@hirunews: දළදා වහන්සේ වෙනුවෙන් අභිනව රන් කරඬුවක් - කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04යි ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබෙනවා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවට අනුව මෙම මහ කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04ක් බවත් එහි රත්තරන් කිලෝග්‍රෑම් 65.224ක්, විවිධ මැණික් ගල් කිලෝග්‍රෑම් 1.480ක් සහ පැස්සුම් සඳහා භාවිත කළ උපකාරක ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20.822ක් අඩංගු බවයි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි, වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහා නා හිමි සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ. ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටීම පිණිස අභිනවයෙන් පූජා කළ මෙම ස්වර්ණමය මහ කරඬුවක් සම්බන්ධයෙන් සමාජගත වන සාවද්‍ය තොරතුරු පැහැදිලි කරමින් මෙම ලිපිය යොමුකර තිබෙනවා. එම නිල දැනුම්දීමට අනුව අනාවරණය කර ඇත්තේ මෙම ස්වර්ණමය මහ කරඬුවේ පූජා කර්මය 2026 සැප්තැම්බර් 08 වන දින මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා, දියවඩන නිලමේතුමා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ සහභාගීත්වයෙන් චිරාගත සම්ප්‍රදායානුකූලව මෙම පුණ්‍යකර්මය සිදුකර ඇති බවයි. ඇතුල්කෝට්ටේ පදිංචි කමන්ත අමරසේකර ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතෛෂීන්ගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සහ මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුමැතිය ඇතිව මෙම කරඬුව නිර්මාණය කර තිබෙනවා. දෙවැනි විමලධර්මසූරිය රජු විසින් ආරම්භ කර කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සම්පූර්ණ කරන ලද, සුවිශේෂී ඓතිහාසික වටිනාකමකින් යුත් පැරණි රන් ආලේපිත රිදී මහ කරඬුව එහි අනන්‍යතාව සුරැකෙන පරිදි ශ්‍රී දළදා මාලිගාවේ අභ්‍යන්තරයේ සුරක්ෂිතව තැන්පත් කිරීමට පියවර ගනිමින් තිබෙනවා. 1853 ආඥා පත්‍රය ප්‍රකාරව ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව, තේවාව සහ සියලු අයිතිවාසිකම් උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇති අතර, ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ පවතින සුවිශේෂී ගෞරවය හා භක්ත්‍යාදරය ලෝකවාසි ජනතාව හමුවේ තහවුරු කිරීම මෙම පූජාවේ ප්‍රධාන පරමාර්ථය වූ බව ද එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 11 September 2026 07:12:02 GMT
3934
128
5
1

Music

Download

Comments

ds9214
දම්මි :
2026-09-11 11:58:19
0
allex0615
world muscle's gym❤️💪💪 :
🙏🙏🙏🙏
2026-09-11 08:43:12
0
dafni514
Gaming Nub :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-11 08:24:09
0
yura08443
lilitutu :
🥰🥰🥰
2026-09-11 07:26:08
0
the_story_of_flowers
the_story_of_flowers :
🙏🙏🙏🙏
2026-09-11 13:59:11
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About