@nisal.gimhana0: දෙපා මුල පිදෙන්නට උදෑසනක පිනි දියෙන් නෙළාගත් සමහර මල්, පූජාසනයේ පහස පවා නොලබා සන්ධ්‍යාවේ අඳුරට පෙරම තම පෙතිවල නිහඬ කතාව පොළොවට පවරා පරව යති. තවත් සමහර මල්— පූජා කිරීමට නොව, සුවඳක් වීමට පමණක් දෛවය විසින් තෝරාගත් මල්— වීදුරු කුප්පියක සිරවී, තමන් පිදෙන්නට පැතූ ඒ දෙපා මඟ බලා සිටින අතරම, තම සුවඳ පමණක් කාලයේ ඇඟිලි අතරින් නිහඬව විසිරුවති. ප්‍රේමයත් ඇතැම් විට එවන් මලක් වැනිය… කෙනෙකුගේ හදවතේ පූජාසනයක් තරම් උතුම් තැනක් පැතූවද, එහි පහන් දැල්වෙන දවස අපේ දෑස් ඉදිරිපිටට කිසිදා නොපැමිණෙයි. එවිට ඉතිරි වන්නේ— නොපිදූ මලක සුවඳක්, නොකියූ වදනක කඳුළක්, නොලැබුණු ස්පර්ශයක උණුසුමක් සහ කෙනෙකු වෙනුවෙන් පමණක් පිපී කෙනෙකු නොදැනම නිහඬව පරව ගිය හදවතක මතකයක් පමණි. සමහර ප්‍රේමයන්ට හිමිවීමක් ලියැවී නැත; ඒවාට හිමිව ඇත්තේ සුවඳක් සේ ළඟින් හිඳ, මතකයක් සේ දුරින් ඉඳ, නිහඬවම පරව යාමටය… Nisal Gimhana ✍️
Nisal Gimhana
Region: DE
Wednesday 16 September 2026 16:29:58 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @nisal.gimhana0, please go to the Tikwm
homepage.