@puwathpatha: වනඅලියෙකුගේ ප්‍රහාරයකින් කතරගම - බුත්තල පාරේ බස් රථයක් පෙරළෙයි: වන්දනාකරුවෝ 10කට තුවාල කතරගම පොලිස් වසමේ කතරගම - බුත්තල මාර්ගයේ විදුලි වැට මුරපොළ ආසන්නයේදී අද (03) පෙරවරු 11.00ට පමණ වනඅලියෙකු පහරදීමෙන් පෞද්ගලික බස් රථයක් පෙරළී අනතුරක් සිදුවී තිබේ. හලාවත සිට කතරගම බලා පැමිණි වන්දනාකරුවන් 40 දෙනෙකු පමණ ගමන් කළ මෙම බස් රථය වනඅලි ප්‍රහාරයත් සමඟ මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර, එම අවස්ථාවේදී තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, රෝහල්ගත කළ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. #puwathpath #SLnews #Srilanka #Srilankanews #PoliticalNews දේශීය සහ ජාත්‍යන්තර පුවත්, කාලීන සිදුවීම් සහ විශේෂාංග අපක්ෂපාතීව සොයායන නිවැරදිම පුවත් කලාව. Puwathpath - පුවත්පත් Stay with us. 🙏❤️
Puwath Patha - පුවත් පත
Region: LK
Thursday 03 September 2026 15:55:03 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @puwathpatha, please go to the Tikwm
homepage.