@sachie_0220: අම්මේ… එදා ලස්සන මනාලියක් වෙලා ඔයාගේ ගෙදරින් පිටවෙලා යද්දි, මම හිතුවේ එදා තමයි මගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදය පටන් ගන්නේ කියලා… ඒත් ඒ දවසේ මට නොතේරුණු එක දෙයක් තිබුණා… මගේ අලුත් ලෝකෙට මම යද්දි, ඒ අරන් ගියේ ඔයාගේ ලස්සන ලෝකෙන් කොටසක් නේද කියලා..... එදා මගේ අත අතහැරලා සතුටු කඳුලින් ඔයා හිනාවුණාට ඒ හිනාව පිටිපස්සේ තිබුණු කඳුළු මට තේරුණේ ගොඩාක් කාලෙකට පස්සේ අම්මේ.... ඉස්සර “අම්මේ” කියලා කතා කළාම ළඟින්ම ඇහුණ “ඇයි පුතේ…” කියන හඬ, අද දුරකථනයෙන් ඇහෙද්දි ඒක හිතට දැනෙන විදිය හරි වෙනස්.... ඉස්සර ඔයා හදලා දුන්න කෑමක අඩුපාඩුවක් හොයපු මට, අද ඒ රස ආයෙත් එක පාරක් විඳින්න තිබුණා නම් කියලා හිතෙනවා.. ඔයා කියපු සමහර දේවල්වලට "හරි අම්මේ" කියලා නෝක්කාඩුවෙන් අහක බැලුවට අද ඒ වචන එකින් එක ජීවිතේ ඇතුලේ ඇත්ත වෙද්දී ඔයා කොච්චරනම් හරිද කියලා තේරෙනවා අම්මේ... අද මටත් ලස්සන පවුලක් තියනවා මගේම වගකීම් තියනවා දවස පුරාවට විසදන්න දේවල් තියනවා ඔයාගෙන් ඉගනගත්තු ආදරේ , ඉවසීම, නිහඬව දරාගන්න හැටි ඒ හැමදේම මගේ හුස්මට මිශ්‍රවෙලා එදා ඔයා ගිය පාරේ අද මම හරි ලස්සනට ආදරණීය හිතකට බිරිඳක් වෙලා චූටි පුංචි හිතකට අම්මෙක් වෙලා ඔයාගේම අඩිපාරේ යනවා ඒ හැමදේම අතරේ, ඔයා වගේම මමත් දැන් මගේ පුංචි ලෝකෙ අතහැරෙන්න නොදී ජීවිතේ තදින් අල්ලගෙන ඉන්නවා අම්මේ ඒත් හිතට මහන්සි දවසක හැමෝම අතරේ හිටියත්, හිත තනිවුණු වෙලාවක, තාමත් මට ඕනේ ඔයා ළඟට ඇවිත් ඔයාගේ උරහිසට ඔළුව තියාගෙන ටිකක් නිහඬව ඉන්න විතරමයි අම්මේ… “ගෙදර” කියන වචනය ඇහුණම අදටත් මගේ හිතට මුලින්ම එන්නේ මම හැදුණු බිත්ති හතර නෙවෙයි… ඒ බිත්ති හතර ඇතුළේ මම වෙනුවෙන් හැමදාම මඟ බලාගෙන හිටපු ඔයාව… මම දන්නවා අම්මේ… අදටත් ඔයාගේ ඇස් මං එන පාර දිහා බලාගෙන ඇති… ඉතිං..එදා මාව තුරුල් කරපු ඒ අත්වලින්ම මගේ පුංචි ලෝකෙත් තුරුල් කරගන්න මට දුන්නු ඒ ආදරේම එයාලටත් දෙන්න ඔයා මග බලන් ඉන්නවා ඇති.. ඉක්මනින්ම එන්නම් අම්මේ… පුරුදු සෙනෙහසින් ආයෙත් ඉස්සර වගේ ඔයාගේ තුරුලේ ටිකක් නවතින්න… එතකම් මඟ බලාගෙන, පරිස්සමින් ඉන්න මගේ අම්මේ… 🤍 -Sachie-✍️ #fypシ #goviral #100kviews #amma #srilanka
𝐒𝐚𝐜𝐡𝐢𝐞 🥀
Region: AU
Sunday 06 September 2026 04:40:09 GMT
Music
Download
Comments
Dilu Dissanayake :
මේවා කියවන්න බැහැ අනේ... 🥺♥️ලෙඩක් දුකක් නැතුව අපිටත් වඩා කල් ඉන්න ඕන අම්මලා තාත්තලා ♥️♥️
2026-09-07 07:19:19
31
sachi❤️🧚 :
ඇඩෙනවා මේ වචන වලට 😔💜️
2026-09-07 04:34:12
12
tharu :
Godaaaaaak adarei mage amme....mage pana oya..🥺❤️😘💞🌍🌍🌹🫂🫂🫂🫂🫂
2026-09-23 06:50:15
1
AISAa_muzic editz :
eth mn mge ammage hitha kochra riddala aty d😔😔🥺💔
2026-09-23 03:34:07
1
Kumari weeraseekar :
ලොකූ ඔයාගේ හුස්ම ඇතුළෙ මං ඉන්නවා. ඔයාගේ ඇස් දෙකෙ ඉවසීමෙ ශක්තිය වෙලා ඉන්නවා. ඇට මස් ලේ නහර වල දරා ගැනීම වෙලා ඉන්නවා. මාව අම්මෙක් කළ පිනම ඇති සසර පුරාවට සැනසීමෙන් ඉන්න. ආදරෙයි ලොකු පරිස්සමට ඉන්න ඛුදු සරණයි ආදර අම්මා.
2026-09-07 15:03:55
6
kesha.🥀 :
අම්මා ..ගෙදර ඉද්දිත් කන්න බබා කන්න කියන අම්මා දැන් තුන් වෙලට වඩා කොල් අරන් කෑවද කියලා අහනවා ..තාත්තා නැති උන දා ඉදන් මාව වෙන ගෙදරකට දුවෙක් කරන්න ඔයා විදපු වේදනාව මං දැක්කා අම්මේ .මං හරි ලෝබයි ඔයාගේ ආදරේට ...🫂🩷🥹
2026-09-07 03:02:08
1
Ashu :
අනේ ඒ වචන ටික.....ආදරණිය පවුලක් ඇතුලේ හැදුණු හැම දුවෙක්ගෙම හැගීම් ටික.... 🥺❤️
2026-09-07 11:50:26
4
pahandi..💫🤍✨️ :
ඇස් වලට කදුලු ආවා මේ වචන වලට... ❤️🥹
2026-09-07 10:01:16
2
thisaraweerakkody :
අනෙ මගෙ අම්මා ලගට යන්න තියේ නම් 🥺
2026-09-06 19:41:57
1
𝕊𝔸ℕ𝔻𝕌ℕ :
අම්මා
ඒ වචනේ ඇහුනත් හිතට මහා ලොකු සැනසීමක් එනවා..
2026-09-09 05:17:17
1
padmini :
hodatama aduna meka balala
2026-09-08 05:08:18
1
Nimeshi_ :
lassanai 🥰🥰😥
2026-09-07 15:28:57
1
Rash💫🩶🔐 :
Anee harima lassnaai🥹❤️❤️
2026-09-08 10:30:19
1
🧿ShaViDiaries🧿 :
Caption pls
2026-09-06 13:23:57
5
Chinthi :
Harima lassanai nangi 🩷
2026-09-08 21:38:41
1
Ruth Fernando :
mage amma
2026-09-07 09:39:56
1
~Sithu🐼💗 :
E wachana ❤️
2026-09-06 20:47:32
1
AISAa_muzic editz :
😭😭😭💔💔💔mge ammai thathai ledak dukak ntuwa hmadama jeewath wenn oni 🤲🏻🤲🏻🤲🏻
2026-09-23 03:32:02
1
pamudissanayaka :
අනේ මගේ අම්මාත් ලග හිටියනම්....😔
2026-09-07 21:44:53
1
.ඉමා. :
🥺❤️🩹 බැන්දට පස්සේ අම්මා ගැන ගොඩක් දේවල් තේරුනා අම්මේ. 🥺❤️🩹ගොඩක් ආදරෙයි අම්මා ❤️🩹❤️🩹😘💓💕
2026-09-07 14:26:01
1
shanu :
මගේ අම්මා හිටියනන් මම් එයා ලගට දුවන් ගිහින් ඇති..😔 එයාත් මම් ලගට දුවන් ඇවිත් ඇති...අම්මා 🥺😔
2026-09-07 14:30:23
1
Sama 🇱🇰🇦🇺 :
ඇස් වලට කදුළු එන වචන 🥺
2026-09-07 02:17:09
1
sadi :
අම්මා 🥺❤️
2026-09-07 02:49:15
1
Mashee Mahagama :
ඒ වචන 🥺🥺
2026-09-07 05:37:30
2
Tani in 🇬🇧 :
Anee eka Mara vidiyata hadawathata wadinawa 🥰
2026-09-08 18:06:13
1
To see more videos from user @sachie_0220, please go to the Tikwm
homepage.