@gossip99.com: කඩුවෙල (Kaduwela) ප්‍රදේශයේදී "වාහනයේ මත්ද්‍රව්‍ය තිබෙනවා" යැයි පවසමින් පුද්ගලයන් පිරිසක් විසින් වාහනයක් නවතා රියදුරාට පහර දී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇත. අදාළ සිද්ධියේදී රියදුරාට පහර දීමේදී එහි සිටි පොලිස් නිලධාරියෙකුගේ අවධානයට ලක්ව ඇති අතර, ඔහු විමසීමේදී සැකකරුවන් තමන් ලීසිං (Leasing) ආයතනයක සීසර්වරුන් බවත්, වාහනයේ ලීසිං ගෙවීම් පැහැර හැර ඇති බැවින් එය රැගෙන යන බවත් පවසා ඇත. එහෙත් පොලිස් පැමිණිල්ලක් හෝ නිල ලිපියක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත. පසුව සැකකරුවන් තිදෙනා පැහැරගත් වාහනය සහ ඔවුන් පැමැනි වාහනයද සමඟ පොලිස් ස්ථානයට රැගෙන යන ලද අතර, පහරදීමෙන් තුවාල ලැබූ රියදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. තුවාල කරුගේ දතකටද හානිවී ඇති බව පැවසේ. පොලීසිය විසින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනවසර ලෙස වාහනය රැගෙන යාම, පොදු දේපළට හානි කිරීම සහ පුද්ගලයෙකුට පහරදීම යන චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. මේ අතර මෝටර් වාහන පනතේ 104 වගන්තියට සහ ලීසිං පනතට අනුව ලීසිං සමාගමකට වාහනයක් භාරගැනීමට අධිකරණ නියෝගයක් හෝ පොලිස් සහාය අනිවාර්ය බව පොලිස් මූලස්ථානය සිහිපත් කර ඇත. ලීසිං ගෙවීම් පැහැර හැරුණු අවස්ථාවක පවා සමාගම්වලට නීතිය අතට ගැනීමට අවසර නොමැති බවත්, එවැනි සිද්ධීන් වාර්තා වුවහොත් වහාම 119 හෝ ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් සියපත් ලීසිං ආයතනයෙන් තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත. Updates - 6.30AM... මෙම සිදුවීම සම්බන්ධයෙන් සියපත් ලීසිං (Siyapath Leasing) ආයතනය අප වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බවයි. ආයතනයේ නිල ක්‍රියා පටිපාටියෙන් බැහැරව යමෙකු කටයුතු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, නීතියට පටහැනිව වාහන රැගෙන යාම අනුමත නොකරන බවත් එම ආයතනය වැඩිදුරටත් අවධාරණය කර තිබේ. [ENGLISH SUMMARY] Three persons allegedly attached to aLeasing were arrested in Kaduwela after stopping a vehicle claiming drugs were inside and assaulting the driver. They reportedly failed to produce court order or official letter. Driver hospitalized. Police reminded that repossession requires court order. Investigation ongoing. Latest Update: Siyapath Leasing contacted us and said internal investigation is underway and action will be taken if staff violated procedure. #Kaduwela #SiyapathaLeasing #SriLankaPolice #CrimeNews #gossip99
Gossip99
Region: LK
Friday 11 September 2026 06:53:13 GMT
Music
Download
Comments
JCB NUWA :
කුඩු සීන් ඒ වීඩියෝ එක පෙන්නව්වනම් ඉවරනෙ
2026-09-15 11:33:16
0
➳ᴹᴿ✿࿐ 𝕧𝕚𝕡.𝕤𝕒𝕕𝕦𝕨𝕒 𒈞꧂ :
මහියන්ග නේ අපි කො අපේ සේට් එක♥️
2026-09-15 15:53:23
0
Hirusha Madubashana :
එතන respect පොලිසිය ❤️
2026-09-11 09:00:31
84
😜ශාන් බෝයි😜 :
වන්දියක් ගනින් අපහස නඩුවක් දාපන්
2026-09-11 08:47:51
43
bad boy :
police officer niyamai respect sir
2026-09-11 14:24:24
15
ශනියා :
නීතී නැති රටවල් උනම ඔවා සමනය දෙවල්
2026-09-11 12:49:42
16
Shantha Sunil :
එකෙන්නම් එතන හිටපු පොලිස් මහත්තයා එකෙන්ම respect
2026-09-11 13:01:37
16
『ᴰᵃʳᵏ』MOON࿐ :
හැම වේලාවකම වාහනේ යකඩ පොල්ලක් තියන් ඉන්න මං 😁
2026-09-11 16:54:18
16
y_u_m_i 🫣🍓🐰 :
මුන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි
2026-09-13 17:43:09
1
user8886002918420 dinuwa :
මේ රටේනම් මොන නීතියක්ද තියෙන්නෙ අනේ බං කොන්ද පන නැති නායකයෝමයි පත්වෙන්නෙ.....උතුරු කොරියාව වගේ ජනාධිපතිලා පත්වෙන්න ඕනී........
2026-09-13 06:22:22
1
Chamara Rohan :
දන්න නඩු ගරු අදි කරන යේන් පිහිට පතන්න
2026-09-11 17:36:48
2
Nalaka Pushpakumara :
මම දන්න තරමින් නම් පිනෑන්ස් ගෙව්වේ නෑියලා උස්සන්න බෑ අනිත් එක මනුස්සයෙකුට එහෙම ගහන්ඩ අයිතියක් නෑ. ඒ හින්දා අතහරින්න එපා
2026-09-11 21:40:40
1
Lakshan lovely :
police neethi neh
dear dig sir.. what's this
2026-09-12 16:42:07
1
gayani Guruge :
දැන් වාහන උස්සන්න තහනම්👍👍
2026-09-12 02:00:42
2
𝐀 𝐑 𝐮 𝐍 𝐀 🪬👀 :
Respect sir 💪
2026-09-11 20:59:44
2
Amarasinghe :
පොලිසිය තියෙනවා උසාවි තියෙනවා ඒ සඳහා කටයුතු කර හැකනීතිය අයාලේ ගිණියලාවැඩ කරන්න එපාඅදාළ පිනැස් කම්පැනියන් සහ පොලිසියෙන් ගියා වහනේ ගන්න පුළුවන්කිසිම වැදගත්කමකට නැති අයවගෙන රටේ වෙනම පාලනයක් ඇති කරන්න එපා
2026-09-11 08:46:57
6
ֆʊʀɛֆɦ 😉 (ƈʀǟʐʏ_ʍǟɖʊ1) 🤪😏 :
respect police
2026-09-11 15:28:42
2
ZAIQ_LOFT :
Respect you Police
2026-09-11 16:36:07
3
Sanka Vithanage :
පොලිස්
2026-09-11 13:47:24
1
Notification :
Search bar eka😂
2026-09-14 02:35:29
1
Rasika Wimalarathna :
දෙන්න එපා කිසිම චාන්ස් ඒක නියම පොලිස් මහත්තයා
2026-09-11 18:58:15
1
chelaka wickramasinghe :
Dennada one munata
2026-09-11 09:59:54
1
H_A_R_I_T_H_A ❤️🖤 :
Hari hati police sir kenek dakkamai
2026-09-11 13:35:03
1
Kusha#🙈♥️ :
2026-09-15 16:03:51
0
SAYURA🌊🇱🇰☸️ :
ඔහොම වාහනයක් උස්සන්න බෑනෙ.
2026-09-15 07:08:27
0
To see more videos from user @gossip99.com, please go to the Tikwm
homepage.