@insidepolitics808: මහින්ද නාමල් බලන්න වැලිකඩ යන එකට ඊයේ පෙරේදා ඇච්චො බැච්චො ටිකක් විහිලු කරලා තිබ්බා මහින්ද කියන්නේ උඹලගේ හීන ලෝකේ ඉන්න ලපයි සිපයි වීරයො වගේ නෙමේ බන් රියල් චරිතයක්. සාම කාලේ මඩු පල්ලියේ උත්සවේට ආරාධනා ලැබිලා කොටි පාලන ප්‍රදේශය නිසා හමුදාවට යන්න බෑ කොටි ආරක්ෂාව දෙන්නම් කිව්වාම, "මම ඊළඟ අවුරුද්දේ උත්සවේට එන්නම්, මෙහෙන් කොටි පන්නලා හමුදා ආරක්ෂාව එක්කම" කියපු, ඒක කරල පෙන්නපු පොරක් මිලිබෑන්ඩ්ලා කුෂ්නර්ල ඇවිල්ලා යුද්ධෙ නවත්තන්න කිව්වම අපි උඔලගෙ යටත් විජිතයක් නෙමෙයි කිව්ව පොරක්. කුජීත වුනු මිලිබෑන්ඩ් කුෂ්නර් ජෝඩුව "අපි ඔබතුමාගේ මිතුරන්" කිව්වම "මම මිතුරන් සතුරන් හොඳට අඳුනනවා" කිව්ව නාහෙට නාහන ඩයල් එකක්. ඉන්දියාවට ගිහිල්ලා මන්මෝහන් බැලන්ස් කරලා පාකිස්ථානෙට ගිහින් යුද ආධාර ගත්තු පොරක්. පලස්තීනයට ගිහිල්ලා එහෙට උදව් කරල තමන්ගෙ නමින් පාරත් විවෘත කරලා, ඊට පස්සේ ඊශ්‍රායලයට ගිහින් නෙතන්යාහු එක්ක හිනාවෙලා ටෝක් කරපු මිනිහෙක්. යුධ අපරාධ කරලා චාල්ස් කුමාරයා එනකොට අත අත දෙන්න පුලුවන්ද කියල බටහිර මීඩියාකාරයො ඇහුවම, "මම අතට අත දෙන්නෑ මම ආයුබෝවන් කියල ආචාර කරන්නේ ඒකයි අපේ ක්‍රමය" කියල චාල්ස් ලොක්ක ආවම ආයුබෝවන් කියල පොරටත් ඒක පුරුදු කරපු මිනිහෙක්. ලෝකේ භයානකම ත්‍රස්තවාදියාට නන්දිකඩාල් කලපුවේ අමුඩ ගස්සවපු රියල් චන්ඩියෙක්. ඒ කරෙත් සරත් ෆොන්සේකා වගේ පොරවල් ආමි එකේ තියාගෙන. ලෝකේ මීලඟ බලවතා චීනය බව කලින්ම දැකලා ෂී ජින්පින් එක්ක ෆිට්වෙලා පොරව ලංකාවටත් ගෙන්නලා රටට උදව් ගත්ත මිනිහෙක්. ජනාධිපතිකම හින්ද බැබලෙන්නේ නැතුව ජනාධිපති කියන තනතුරට තමන් හින්ද ගෞරවය අරන් දීපු පොරක්. වැරදි ඇති. ලංකාවෙ දේශපාලනය කියන්නේ මල් යහනාවක් නෙමේ. ඕනවට වඩා සරල වෙන්න ගියොත් මේකෙ උන් කරේ නැගලා ගහන්න එනවා. ගෝඨාට වුනේ ඒක. ඒ නිසා වැරදි වලට වඩා රටේ දැවැන්ත සේවයක් කරපු මිනිහෙක්. දැන් ඉන්න කයිවාරු කාරයො වගේ රටට ජාතියට වරදක් මහින්ද කරල නෑ. සරලවම කිව්වොත් රටේ මිනිස්සුන්ට අභයදානය දීපු නායකයා. ඒක මිල කරන්න බැරි දෙයක්. ජීවිතය තරම් වටින දෙයක් තියනවද ? බෝම්බ පුපුරන කොළඹ, කොටි පනින මායිම් ගම්මානවල, යුද්ධෙ කාලෙ කරක් ගහලා මගේ අත්දැකීමෙන් ඒක මම දන්නවා. ධනපති ඉහළ පංතියයි, ග්‍රාමීය පහල මැද පංතියයි හිටපු රටේ ආර්ථික ප්‍රසාරණය කරල මැද පංතියක් හැදුවේ මහින්ද. අද මහින්දට සාප කරන ගොඩක් උන් ඔය ග්‍රාමීයව ඉඳලා මැද පංතියට පැනගත්තු උන්. 2005 ට කලින් උඔලගෙ ගම් තිබ්බ විදිහ පවුල් ජීවත් වෙච්ච විදිහ වයසක මිනිස්සුන්ගෙන් අහල බලපල්ලා. ඒ නිසා මහින්දට උඔල එක්ක තරහක් නෑ. මේ රටේ ඉන්න දේශපාලඥයො එක්ක තරඟයක් නෑ. තඹුත්තේගම රංබණ්ඩගෙ කොල්ලල එක්ක තරඟයක් නෑ. ඔය කොල්ලන්ගේ ජීවිත බේරගන්න 88 89 ජිනීවා ගියේ මහින්ද. මහින්ද ඉන්නේ වෙනම ලෙවල් එකක. දුටුගැමුණු, පරාක්‍රමබාහු, සීතාවක රාජසිංහ, විමලධර්මසූරිය වගේ රජවරු එක්ක එක ලෙවල් එකේ තියන්න පුලුවන් ලංකාවෙ බිහිවුන එකම ජනාධිපති. මුවමර් ගඩාෆිලා, හියුගෝ චාවේස්ලා, අල් කමේනිලා එක්ක බටහිර ලෝකයට අභියෝගයක් උන මිනිහෙක්. බටහිර බලවත්තු පරගල තක්කඩි ටික ෆෝම් කරලා ට්‍රයි කරත් මරන්න බැරිවුනු මිනිහෙක්. ඒ සෙට් එකෙන් තාමත් ජීවත් වෙලා ඉන්නේ මහින්ද විතරයි. දැන් අවුරුදු 81 ක්. රෝන් ජෙනරේසම මැරියන් කියලා සාප කරද්දී මහින්ද පරම ආයුෂ විඳලා ඉවරයි. කවද හරි මහින්ද මහත්තය යයි. හැබැයි ඉතිහාසය එතුමාව තියන්න ඕන තැන තියයි. මහාවංශයේ පරිච්ඡේදයක් වෙන් වෙයි. #srilanka #adaderana #hirunews #namalrajapaksa #mahindarajapakshe
Inside Politics
Region: LK
Monday 07 September 2026 05:04:36 GMT
Music
Download
Comments
Navodya :
මම මේ පෝස්ට් එකට ලයික් 100000 උනත් දානාවා පුලුවන් නම්. ඒ තරම්. ඇගේ මයිල් කෙලින් වෙන වචන ටිකක් .ලොකේ බුදුන් ජේසුන් අනුකුත් ආගම වල නායකයො ඇරුනාම සේරම හොද නෑ. මොකද මිනිස්සු හින්දා.මහින්ද මහත්තයා කරපු කිසිදු දෙයක් ආයේ මේ එකෙක්ට කරන්න බෑ දැන් ඉන්න. කිවුවා වගේ හැමෝටම හොදට හිටියනම්. ගෝටාබය මහත්තයට උන දේමයි වෙන්නෙ.දීර්ඝ ආයු ඔබ තුමාට. ❤️🙌
2026-09-07 12:19:58
17
Semini Disanayaka :
නැගෙනහිර ඉපදුනේ බයෙන්... 🥺 හෙලිකොප්ටස් යනකොට ගේ ඇතුලට දුවලා හැංගුන අතීතයක් තිබ්බා.... යුද ටැංකි පාරේ යනවා බලන් හිටියා....🥺 එහෙම ළමා කාලේ පටන් ගත්තා අපි අද අපෙ අම්මලට බය වෙන්න කියලා කිසිම කාරනාවක් නැතුව කොළඹ ඇවිල්ලා ඉගෙන ගන්නවා....
එතුමා නිසා තමා මෙහෙම නිදහසේ ඉන්නේ...❤️ඒ කාලේ දැන් මේ ඉන්න මිනිස්සුත් බයේ හැංගි හැංගිනේ හිටියේ...😂
කොහොමත් ලංකාවේ ඉන්නේ කල හොද අමතක කරලා වැරදි විතරක් දකින මිනිස්සුනේ...🥺 ඉතින් කොහෙද හොද මතක හිටින්නේ.... 😂
කාට නැත්තත් මායින් ගම්මන වල ජීවත් උන අපිට මෙතුමව මාර වටින චරිතයක්.❤️
2026-09-07 12:53:04
74
Saj :
මගේ ජීවිතේ මන් දැකපු එකම ජාතික වීරයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰
2026-09-07 07:47:53
20
🙃 :
එයා නැත්නම් දැන් ජනාධිපති වෙන්න අනුරත් නෑ 💗
2026-09-07 08:15:49
88
🇱🇰 Deepi🇧🇭 :
එදත් අදත් එකෙන්ම රෙස්පෙක්ට් කරනවා එතුමට.අපිට දේශපාලනය වැඩක් නෑ හැබැයි කොන්ද කෙලින් තියාන වැඩකරපු නායකයෙක්..අපි බය නැතිව මේ ලංකාවෙ ජීවත් වෙන්නෙ එතුමාගේ අනසක යටතෙ අපේ ආමි කොල්ලොන්ගෙ ජීවිත පූජ කරලා බේරගත්ත රට නිසා..දැන් කවුරු මොනා කීවත් හිටපු නියම ජනාදිපති එයා තමා..මේ පෝස්ට් එක දාපු කෙනා කියලා තියෙන්නෙ 100/100ඇත්ත..දැන් ඉන්න උන් මොනා දන්නවද ..දුකයි ඇත්තටම.❤️
2026-09-07 10:26:43
35
DILA 🍁🍁 :
මහින්ද මහත්තයා යුද්දේ ඉවර කරලා මේ දේශයට සමගිය ගෙනත් දුන්න සදා නය ගැති අපි .ඒත් 2029,නියත ජනපති AKD තමා මහත්තයො ..
2026-09-07 07:11:22
35
Dilshan Fernando :
දුටුගැමුණුලා ගැන අහුවෙ පොත් වලින් හැබැයි ඇස් දෙකට දැක්ක රජෙක් MR...❤️
2026-09-07 14:26:26
10
user danuka dilshan 😎😎 :
දුටුගැමුණු/ පරාක්‍රමබාහු/ සිතාවක රාජසිංහ/ විමලධර්මසූරිය /මහින්ද රාජපක්ෂ ❤️❤️🥰💪
2026-09-07 11:12:53
45
Purna Kavindu✨ :
ලංකාවේ මිනිස්සුන්ට කොහොමත් හොද පේන්නෙ නැහැ වැරදි විතරයි පේන්නෙ. 👎
2026-09-07 13:13:58
6
P💙🔐 :
හදවතින්ම ආදරේ කරන නායකයා🥰
2026-09-07 08:01:05
18
iam pali :
රටට කෙලපූ විදිහත් දාපං බං එතකොට සම්පුර්නයි
2026-09-07 11:33:25
13
✨️S-A-M-A-N✨️♨️ :
මමත් මාලිමාවට .... හැබැයි මේ පොස්ට් එකට like 100k දාන්න පුළුවන් නම් දානවා.. කතාව ඔක්කොම 100% ඇත්ත. පසු කාලිනව වටේ හිටපු පිරිස් විසින් ..... නෑ ඒවා ඕනෙත් නැහැ හදවතින්ම ආදරෙයි වචන ටිකට ඊටත් වඩා මහින්ද මහත්තයාට..💐
2026-09-07 07:41:53
60
🧿 P I Y U M I 🦋 :
මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න කාලෙර් තමයි අපිට ඉගෙන ගන්න ජනාධිපති ශිෂ්‍යත්ව හම්බ උනේ...එතුමාට පිං...අම්මා තාත්තා අපිට උගන්නවන්න මහන්සි වෙද්දි ඒකට පොඩි හරි හයියක් උනේ මෙතුමා..එතුමාට පිං...
2026-09-07 07:10:01
77
හිතුවක් කාරයා 😎😎 :
අදටත් රටේ බයක් නැතුව හුස්මක් ගන්නේ ඔබතුමා ඇතුලූ රට වෙනුවෙනෙ දිවිපිදූ වීරෝදාර රණවිරුවනන් සියලු දෙනා නිසා 🌹🌹❤️❤️
2026-09-07 05:12:43
48
Thanks mother universal :
ආදරෙයි වචන ටිකට 🙏🥰
2026-09-07 07:05:35
23
Amila Fernando :
දැන් ඉන්න පොඩි උන් මේවා දන්නෙත් නැහැ👌❤️🇱🇰🦁
2026-09-07 10:29:08
15
තීක්ෂණ ලියනගෙ🖤🌀🔥 :
mahinda rajapaksha is the number of hero 🖤🔥🔥🔥🔥🔥🔥🔥🔥
2026-09-07 15:14:59
0
Pini :
හදවතේ නායකයා 💕💕💕💕
2026-09-07 08:03:48
5
🩷💕තනිකමට ආදරේයි❣️❣️ :
පුංචි ලමයෙක් ඇහුවත් තවම කියන්නේ ජනාධිපති මහින්ද මහත්තයා ගෙ පොටො පෙන්නලා
ඔහුට ඔහුගේ ගෞරවය හිමි විය යුතුය හැමදාම ...... ආදරනීය රනවිරැවන්ට වගේම මෙතුමාට ට අපි සදා නය ගැතියි💖💖❤️respect
2026-09-07 10:45:36
12
krishani geekiyanage :
එකෙන්ම ජය[Pray] නාමල්ව නම් මම දන්නේ නෑ ඒත් මහින්ද මහත්තයා ඉල්ලනවනම් මාත් එයාට
2026-09-07 11:40:29
8
Manusha 💕🌹!! :
මොනා උනත් ඇත්ත කතාව 🔥❤️ආයේ එහෙම සතුටු යුගයක් එන්නේ නෑ 💔
ඒකාලේ තෙල්,වාහන මිල 🙁💔.ඒකට අද අපරාදේ ❎
2026-09-07 06:56:45
25
란잔🇱🇰 :
හදවතින්ම අපේ නායකයා❤️
2026-09-07 07:26:33
9
↜❧❰ 𝚖𝚊𝚕𝚒𝚢𝚊 ❱❧↝ :
ආයෙ එහෙම කාලයක් එන්නැ 🥺❤️
2026-09-07 07:27:06
9
RoosH :
මහින්ද ලොක්කාට එ respect එක හැමදාම තියනවා බල තනනවෙන් දැගලුවේ නැත්තම් 👈
2026-09-07 12:11:34
6
To see more videos from user @insidepolitics808, please go to the Tikwm
homepage.