@hirunews: වත්කම් ප්‍රකාශ ලබා ප්‍රමාද වී දුන් අයට දඩ මුදල්වලින් නිදහස් වීමට හේතු දක්වන්න අල්ලස් කොමිසමෙන් අවස්ථාවක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර, ඒ සඳහා සාධාරණ හේතු ඇත්නම් ඒවා දැක්වීමට අදාල පුද්ගලයන්ට අවස්ථාව ලබා දී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. 2026.06.30 වන දිනෙන් පසුව එනම් නියමිත දිනය පසුවී 2026.08.31 දින දක්වා ඉදිරිපත් කරන ලද වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන්, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 90 වගන්තිය ප්‍රකාරව ප්‍රමාද වූ දින ගණනට අදාළව පරිපාලන දඩ මුදලක් නීත්‍යානුකූලව අය කළ යුතුව ඇතැයි ද එම කොමිසම සඳහන් කරනවා. කෙසේ වෙතත්, එලෙස පරිපාලන දඩ අය කර ගැනීමට පෙර එම ප්‍රමාදය සම්බන්ධයෙන් යම් සාධාරණ හේතුවක් ඇත්නම්, ඒ බව කොමිෂන් සභාව වෙත දැන්වීමට අවස්ථාව ලබා දීමටයි කොමිෂන් සභාව තීරණය කර ඇත්‍තේ. ඒ අනුව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80(1) වගන්තිය ප්‍රකාරව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු තැනැත්තකු වී අදාළ ප්‍රකාශ නියමිත දිනට ප්‍රමාද වී ඉදිරිපත් කර ඇත්නම්, එම ප්‍රමාදය සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදලක් අය නොකිරීමට හේතු 2026 සැප්තැම්බර් මස 30 දින හෝ ඊට පෙර ලිඛිතව (තහවුරු කිරීමේ ලේඛන ඇත්නම් ඒ සමඟ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. එලෙස යොමු කිරීමේදී ප්‍රකාශය කළ තැනැත්තාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය සඳහන් කිරීම අනිවාර්ය වන අතර, 2026 සැප්තැම්බර් මස 30 දින වනතුරුත් කොමිෂන් සභාව වෙත හේතු දැක්වීමක් නොලැබුණහොත්, ප්‍රමාදය පිළිබඳව දැක්වීමට හේතුවක් නොමැති බව සලකා පරිපාලන දඩ අය කර ගැනීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. හේතු දැක්වීම් ඉදිරිපත් කිරීමේදී තැපෑලෙන් නම් ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ “ප්‍රමාද වීමට හේතු දැක්වීම” ලෙසත්, විද්‍යුත් තැපෑලෙන් නම් Subject හි “ප්‍රමාද වීමට හේතු දැක්වීම” ලෙසත් සඳහන් කළ යුතු බවයි එම කොමිසම සඳහන් කරන්නේ. • #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Wednesday 09 September 2026 14:13:23 GMT
Music
Download
Comments
dead_midnight6 :
රටම ගිනි තියන්න ඕනෙ නම් 🔥
Just call Hiru TV 📞 +94 11 268 6670 😂
ඊට පස්සේ වැඩේ automatically වෙයි. 😌
2026-09-09 14:34:50
0
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.