@by_laurawild: සමහර තැන්වලදී "ආදරය කියන්නේ අන්ධ විශ්වාසයක්" කිව්වොත් එකඟයිද? ඒක හරියට ඇස් දෙක වහගෙන බිල්ඩිමකින් පහළට පනිනවා වගේ දෙයක්. බිල්ඩිම පාමුල තියෙන්නේ කුෂන් එකක්ද, නැත්නම් නිකම්ම කොන්ක්‍රීට් පොළොවක්ද කියලා බිමට වැටෙනකන්ම අපි දන්නෙ නෑ. බැරිවෙලාවත් කොන්ක්‍රීට් පොළොවට වැටිලා ඇටකටු පොඩිපට්ටම් වුණොත් ආපහු දෙපයින් නැගිටින්න මනුස්සයෙක් ඉතිරි වෙන්නෙත් නැති වෙන්න පුලුවන්. ඒ වුණත් අපි 'හැමදේම හොඳ විදියට සිද්දවෙයි' කියන අන්ධ විශ්වාසයකින් හිත තද කරගෙන, ඇස් පියාගෙන බිල්ඩිමෙන් පහළට පනින්න තීරණය කරනවා. අනාගතයේ මොනවා ලියවිලා තියනවද කියලා හාංකවිසියක්වත් නොදැන, මොන කුණාටුවකට මුහුණ දෙන්න වෙයිද කිසිම අදහසක් නැතුව, 'හැමදේම හොඳින් වෙයි' කියන අර අතාර්කික, අන්ධ විශ්වාසය විතරක් හිතේ ඇති කරවන්නට සමත් එකම එක ගැහැනියක් හෝ පිරිමියෙක් ජීවිතයේ කිසියම් තැනක අපිට හමුවෙනවා. ජීවිතයේ හමුවන බොහෝ ගැහැනුන් සහ මිනිසුන් සම්බන්ධයෙන් තාර්කිකව, විශ්ලේෂණාත්මකව, බුද්ධි ගෝචරව හිතන්න පුළුවන් කෙනෙකුට උනත් මේ කියන කෙනා හමුවුනාම ඉතිරි වන්නේ අන්ධ විශ්වාසයක් විතරයි. හැබැයි මිනිස්සු ජීවත් කරවන්නේ තර්කනයට, විශ්ලේෂණයට වඩා අන්න ඒ 'අන්ධ විශ්වාසය' කියලයි මම නම් හිතන්නේ. දෙන්නගේ ජීවිතයේ කතාව කොයි විදියට කෙළවර වුණත්, මනුස්සයෙකුට ජීවිත කාලය තුල "ආදරය අන්ධයි" කියන දේ පසක් කරවන ඒ ආදරය මුණගැසිය යුතුමයි! 🫀❤️🩹🔥 #lovestory #Love #iloveyou #destiny #Love
Laura 🪽
Region: LK
Wednesday 02 September 2026 11:49:42 GMT
Music
Download
Comments
........ :
Aththa😓
2026-09-02 17:40:41
1
🌼🌷DiNuShA🌷🌼 :
caption plz 🥺
2026-09-03 00:25:47
0
《~Volare🪽Piuma~》 :
🥰🥰🥰
2026-09-03 07:18:18
1
🇱🇰mali🇮🇱 :
🤟🤟
2026-09-02 17:07:29
1
Nature Of LK 🤍 :
🤍
2026-09-02 17:45:15
1
🇱🇰DilRuu🇰🇼 :
🫶
2026-09-02 12:20:42
1
Nowodya :
❤️
2026-09-02 12:15:12
1
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.