@shana.lone: "සල්ලි වලට රොබින්ව මැරුවේ ලගම විශ්වාසවන්තම කෙනෙක් ඉතින්🥺💔” රොබින් හුඩ් කියන්නේ කැලේ හැංගිලා සටන් කරපු නිකම්ම හොරෙක් නෙවෙයි, රජ්ජුරුවන්ටවත් නමන්න බැරි වෙච්ච මිනිහෙක්. ඒත් කාලයක් යද්දී රොබින්ට දරුණු උණක් හැදිලා හොඳටම අසනීප වෙනවා. එයාට ඇවිදගන්නවත් පණ නැති වෙනවා. ඒ කාලේ ලෙඩක් හැදුණාම ඇඟේ තියෙන අපිරිසිදු ලේ ටිකක් කපලා අයින් කරන සිරිතක් තිබුණා (Bloodletting). රොබින් තීරණය කරනවා ප්‍රතිකාර ගන්න කර්ක්ලීස් (Kirklees) ආරාමයට යන්න. මොකද එතන හිටපු ප්‍රධාන කන්‍යා සොහොයුරිය (Prioress) රොබින්ගේම නෑදෑ වෙන අක්කා කෙනෙක්. යන්න කලින් පුංචි ජෝන් රොබින්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා, "නායකයා, ඕකට යන්න එපා... මගේ හිතට හොඳ නෑ... නොටින්හැම් ෂෙරිෆ්ගෙයි, ජෝන් කුමාරයගෙයි සල්ලිවලට ඕනම කෙනෙක්ව ගන්න පුළුවන්... උඹට යන්නම ඕන නම් මටත් එන්න දීපන්..." කියලා. ඒත් රොබින් කිව්වේ, "නෑ ජෝන්, මගේම ලේ මට ද්‍රෝහි වෙන්නේ නෑ. උඹ කැලේ රැකවල් බලපන්. මට අනතුරක් වුණොත් මම මගේ හොරණෑව (Hunting Horn) තුන් පාරක් පිඹින්නම්... ඒ සද්දේ ඇහුණොත් විතරක් උඹ වරෙන්" කියලා. රොබින් තනියම ආරාමයට ගියා. නෑදෑ කන්‍යා සොහොයුරිය හරිම ආදරෙන් වගේ රොබින්ව පිළිගත්තා. හැබැයි ඒ ගෑනි යටින් ජෝන් කුමාරයගෙන් සහ ෂෙරිෆ්ගෙන් රත්තරන් මලු පිටින් අරන්, රොබින්ව පාවලා දෙන්න ලෑස්ති වෙලා හිටියේ. එයා රොබින්ව ආරාමයේ උඩ තට්ටුවේ, කිසිම කෙනෙකුට ළඟාවෙන්න බැරි ඈත ගල් කාමරේකට එක්කන් ගියා. ගිහින් රොබින්ගේ අතේ නහරයක් කපලා ලේ අයින් කරන්න පටන් ගත්තා. රොබින්ට ලේ යනවා වැඩි කියලා තේරිලා කියද්දී, "නෑ සහෝදරයා, මේ අපිරිසිදු ලේ ඔක්කොම යන්න ඕන" කියලා ඒ ගෑනි කාමරෙන් එළියට ගිහින්, දොරවල් පිටතින් යකඩ අගුල් දාලා ලොක් කළා! පැය ගණන් ලේ ගලද්දී, බිම වැටිලා හිටපු රොබින්ට තේරුණා තමන් අහුවුණේ නින්දිත උගුලකට කියලා. මුළු ඇඟම සුදුමැලි වෙලා, පණ නැති වෙද්දී, රොබින් බඩගාලා ගිහින් අර ගල් ජනේලේ ගාවට ආවා. එළියේ ගොරවන මහ මූසල වැස්ස. රොබින් වෙව්ලන අතින් ඉණේ තිබ්බ රිදී හොරණෑව (Horn එක) තොල් අතරට තියලා, තමන්ගේ පපුවේ ඉතුරු වෙලා තිබ්බ අන්තිම හුස්ම ටික එකතු කරලා පිම්බා. පළවෙනි පාර... සද්දේ ආවේ හරිම හීනියට. දෙවැනි පාර... වෙව්ලන, කැඩිච්ච සද්දයක් විතරයි ආවේ. තුන්වෙනි පාර... හොරණෑව පිඹින්නවත් පණ නැතුව, රොබින්ගේ අතින් ඒක බිමට වැටුණා. ඒත් සැතපුම් ගාණක් ඈත කැලේ ගහක් යට ඉඳන් හුළඟට කන් දීගෙන හිටපු පුංචි ජෝන්ගේ කනට මේ හීනි, අසරණ සද්දේ වැටුණා! ජෝන්ගේ ඇස් උඩ ගියා. "දෙයියනේ... රොබින්ගේ හොරණෑව කවදාවත් ඔහොම අඬන්නේ නෑ... මගේ සහෝදරයා අනතුරේ!" කියලා කෑගහපු ජෝන්, පිස්සෙක් වගේ කැලේ කඩාගෙන, ගස් ගල් පෙරළාගෙන ආරාමය දිහාවට දිව්වා. ජෝන් ආරාමයට එනකොට වැස්සට තෙමිලා, මුළු ඇඟම මඩ. ආරාමයේ කන්‍යා සොහොයුරියෝ ඉස්සරහට එද්දී උන්ව විසිවෙලා යන්න තල්ලු කරපු ජෝන්, උඩ තට්ටුවට දුවලා ගිහින් අර යකඩ අගුලු දාලා තිබ්බ දොර තමන්ගේ විසාල උරහිසෙන් ගහලා කුඩුපට්ටම් කරලා දැම්මා! දොර ඇරෙනකොට ජෝන් දැක්කේ ලේ විලක් මැද්දේ, ජනේලෙට හේත්තු වෙලා, ඇස් අඩවන් වෙලා අවසන් හුස්ම අදින රොබින්ව. ජෝන් කෑගහලා බිම දණගහලා රොබින්ව අත් දෙකට ගත්තා. ජෝන්ගේ ඇස්වලින් ගින්දර පිටවුණා. "රොබින්... කවුද උඹට මේක කළේ? මට අවසර දීපන්... මම මේ මුළු ආරාමෙම ගිනිබත් කරලා, මෙතන ඉන්න එක එකාව මරාගෙන මරාගෙන යන්නම්!" කියලා ජෝන් කෑගැහුවා. ඒ වෙලාවේ රොබින් තමන්ගේ වෙව්ලන, සීතල වෙච්ච අත ජෝන්ගේ මූණ උඩින් තියලා අමාරුවෙන් මිමිණුවා... "එපා ජෝන්... මම ජීවිතේට කිසිම ගෑනියෙකුට හිංසා කරලා නෑ... මගේ මරණ මංචකයේදීවත් මගේ ප්‍රතිපත්තිය කඩන්න එපා... උන්ව අතහැරපන්..." ඊටපස්සේ රොබින් අමාරුවෙන් තමන්ගේ දුන්න ඉල්ලුවා. ඉතුරු කොටස Comment බලන්න 😔 #robinhood #robin #finalepisode #foryou #creatorsearchinsights

𝑺𝒉𝒂𝒏𝒂  🧿
𝑺𝒉𝒂𝒏𝒂 🧿
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 23:15:18 GMT
264303
28021
359
633

Music

Download

Comments

imasha.sewmini53
Imasha weerasinghe ❤️ :
කතාව කියෙව්වම පුදුම දුකක් දැනුනේ 🥺❤️‍🩹
2026-09-10 09:02:39
1
wait_quotes
愛 W𝔄IT⚠ :
කෝ අන්ක් ටික comment box එකේ හොයන්න අමාරුයි 😭
2026-09-10 05:46:23
1
piyathma_kodithuwakku_17
ℙ𝕀𝕐𝔸𝕋ℍ𝕄𝔸⚡ :
Ane meka atthkd😫💔....full story ek dennko💔😫 plz😫
2026-09-09 11:49:41
1
denethnethsara25
DENETH OFFICIEAL :
දුප්පතුන්ගෙ වීරයා නැති වුනා රොබින්ගෙ යාලුවෝ අසරන වුනා මැරියන්ගේ ආදරය තනි වුනා කපටි ජෝන් රජ වුනා අපි බලපු කාටුන් එකෙ ඇත්ත කතාව මේකයි
2026-09-05 06:45:25
713
shana.lone
𝑺𝒉𝒂𝒏𝒂 🧿 :
හොයාගන්න අමාරු අයට : කතාවෙ ඉතුරු ටික 📌🔥 ඊටපස්සේ රොබින් අමාරුවෙන් තමන්ගේ දුන්න ඉල්ලුවා. ජෝන් වෙව්ලන අත්වලින් දුන්න රොබින්ගේ අතට දුන්නා. රොබින් අන්තිම ශක්තිය දාලා, විවෘත ජනේලයෙන් කළුවර කැලය දිහාවට ඊතලයක් මාන කළා. "ජෝන්... මගේ ආදරණීය සහෝදරයා... මේ ඊතලය ගිහින් වැටෙන තැන... අන්න එතන මාව වලදාපන්... මගේ හිසට යටින් තණකොළ පිඩැල්ලක් තියපන්... මගේ දුන්න මගේ පපුව උඩින් තියපන්... මම නිදහසේ නිදාගන්නම්..." කියලා රොබින් ඒ අවසන් ඊතලය වැස්ස මැද්දෙන් කැලයට මුදාහැරියා. ඒ ඊතලය සුළඟ කපාගෙන ගිහින් මහ ඕක් ගහක් පාමුල පස්වල හිටගනිද්දීම... රොබින්ගේ ඔළුව ජෝන්ගේ උරහිස උඩට කඩාගෙන වැටුණා. ඒ ඇස් සදහටම පියවුණා. අර විසාල යෝධ ජෝන්, පොඩි එකෙක් වගේ රොබින්ගේ මිනිය බදාගෙන ආරාමේ බිත්ති දෙදරුම් කන්න කෑගහලා ඇඬුවා. පස්සේ රොබින්ගේ අන්තිම වචනෙට ගරු කරපු ජෝන්, කාටවත් අතක්වත් තියන්නේ නැතුව, රොබින්ගේ සිරුර කරපිට තියාගෙන වැස්සේම කැලේට ආවා. අර ඊතලය වැටුණු තැන තමන්ගෙම අත්වලින් වලක් හාරලා, දුන්නත් පපුව උඩින් තියලා, අඬ අඬාම තමන්ගේ නායකයාව මිහිදන් කළා. මේ ආරංචිය අහපු ගමන් මාලිගාවේ මඟ බලන් හිටපු මාරියන්ගේ පපුව පැලිලා, සිහිසුන් වෙලා බිම ඇදගෙන වැටුණා. රෑ මීදුම අස්සේ හොරෙන්ම කැලේට ආපු මාරියන්, ඒ අලුත් සොහොන උඩ සුදු මලක් තියලා, "මගේ ආදරේ... මතු ආත්මෙක හමුවෙමු" කියලා සමුදුන්නා. ජෝන් කුමාරයා සිංහාසනේ ඉඳන්, "අන්තිමේදී ඒ කැරලිකාරයා ඉවරයි!" කියලා උපහාසෙන් වයින් බිබී හිනාවුණාට... ඌ දැනගෙන හිටියේ නෑ එක දෙයක්. මිනිහෙක්ව මරන්න පුළුවන් වුණාට, ඌ දුප්පත් මිනිස්සුන්ගේ හිත්වල පත්තු කරපු අභිමානය මරන්න බෑ. අදටත් ශර්වුඩ් කැලේ මැද්දෙන් මහා රෑට හීනි හොරණෑ හඬක් එක්ක, ඊතලයක් හුළඟ කපන සද්දේ ඇහෙනවලු ☺️💔🔥
2026-09-09 02:13:34
56
cricket12368999
SL CRICKRT 🏏💔 :
රොබින් මැරෙනවා බන් මැරුණට පස්සේ තව රොබින් කෙනෙක් එනවා රොබින් වගේම ඇත්ත කතාව💔
2026-09-05 02:20:14
260
ashenyeshitha
😉Yeshitha ashen💗🤭" :
රොබින් කියලා අැත්තටම කෙනෙක් හිටියද කොහොද එ කාලෙත් තියේන්නේ
2026-09-10 02:09:31
1
manelkarunarathna6
Mira Nightingale ✍️ 📖 🍁 :
කතාව කියෙව්වට පස්සෙ මාරම දුකක් දැනුණේ...
2026-09-05 02:38:24
140
nilesh.sameera
n ɩ ɭ e s h 🌿 :
රොබින් වයසට ගිහාම අසනීප වෙලා කන්‍යාරාමයකට බෙහෙත් ගන්න යනව ඒ කන්‍යාරාමේ ප්‍රදාන කන්‍යා සොහොයුරිය සර් රොජර් ට පාවා දීල රොබින්ගේ නහරයක් කපල ලේ ගලාගෙන යන්න දීල යටින් බාජනේකට වැටෙන්න තියල කාබරේ දොර වහල යනව .. මැරෙන්න ආසන්න උන රොබින් නලාවක් පිබල කන්ඩායමේ විශ්වාසවන්තය උන ලිට්ල් ජෝන්ව ගෙන්න ගෙන කාබරේ ඉදල අවසාන ඊතලය විදිනව ඒ ඊතලය වැටෙන තැන රොබින්ව මිහිදන් කරන්න කියල 💔 ජනකතාවලට අනුව ඔහොමයි
2026-09-05 11:48:09
84
user553813837109076
නිසන්සලා වීරසේන :
අපි ආසාවෙන් බලපු රොබින්ගෙ ඇත්තම කතාවද මේ..😢
2026-09-05 02:20:47
72
tharu__page2
𝔗𝔥𝔞𝔯𝔲 𝔓𝔞𝔤𝔢 🫀 :
captain plzz
2026-09-09 05:42:32
1
bts_army_danu07
TAE TAE Vibe Girl 🌹🌹🍓💜💜🐯 :
අනේ ඒකේ අවසානය දුක්බරයි 🥺🥺🥺🥺🥺🥺🥺🥺
2026-09-09 16:24:16
4
cloudyheart717
cloudyHeart☁️🥀! :
රිචඩ් ට මොකද වුනේ
2026-09-05 04:06:32
27
nethu3600
nethu :
රොබින්හුඩ් නවල් එක ගත්තා... එක ම එක පාරයි කියව්වේ ආපහු කියවන්න හිතුන්නෑ... මට ඇඩුනා ඒ තරමට දුකයි 🥺💔
2026-09-05 18:41:59
17
argos4466
_ MA DU SH _ :
මගේ පොඩි කාලෙ වීරයා බන් ඒ කාලෙ ඉඳලා මමත් දුන්නක් හදාගෙන ඉදියෙ රොබින් වගේ 😓❤️
2026-09-05 15:01:43
8
m_a_d_u68
𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐢 ||💓🩵⚡"ᥫ᭡ :
කතාව කියෙව්වට පස්සෙ මාරම දුකක් දැනුණේ...
2026-09-05 16:43:50
9
shana.lone
𝑺𝒉𝒂𝒏𝒂 🧿 :
ඒ වගේම මෙහෙමත් දෙයක් තියෙනවා 🥺 රොබින් මැරුන ප්‍රසිද්ධම ආකාර දෙක මේ දෙක ( But මේ ලියල තියෙන කතාවයි Real Story💔 ). 1- මන් කිව්ව කතාව, කන්‍යා සොහොයුරියගේ ලේ යන්න දීලා පාවාදීම, 2- ඊලග එකත් පට්ට අවුල් සීන් එකක්, මෙරියන් අතින්ම රොබින්ට වස දීපු සීන් එක. මේකේ හැටියට රොබින් සටනකින් දරුණු විදිහට තුවාල වෙලා, මැරෙන්න ඔන්න මෙන්න තත්ත්වෙට වැටෙනවා. රොබින් සතුරන්ගේ අතට අහුවෙලා වධ විඳිනවා බලන්න බැරි තැන, අනික තමන්ගේ ඇස් ඉස්සරහා එයා දුක් විඳලා මැරෙන එක දරාගන්න බැරි තැන, මෙරියන් බෙහෙතක් කියලා රොබින්ට වස දෙනවා. හැබැයි මෙරියන් රොබින්ව විතරක් මරලා පැනලා යන්නේ නෑ; ඒ ඉතුරු වෙච්ච වස ටික මෙරියනුත් බොනවා. රොබින්ට තේරෙනවා මෙරියන් මේක කළේ ආත්මාර්ථකාමීකමට නෙවෙයි, තමන්ට තියෙන පිස්සු ආදරේ නිසා කියලා. අන්තිමට රොබින් තමන්ගේ දුන්න අරන් අන්තිම ඊතලය විදලා ජෝන්ට කියනවා, මේ ඊතලේ වැටෙන තැන මාවයි මෙරියන්වයි දෙන්නවම එකට වලදාපන් කියලා. දෙන්නම අන්තිම හුස්ම හෙළන්නේ එකට බදාගෙන. 🥺💔
2026-09-05 12:05:33
47
shana.lone
𝑺𝒉𝒂𝒏𝒂 🧿 :
රොබින් හුඩ් ට මෙච්චර ආදරේ මන් වගේ අය මෙච්චර ඉන්නව කියලා දන්නෙ දැන් ඒ වෙනුවෙන් මගෙන් හොදම දේ විදිහට - The Merry Adventures of Robin Hood මේ පොත හොයාගෙන කියවන්න Robin ගේ Real Life එක ගැන ලොකු Idea එකක් ඒකෙන් ලැබෙනවා 🥺🙏 මන් මේ වගේ පොත් 16ක් කියවල තියෙනවා ( world High level Books ) ඒක ඔක්කොගෙන්ම. real Story හොයාගන්න පුලුවන් 🥺🙏
2026-09-05 19:30:39
9
vimulk01
Vimu😼❗ :
Hiru එකේ ගිය cartoon ඒකේ මැරුණ episode එකක් නෑනේ නේද 🙂💔
2026-09-05 14:37:12
7
sl.meruva._
™🍻🍫 :
🥺
2026-09-05 07:22:50
5
kaveeshamihirang373
Silent 🌊❤️‍🩹 :
රොබින්ගෙ අනිත් යාලුවෝ කෝ
2026-09-05 02:36:02
15
To see more videos from user @shana.lone, please go to the Tikwm homepage.

Other Videos


About