@adaderanasinhala: තැන්නෙකුඹුර කඩ ඉවත්කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක් "අපිට ගිවිසුමක් තියෙනවා... මාසෙකට 5,000 ගානේ දෙනවා" "මෙතන ඉන්නේ දිට්වාවලින් නායගිය මිනිස්සු" මහනුවර, ගඟවට කෝරළය ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් තැන්නෙකුඹුර ප්‍රදේශයේ මහවැලි ගංගා රක්ෂිතයේ පිහිටි වෙළෙඳසැල් ඉවත්කිරීමට යාමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. අධිකරණ නියෝගයකට අනුව අධිකරණ, මහවැලි අධිකාරී නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් අද (09) එම ස්ථානයට පැමිණ වෙළෙඳසැල් ඉවත් කිරීමට කටයුතු කර ඇත. නියෝගයට අවනත නොවුණහොත් රාජකාරියට බාධාකිරීම යටතේ අත්අඩංගුවට ගන්නා බවට නිලධාරීන් දැනුම් දී තිබේ. තමන් වසර 25-30 කාලයක් තිස්සේ එම ස්ථානයේ ව්‍යාපාර කටයුතු සිදුකරන බවත්, ප්‍රාදේශීය සභාවට මසකට රු. 5,000 බැගින් කුලී ගෙවමින් සහ මහවැලි අධිකාරිය සමඟද ගිවිසුම්ගතව මෙම ව්‍යාපාර කරගෙන ගිය බව වෙළෙඳුන් පවසති. දිට්වා සුළි කුණාටුවෙන් නිවාස පවා අහිමිව සිටින තමන්ව මෙසේ පාරට ඇද දැමීම අසාධාරණ බවත් තමන් අධිකරණ නියෝගවලට ගරු කළද මේ ආකාරයේ තීන්දු ලැබීම සඳහා කරුණු ඉදිරිපත් කළ මහවැලි අධිකාරියේ නිලධාරීහු පක්ෂග්‍රාහීව කටයුතු කොට ඇති බවටද ඔවුන් චෝදනා කර තිබේ. සියලු වෙළෙඳසැල් ඉවත්කිරීමට නියෝග කර තිබියදී ජාතික ජන බලවේගයේ ආධාරකරුවෙකුගේ වෙළෙඳසැලට පමණක් අධිකරණ නියෝගයක් ලැබී නොමැති බවත් වෙළෙඳුන් චෝදනා කර ඇත. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තම නිවාස පවා අහිමිව දැඩි ගැටලුකාරී තත්ත්වයක් මත ජීවත් වූ තමන්ට මෙම තීරණය හේතුවෙන් තවත් අසරණ භාවයට පත්වීමට සිදුවන බව ඔවුන් පවසයි. මේ අතර, එම ස්ථානයට පැමිණි ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයාට සහ වත්මන් රජයටද වෙළෙඳුන් දැඩි විරෝධය පළකර තිබේ. #TVDerana #DeranaLK #adaderananews
Ada Derana Sinhala
Region: LK
Wednesday 09 September 2026 11:50:22 GMT
Music
Download
Comments
Sahira Senadeera :
අනවසර නම් අයින් කරන්න එපැයි නිතීය කාටත් එකයි.
2026-09-09 14:35:53
4
Nilu :
අනවසර තැන් සින්නක්කර විදිහටම හදලා 👀
2026-09-09 13:09:09
42
< PA ZI YA |: ⚡️🪬 :
JVP එකෙන් නුවර කෑවා.... 💔😂🙌
2026-09-09 14:52:53
11
නිසංසල හේරත් :
ලංකාවේම තියන හැම අනවසර ඉදිකිරීමක්ම හොදින් හෝ නරකින් ඉවත් කිරීම විය යුතුම දෙයක් සෑම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්
2026-09-09 19:47:01
3
rocoosa :
ඔක්කොම පාරෙ කඩ දාගත්තනම් හරි.. 🤣🤣🤣 අනිවාර්යෙන් අයින් කරන්න ඕන
2026-09-09 14:42:48
9
***💸 :
අනවසර ඉදිකිරීම් අනිවාර්යෙන් ඉවත් කරන්න ඕන.
දුප්පත් කියලා හැමෝම පාරවල් අයිනෙ කඩ දාගත්තම හරි. අනිවාර්යෙන් කඩලා ඉවත් කරන්න ඕන
2026-09-09 15:25:52
3
Daniel🥰🥰 :
okkoma ain karanda onn,kisim a anawasara ekaka thiyanda epa
2026-09-09 12:50:39
26
ලකී :
අපි ඔටනින් යන අය කඩ නිසා කිසි ප්‍රස්නයක් නැ පාරට
2026-09-09 15:31:12
2
Isuru Lakruwan :
අනවසර නම් ඉවත් කරන්න . මම පෞද්ගලිකව දුකයි ඒත් නීතියට හැමොටම එකයි
2026-09-09 13:21:37
23
HASHIM king 😂😂😂😂👍 :
මටත් ලමයි ඉන්නවා මටත් කඩයක් ඔනේ
2026-09-09 15:40:30
4
KASUN MADUSANKA :
අනේ මැන්චා ගත්ත කඩේ
2026-09-09 16:35:22
2
Arush :
පව් අහිංසක මිනිස්සු... රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ නැතුව මොකක්ද මේ ආණ්ඩුව කරන්නේ.. පස්සේ මේවා අයින් කරන්න පුළුවන් නෙ 🥲
2026-09-09 13:00:42
13
#new york levin# 🇺🇸🗽🇱🇰 :
මේ සේරම දේශපාලන පලිගැනිමකට සිදුවන බව පෙනි යනවා
2026-09-09 18:44:20
2
🇦🇪🫅𝐊𝐈𝐍𝐆RUKSHAN®️🤴™️ :
😂අලුත් වෙනසක් නේද ඉල්ලුවේ දැන් හොඳයි නේද😁
2026-09-09 13:35:17
8
lalith rohana :
මිනිස්සු හදන්න අමාරුයි රටක් ලස්සන කරන්න හදන්නෙ රටක නිතිරිති තියනවා ඔවා අයිති RD එකට ඉතින් මිනිසු දැනගන්න ඔන එ සිමාවෙන් පිට හදන්න ඔන
මේ ප්‍රස්නය ගිය ආන්ඩුවලින් හරියට නිතිරිති ක්‍රියාත්මක නොකිරිමේ ප්‍රතිඵල මේවා
2026-09-09 13:51:24
5
𝗞𝗿𝗶𝘀𝗵𝗮𝗻 𝗣𝗶𝘆𝘂𝗺𝗮𝗹 :
නියමයි 🥰🥰 AKD ❤️
2026-09-09 18:52:51
1
thowfeek :
2026-09-10 00:50:44
1
𝐖ᴇᴇʀᴀꜱᴏᴏʀɪʏᴀ׀Lᴏᴋᴜ🇳🇿💸𓆗⃧͟🪽 :
2026-09-09 15:49:24
1
Zampath Atapattu :
අනවසර...
2026-09-09 12:31:43
8
Lasith wimansha :
Ain karanna
2026-09-09 13:52:08
3
Vid :
88,89
2026-09-09 12:34:31
0
modern_island :
අනවසර ඒවා ඉවත් කරන්න
2026-09-09 13:33:51
4
_Avishka__Supun_ :
අස් කරන්න කියලා.. ටික කාලෙකටකලින් කියන්න එපැයි එක පාර ඔහොම කරහම ඒ මිනිස්සු
2026-09-09 14:41:01
2
Nilu :
අනවසර ඒවා ඉවත් කරන්න
2026-09-09 13:07:12
1
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm
homepage.