@boy_garage: Rekomendasi Lampu Utama H4 Cahaya Biled HighBeam pakai laser + selenoid dari HYPERNOVA T900

BOY GARAGE
BOY GARAGE
Open In TikTok:
Region: ID
Wednesday 02 September 2026 19:48:55 GMT
1400
4
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @boy_garage, please go to the Tikwm homepage.

Other Videos

මම දන්නවා, මේ ඇවිත් තියෙන්නේ අපේ ජීවිතේ ලස්සනම මතකයන් අහවර කරන්න නියමිත ඒ අවසන් රාත්‍රිය කියලා.  කොච්චර ආදරෙන් හිටියත්, කොච්චර හුස්මකින් බැඳිලා හිටියත්, කවදාවත් හිතාගන්න බැරි වෙලාවක මේ විදියට සමුගන්න සිද්ධ වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ යශෝධරා. කවුරුහරි ඇවිත් මගෙන් අහනවා
මම දන්නවා, මේ ඇවිත් තියෙන්නේ අපේ ජීවිතේ ලස්සනම මතකයන් අහවර කරන්න නියමිත ඒ අවසන් රාත්‍රිය කියලා. කොච්චර ආදරෙන් හිටියත්, කොච්චර හුස්මකින් බැඳිලා හිටියත්, කවදාවත් හිතාගන්න බැරි වෙලාවක මේ විදියට සමුගන්න සිද්ධ වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ යශෝධරා. කවුරුහරි ඇවිත් මගෙන් අහනවා "ඔයාගේ සතුට කොහෙද තියෙන්නේ?" කියලා. එදාට මම මොනවා කියන්නද? මම මගේ ඇඟිල්ල දික් කරන්නේ ඔයා ඉන්න තැනට. මොකද මගේ සතුට තියෙන්නේ තැන්වල නෙවෙයි, මගේ සතුට තියෙන්නේ ඔයාගේ හිනාව ඇතුලේ. ඒත් අද, ඒ සතුට අතෑරලා මම යන්න හදනවා. ඒක මොනතරම් නම් වේදනාවක්ද කියලා මගේ හිත විතරයි දන්නේ. මම යශෝධරාගේ ඇස් දිහා බලද්දී, මට දැනෙනවා එයාගේ හිතේ තියෙන ඒ කම්පනය. මම එයාට දුන්නු පොරොන්දු, අපි එකට දැකපු හීන, අනාගතය ගැන අපි ගොඩනැගූ ඒ ලස්සනම හීන ගොඩක්... මේ ඔක්කොම අද මේ රාත්‍රියේදී අත්හැරලා දාන්න සිද්ධ වෙලා. එයා මගේ හිත රිදුණු වෙලාවල සැනසීම වුණා, මගේ ප්‍රශ්න මැද්දේ මට හිනාවෙන්න හේතුව වුණා. එහෙම කෙනෙක්ව තනි කරලා යන්න තරම් මම කොච්චර නම් නපුරු වෙන්න ඕනෙද? ඒත් යශෝධරා, ඔයා මට කවදාවත් වරදක් කියන්න එපා. මම මේ යන්නේ මගේ ආත්මාර්ථකාමී සතුටක් හොයාගෙන නෙවෙයි. මම යන්නේ මේ සංසාරේ අපිට විඳින්න සිද්ධ වෙච්ච දුකෙන් අපිව සදහටම මුදවාගන්න. අද ඔයාට මේ වෙන්වීම දුකක් වෙන්න ඇති, ඒත් මම මේ යන්නේ කල්ප ගණනාවක් තිස්සේ මම හෙව්ව ඒ නිවන හොයාගෙන. මම අද ඔයාව තනිකරලා යනවා නෙවෙයි, මම මේ යන්නේ අපේ බැඳීම සදාකාලික කරගන්න. ඔයා කවදහරි තේරුම් ගනියි යශෝදරා ඇයි මෙහෙම කරේ කියල ඔයා මට සාමාන්‍ය කෙනෙක් නෙවෙයි යශෝධරා, ඔයා මගේ හිත සැනසෙන තැන, මගේ දවස ලස්සන වෙන එකම හේතුව. අපේ ආදරේ මේ කෙටි ආත්මෙට විතරක් සීමා වෙන්න ඇති, ඒත් අපේ ආත්මවල් සංසාරේ පුරාවටම බැඳිලා තියෙනවා. අතරමගදී ඔයාව දාලා යන්න වුණාට මට සමාවෙන්න. ඔයා අඬන්න එපා, ඔයාගේ කඳුළු බිංදු මගේ හිතට තවත් බරක්. මම යනවා යශෝධරා... මම යනවා සත්‍යය හොයාගෙන. මම බුද්ධත්වයට පත් වෙන දවසක, මුළු ලෝකයම වගේම, ඔයාගේ ඒ දුකත් සදහටම නිවී යාවි. ඒ දවස වෙනකල් ඔයා මගේ මතකයන් එක්ක ඉන්න. අපි ආයේ හමුවෙනවා, ඒ මේ ආත්මේ නෙවෙයි, දුක සැප කියන දේ නැති ඒ නිවන්පුරයේදී. මගේ සතුටේ නම ඔයාමයි. අදත්, හෙටත්, කවදාවත් නොමැකෙන විදියට මගේ හිතේ ඉන්නේ ඔයාමයි. ඉතින්, අපිට සමුගන්න කාලේ හරි. මේ රෑ යාමයේ නිශ්ශබ්දතාවය වගේම, අපේ බැඳීමත් මේ සංසාරේ කෙළවරක් නැතිව ඉතිරි වේවා. ආදරෙයි යශෝධරා... මේ ආත්මෙට විතරක් නෙවෙයි, මගේ මුළු සංසාරෙම පවතින තාක්කල්ම ඔයාට ආදරෙයි! #foryou #viral #siddartayashodara #buddhism #srilankan_tik_tok🇱🇰 @🇱🇰𝓢𝓱𝓮𝓻𝓪𝓫 𝓥𝓸𝔁 🕊️☸️

About