@z_a_n_d_z: ගෙදරින් මොනවා උයලා දුන්නත් කන්න කැමති නැති සුදු ටිකිරි මගේ.. මේ රස කර කර කන්නේ කඩේ බත්.. එයා කඩෙන් මෙහෙම කන්නේ ගොඩාක් කාලෙකට පස්සෙලු.. ගෙදර බත් වලට වඩා රසයිලූ... ඒ කන ගමනුත් කියන්නේ එයාගෙන් අරන් තව කන්නලු මටත්.. මතක් ඇති කාලෙක ඉදන් අබ ගෙඩියක් දිවුල් ගෙඩියක් උනත් අපිට කියලා අරන් තියනවා.. තාමත් එහෙමයී.. ඒ ආදරේ.. මොනවා හරි රස දෙයක් හම්බ්බුනත් අරන් දුව එනව.. මන් දන්න කාලෙක ඉදන් මට නම් කිරිඅම්මගේ අතින් අතාගාලා හදන පොල්සම්බෝලෙත් මහ පුදුම රහයී ආදරේට මන් කියන්නේ මගේ ටිකිරි කියලා.. දැන් චූටි බබෙක් වගේ උනාට ඉස්සර කිලෝමීටර් ගනන් ඇවිදලා උකුලේ වතුර ඇදලා හේන් කුබුරු එක්ක පොරකාපු අත් කකුල් මේ.. තවටත් නිකන් ඉන්නේ නෑ.. බැනුමක් අහන්න හරි ඉදලක් කොස්සක් නම් අතින් බිම තියන්නේ නෑ.. දවසක මටත් මේම වෙයී අපේ අම්මත් වයසට යයී.. එදාට ඔයා වගේම පුංචි කාලෙට යයී අපිත්.. කිරි අම්මේ... ඒ මොනා උනත් මතක හැමදාම තියෙයි.. මන් හරි ආදරෙයී.. ඔයාට 😘🥰#goviraltiktok💫✨ #fyppppppppppppppppppppppppppppppppppppシ
ZANDY 🪬🧿
Region: LK
Wednesday 09 September 2026 18:25:39 GMT
Music
Download
Comments
Čhâmîdú チャミ *බෝලේ* 🇯🇵 :
ලංකාවට යන්න හිතෙන වීඩියෝ 🥺🥺🥺
2026-09-11 04:51:49
8
Hirushi Purijjala🚌❤️ :
Mg attmma wge🥺❤️🫂
2026-09-10 18:31:53
0
Y A Z I 🇱🇰|🇦🇪 :
මටත් ඉන්නවා මේ වගෙ අත්තම්මා කෙනෙක් එයා මට ලෝකයක් 🥺❤️🌏
2026-09-10 13:21:08
14
🍀sandani🍀 :
මම කවදාවත්ම අත්තම්මා කෙනෙක්ගෙන් සෙනෙහසක් ලබලා නෑ..ඒක හරිම හැඟීම් බරයි 🥹
2026-09-10 05:05:13
228
Hastha Kalana Colombage :
අනේ මගේ ආච්චී මතක් වෙනවා මට 🥺
2026-09-10 08:22:46
89
hasankashalani :
අනේ ආදරෙන් බලාගන්න❤️❤️මගේ ආච්ච් මාව දලා ගියාට පස්සේ ඒ දැනුන දුක අදටත් දැනෙනවා😔😔අවුරුදු 21ක් මගේ ආච්චි මාව දලා ගිහින්😔😔
2026-09-10 05:44:18
155
පුංචි සමනලී ❤️🥰 :
මමත් මගේ ඇත්තම්මට කඩෙන් දවසක් ඉදිඅප්ප අරන් දීලා අතීතරම් කන්න කිව්වා 😊 කුකුල්මස් ගෙනල්ලා දුන්නා එදා තිබුනේ කුකුල්මස් බැදලා හදලා අනේ ඇත්තම්ම කියනවා එයා කවදාවත් ඒවගේ කල නෑලු කුකුල් මස් 🥹එහෙම කියලා එයා කෑවා 😊ඊටපස්සේ එයා අස්වැසුම 2500ක් හම්බවෙනවනේ එක අරන් අර මන් කන්න අරන් දීපු කඩේටම ගිහිල්ලා ඉදිඅප්ප අරන් එදවගේ නෙවෙයි මස් එක හදලා තියෙන්නේ 😊මෙයා කාල. මට cl එකක් අරන් කියනවා අනේ දෝණි මන් ඉදිඅප්ප කන්න ගියා කලින් ගියපු කඩේටමයි ගියේ එත් එදා වගේ මස් එක දුන්නේ නැනේ කියලා 🥹ඒ මස් එකට නමක් තියෙනවද නම කියලා ඉල්ලන්න ඕනෙද අහනවා 😊අනේ පව් දෙයියනේ මෙයාල කවදාවත් කාපු නැති දේවල් කොච්චර ඇද්ද 😢... බුදුසරණයි ඇත්තම්මේ 🩷🩷🩷🩷🩷🩷
2026-09-10 05:43:22
85
M O S H I 🪽 :
මගෙ සීයා වගේ... කන්න දුන්නු බත් පිගානෙන් බායක් මට දෙනවා 😭❤️අනේ මගෙ සීයටයි ආච්චිටයි නිවන් සුවම ලැබෙන්න ඕන!!
2026-09-10 13:03:37
51
𝓥𝓲𝓷𝓾 💗🍷✨" :
මගෙ ආච්චි අම්මා තමා අම්මා තාත්තා නැතුව අවුරුදු 15ක් මාව හැදුවෙ මට දැන් අවුරුදු 20යි.මම ජොබ් එකක් කරගෙන ඉදියා කාලකණ්ණි යාලුවෙක් නිසා මගෙ ජොබ් එක නැති උනා මන් මාසයක් ගෙදර ඉදියෙ ජොබ් එකක් නැතුව මට එයාගෙ ආශිර්වාදෙන් මට ජොබ් එකක් හම්බුනා මන් ගෙදර ඉදපු මාසෙම මට කන්න බොන්න දීලා මාව බලාගත්තා.ජොබ් එක කොලබින් හම්බුනෙ බෝඩිමට සල්ලි කන්න බොන්න හැමදේම අරන් දීලා.අතටත් සල්ලි දීලා මාව ජොබ් එකට යැව්වා බාරෙකුත් උනා.ඒ මාසෙ හරි අමාරිවෙන් මන් ඇදගෙන ආවා.නොකා නොබි ඉදප්‍ය් දවසුත් තිබ්බා හැමදාම් පුලුවන් ගාන කිය කිය හරි දානවා.මට ඊයෙ ඒ මන් වැඩ කරපු දවස් 21 පඩියහම්බුනා මන් ඒක අරන් එහෙම ගෙදර ආවා.අද එයාව එක්කරගෙන ගිහින් bingchun එකෙන් කාල නැති නිසා අරන් දෙනවා.එයා pizza කාල නැ කිව්වා ඒකත් අරන් දෙනවා❤️🙂
2026-09-11 05:26:29
12
🌻🌻 :
දීර්ගායුශම ලැබේවා ආච්චි අම්මාට 🙏
2026-09-10 03:37:10
41
Nipu vithanage :
එයා කන ලස්සන බලන්නකෝ...
දීර්ගායුෂ අම්මේ..♥️
2026-09-10 03:53:52
5
thashiiiii 🌷✨ :
දීර්ඝායුෂ ලැබෙන්න ඕන අත්තම්මට 🥺❤️
2026-09-10 08:53:00
8
aanya rathnayaka :
ලස්සනට පිළිවෙලට කනවා 🥰 බත්පතේ වටිනාකම දන්න මිනිස්සු එහෙමයි 🥰 මමත් මේ වගේ වෙයි 🥰 කඩේ බත් කන්න තමයි ආසම 🥰 බුදුසරණයි කිරිඅම්මා
2026-09-10 04:21:27
13
Dasu’s Diary 🇱🇰🇸🇦 :
බලන්න අමාරු video. ආච්චම්මා කියන්නෙම සසරක්. දේවදූතියක්. දාලා ගිහින් අවුරුදු 21ක් උනත් අදටත් දකින්න ආසම හීනෙ එයා ♥️😢🥺
2026-09-10 08:18:11
6
✨Σουλα✨ :
මට මගෙ ආච්චි මතක් වෙනවා 🥺මං අවුරුද්දට වදින්න එනකං හැබිලියෙ රුපියල් 10 හංගං ඉන්නවා දෙන්න එයා උයලා දීපු තිබ්බටු එකට කුනිස්සො දාපු පොල් මැල්ලුම කිරිකොස් මාලුව අදටත් එවගෙ රහට මං කාලා නෑ ❤️🥺
2026-09-10 09:06:22
5
Lakshani Herath.🌼 :
අම්මම්මා🥺❤️
2026-09-10 11:35:44
1
damaya :
Budusaranai amma
2026-09-10 08:06:17
1
ZANDY 🪬🧿 :
මගේ කිරි අම්මට ආදරේ හැමෝටම ගොඩාක් ආදරෙයී.. ඒ වගේම එයාට දීර්ඝායු ප්‍රාර්ථනා කරපු හැමෝටම ගොඩාක් පින්.. මගේ කිරි අම්ම වගේම හැමෝගෙම කිරිඅම්මලා සීයලා නිදුක් නිරෝගී වෙන්න ඕනි.. එයාලා අපේ ලග ඉන්නේ හරි පුංචි කාලයයී.. ඒ කාලේ පුලුවන් තරම් ආදරෙන් බලාගමු.. දුක හිතෙන comments ගොඩාක් තියනවා.. ඒම තමා එයාලා හැමදාම අපේ ලග ඉන්නේ නැති උනාට ඒ මතක අපි එක්ක තියේවී.. එයලා කවදාවත් අපිව දාලා යන්නේ නෑ.. දිව්‍ය ලෝකේ ඉදන් බලන් ඉන්නවා... මගේ එකම ප්‍රාර්ථනාව මේ ලෝකෙ හැම අම්මෙක්ම තාත්තෙක්ම ආච්චියෙක්ම සීයෙක්ම සුවපත් වෙන්න ඕනි... ඒ වගේම හැමෝටම ගොඩාක් ස්තූති... ආදරනීය. Comments වලට 🙏🙏
2026-09-10 13:33:00
11
harpper :
piliwala kama gnna
2026-09-10 05:42:02
1
❇️⭕️🈹니만티 쿠마리🈹⭕️❇️ :
budu saranai 🙏🙏❤️❤️❤️❤️❤️
2026-09-10 05:07:53
1
Saku💕 :
Aneee 🫂💗
2026-09-10 05:09:40
1
🍓🍒🍄savi girl 🍄🍒🍓 :
lunui bathui anala dunnath matanm rasai ❤️
2026-09-10 07:49:40
2
Kavindiiiii 🇱🇰🇳🇿 :
අනේ මට තේරෙන වයස එනකොට ආච්චි අම්මලා දෙන්නම යන්නම ගිහින්….😭❤️🩹
2026-09-10 11:16:08
2
Sanju 🍄🌝 :
ආච්චි මතක් උනා 😒❤️
2026-09-10 06:47:56
3
To see more videos from user @z_a_n_d_z, please go to the Tikwm
homepage.