@nc.quotes0: කොච්චර හිත ශක්තිමත් කරගෙන හිටියත්, රෑ නිහඬ වුණාම හිත ඇතුළෙන් එකම ප්‍රශ්නයක් ආයේ ආයේත් ඇහෙනවා...🥺 "මට ආදරේ කරන්න බැරි තරම් මගේ අඩුම මොකක්ද...?" කියලා... 💔 මමත් කෙනෙක්ට මුළු හිතෙන්ම ආදරේ කළා... වෙන කිසිම දෙයක් නොඉල්ලා, මගේ ළඟ ඉන්න එක විතරක් ඉල්ලලා... 😔 එයාගේ සතුට වෙනුවෙන් මගේ දුක හංගගත්තා... එයාගේ හිනාව වෙනුවෙන් මගේ කඳුළු පිසදාගත්තා... එයාට මාව ඕනේ නැති වෙලාවකත් එයාට කරදරයක් නොවී නිහඬව ඈත් වෙලා හිටියා... 💔 ඒත් අවසානයේ මට ඉතුරු වුණේ මම ආදරේ කළ කෙනා නෙමෙයි... එයාගෙන් ඉතුරු වුණ මතක ටිකක් විතරයි... 😔 කෙනෙක්ව රැකගන්න පුළුවන් තරම් රැකගත්තමත්, කෙනෙක්ව තියාගන්න පුළුවන් තරම් උත්සාහ කළාමත්, අවසානයේ එයා යන්න තීරණය කළොත් අපිට කරන්න දෙයක් නෑ නේද...? 🤍 ඒත් යන කෙනාට අපිට අමතක කරන්න ලේසි වුණාට, ඉතුරු වෙන කෙනාට ඒ මතක එක්ක ජීවත් වෙන එක එච්චර ලේසි නෑ... 🥀 අදත් කවුරුහරි "ඔයාට ආදරේ කරන්න කෙනෙක් නැද්ද?" කියලා ඇහුවොත්, මට කියන්න තියෙන්නේ... "හිටියා..." කියලා විතරයි. මොකද මාව ආදරෙන් බලපු ඇස් දෙකක් තිබුණා... මගේ හඬ අහන්න ආස කරපු කෙනෙක් හිටියා... මගේ කුඩා දුකක්වත් ලොකු දෙයක් කරගෙන අහපු කෙනෙක් හිටියා... ඒත් ඒ හැමදේම දැන් අතීතයක් විතරයි... 💔 සමහරවිට මගේ වැරැද්ද ආදරේ කළ එක නෙමෙයි... වැරැද්ද වෙන්න ඇත්තේ මට ආදරේ නොකරන කෙනෙක්ට මගේ මුළු හිතම දීපු එක... 😔 ඒ නිසා අද මම කාගෙන්වත් "මට ආදරේ කරන්න" කියලා ඉල්ලන්නේ නෑ... මට ඕනේ මාව තෝරගන්න කෙනෙක්... මාව අහිමි වෙයි කියලා බය වෙන කෙනෙක්... මගේ නිහඬකමත් තේරුම් ගන්න කෙනෙක්... මගේ හිනාව පිටිපස්සේ තියෙන දුකත් දකින කෙනෙක්... මොකද ආදරේ කියන්නේ කෙනෙක්ව තමන් ළඟ තියාගන්න එක විතරක් නෙමෙයි... කෙනෙක්ගේ හිත තවත් එක පාරක්වත් නොකැඩෙන විදිහට ආදරෙන් රැකගන්න එක... ❤️🩹 ඒත් අදටත් මගේ හිතේ කොහේ හරි පුංචි ප්‍රශ්නයක් ඉතුරු වෙලා... "ඇත්තටම මම ආදරේ ලබන්න තරම් වටින කෙනෙක් නෙමෙයිද...?" ඒ ප්‍රශ්නයට උත්තරයක් නැතිව හැම රෑකම මම නිහඬවම කඳුළු එක්ක නිදාගන්නවා... 😔💔🥀 #ncquotes #trending #fyyyyyyyyyyp #foryou #fypシ゚viral
𝐍© 𝐐𝐔𝐎𝐓𝐄𝐒 ᥫ᭡
Region: LK
Saturday 05 September 2026 12:47:17 GMT
Music
Download
Comments
Sudda :
Caption eka denna
2026-09-06 06:57:26
1
❱ ♡ "𝙊 𝙎𝙐𝙈𝙄𝙔𝘼" ►💗🐣" ▮ :
💗💗💗
2026-09-06 01:44:22
1
𝘚 🦕 :
😮💨
2026-09-05 17:54:58
1
සුද්දා 😍😍😍😍 :
@Oshani Dasunika ❤️🩹
2026-09-06 11:08:19
1
To see more videos from user @nc.quotes0, please go to the Tikwm
homepage.