දරම තෑගිකළා. “අලුත් මහත්තයා... අලුත් මහත්තයා...” සිංදුවේ අන්තිම හරිය විතරක් නෙවෙයි ලුණු මිරිසකට කපන්න ගත්ත ලූණු ගෙඩියෙත් අන්තිම හරිය වෙද්දි මුත්තු මාමා කථාකරනවා ඇහුණේ බටර්කප් මල් නැති උනත් ගෙදරට එන ලී වැට පැත්තෙනුයි. “මහත්තයා චූටි නෝනා වැට ළඟට ඇවිල්ලා ආපහු යන ගමන් ඉද්දි මට හම්බුනේ මහත්තයා ගෙදර නෑ කියලා හිතලා” මුත්තු මාමාට පිටිපස්සෙන් තිබුණ ඇස් කීවෙ නම් ඊයෙ රෑත් සුවබර නින්දක් නම් ලබලා නැති වගයි. “අනේ සමාවෙන්න, ඊයෙ ඔයා ආවට මං අසනීප වුණ නිසා කථා කරන්න බැරි උනානේ. ඊයෙ මට උදව් කරට ගොඩක් ස්තූතියි. ඔයා ආවෙ උවමනාවකටද කියලා දැනගන්න මං ආවේ.” විනාඩි හතරක් පහක් ගතවෙද්දි එයා හිටියෙ මගේ ගෙදර ආලින්දයේ එළකිරි කෝප්පයක් තොලගාන ගමන්. මං හිතන්නේ එයා මාව අඳුරන්නේ නෑ. “මං දෙතුන් දවසක් එන්න උත්සාහ කරත් මට එන්න පුළුවන් වුණේ ඊයෙ. ලොකුම හේතුව තමයි මට මුත්තු මාමා කීවා ඔයාගේ ගේ පිටිපස්සෙ චූටි දෙළපාරක් තියෙනවා කියලා. ඉතිං මට ඒක බලන්න හිතුණා.” #සියෙරා #මතකරොබරෝසියන් 🌸✨

මතක රොබරෝසියන් 🌸
මතක රොබරෝසියන් 🌸
Open In TikTok:
Region: LK
Tuesday 01 September 2026 05:43:00 GMT
19200
2210
4
77

Music

Download

Comments

_gi_su_
🤍🔮 :
Felt it 😭❤️‍🩹
2026-09-02 20:48:03
0
account_removed4
Account_Removed🧞‍♂ :
හුළග වෙන්ක බැයිද 🥹😁
2026-09-11 05:04:36
1
user4157274482655
suresh🤟🤟🤟 :
❤️
2026-09-01 11:54:58
0
roma_vidanage
Roma_Vidanage :
💖
2026-09-08 09:56:29
0
To see more videos from user @www.tiktok.comdeva19, please go to the Tikwm homepage.

Other Videos


About