@ssc.cricket.offic: ⛔⛔⛔🚨 𝙍𝙀𝘾𝙊𝙍𝘿 𝘼𝙇𝙀𝙍𝙏 🥇 🛑 | ආසියානු කුසලාන WT20I ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ඉනිමක දෙවන හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට පකිස්ථාන වමත් දඟ පන්දු යවන ක්‍රීඩිකා නෂ්රා සන්ධු ඊයේ (07) සමත් වුණා. ඒ හොංකොං 🇭🇰 කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදීයි. ඇය එහිදී ලකුණු 07 කට කඩුලු 06 ක් බිඳ හෙලුවා. මෙම විශිෂ්ට පන්දු යැවීමත් සමඟ ඇය WT20I වාර්තා රැසක් අතරට එක්වී තිබෙනවා. ◼️ WT20I ක්‍රිකට් තරග ඉතිහාසයේ ICC පූර්ණ සාමාජික රටක ක්‍රීඩිකාවක් තරගයක ඉනිමකදී වාර්තා කළ දෙවන හොඳම පන්දු යැවීම. ✅ ◼️ පකිස්ථාන ක්‍රීඩිකාවක් WT20I තරගයක වාර්තා කළ හොඳම පන්දු යැවීම. ✅ ◼️ පකිස්ථාන ක්‍රීඩිකාවක් WT20I ආසියානු කුසලාන ක්‍රිකට් තරගයකදී වාර්තා කළ හොඳම පන්දු යැවීම. ✅ ◼️ මෙවර WT20I ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩිකාවක් තරගයකදී වාර්තා කළ දෙවන හොඳම පන්දු යැවීම. ✅ ◼️ නෂ්රා සන්ධු ගේ WT20I ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සහ පළමු Fifer අවස්ථාව. ✅ ඇය දෙවනි වන්නේ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට පමණයි.. ❤️ මේ පාර කාන්තා ආසියානු කුසලානයේදී දඟ පන්දු යවන ක්‍රීඩිකාවන්ට අවස්ථා වැඩියි. 👀 ඉදිරි තරගවලදිත් අපිට තව හොඳ Spells බලාගන්න පුළුවන් වෙයි 😎 #WomensAsiaCup #nashrasandhu #ChamariAthapaththu #srilankacricketfans🇱🇰🏏🤗 #srilankacricketfans🇱🇰🏏🤗

SSC cricket official
SSC cricket official
Open In TikTok:
Region: LK
Tuesday 08 September 2026 02:16:39 GMT
22414
446
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ssc.cricket.offic, please go to the Tikwm homepage.

Other Videos


About