@hirunews: සෞදියේදී මරණ දණ්ඩනයට මුහුණ දී සිටින අනෝජ් වෙනුවෙන් දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරු එකතුවෙයි : සමාව දෙන්නැයි සෞදි රජුගෙන් ඉල්ලීමක් කරන්න සැරසෙයි සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් සෞදි අරාබියේදී වසර පහක සිරදඬුවමක් නියම වී සිට සිරදඬුවම මරණ දණ්ඩනයක් දක්වා ඉහළ නංවා ඇති ශ්‍රී ලාංකීක ජාතිකයෙක් වන අනෝජ් සිවරසාගේ (Anojan Sivarasa) පවුලේ සාමාජිකයන් වෙත ගොස් ඔවුන්ට සහයෝගය පළ කිරීම සඳහා ඊයේ (18) හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කල්මුණේ, නර්පත්තිමුනේ හි පිහිටි අනෝජ්ගේ නිවසට ගොස් ඔහුගේ මව සහ පවුලේ සාමාජිකයන් මුණගැසී තිබෙනවා. සෞදියේ මරණ දණ්ඩන වාර්තා හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව තුළ දැඩි කනස්සල්ලක් මතුවී ඇති බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් සහ සෞදි රජුගෙන් මේ සඳහා විශේෂ ඉල්ලීමක් කිරීමට මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකතු කර ගැනීමට කටයුතු කරන බවද ප්‍රකාශ කර තිබෙනවා. තවද, සමස්ත ලංකා ජමිය්තුල් උලමා (ACJU) සංවිධානයේ මැදිහත්වීම ලබා ගැනීමට ද බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කළා. මෙම උත්සාහය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ශානක්‍ය රාසමානික්කම් සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් ද දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වී සහයෝගය පළ කර ඇති බවත්, සියලු දෙනා එක්ව මෙම අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරන බවත්, ඔහු වැඩිදුරටත් කියා සිටියා. මේ අතර අනෝජ්ට සමාව (clemency) ලබා දෙන ලෙස සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රි පවසනවා. වරදක් වූ විගස එය ඉවත් කර සමාව අයැද සිටි අවස්ථාවක, එවැනි ක්‍රියාවක් සඳහා මරණ දණ්ඩනය පැනවීම අනුකම්පා විරහිත සහ අසාධාරණ ක්‍රියාවක් බව පෙන්වා දෙන ඔහු, මේ සඳහා හදිසි රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍ය බවද සමාජ මාධ්‍ය සටහනක් තබමින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. #HiruNews #HiruNewslk #truthatallcosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Saturday 19 September 2026 03:47:17 GMT
156920
5476
575
300

Music

Download

Comments

_nayani_geethika_
🇱🇰🎤𝐍𝐀𝐏𝐔(ˢᴺ)ගිතී🇦🇪🎧🙋 :
අල්ලා දෙවියනි සමාව දෙන්න මේ සහෝදරයට
2026-09-19 10:12:50
7
hate__lov3e
❤️🧡💛💚🩵💙 :
ඒ රටේ නීතීයට කාටත් හිස නමන්නම වෙනවා ඒ උනත් මනුස්සකම නාමයෙන් අපි ඒ මනුස්සයට සමාව ලැබෙන්න කියලා දෙවියන්ට ප්‍රාර්ථනා කරනවා
2026-09-19 06:19:49
67
yamuna.charmara
Yamuna Charmara :
අල්ලාදෙවියනෙපිහිටවෙන්න
2026-09-20 08:21:27
1
nishamani879
nishamani :
අල්ලා දෙවියන් හා අපේ සියලුම දෙවි රැක වරනින් මෙි දරුවට නිදහස ලැබෙිවා
2026-09-19 07:02:41
26
sitha12343
sithavirajini🌷🌺 :
කවදාවත් මොන ආගමටවත් පහත් කරන්න එපා එක හොද නැ අල්ලා දෙවි පිහිටයි
2026-09-19 11:01:52
5
sujee.sujeewa1
🫶sujee ❤️❤️ sujeewa🫶 :
අනේ සමාවෙන්න අපේ සහෝදරයා ව නිදසේ කරන්න කරුණා ඉල්ලා සිටිමි
2026-09-19 05:00:50
31
user7534316006090
❣️බ්💙එම්💙කේ💙❣️🇱🇰💯💯🥀❣️ :
ඒ දරුවට සමාව ලැබේවා කියලා අපි හැමොම පාරතනා කරමු...🙏🙏🙏🤲🤲🤲😭💔
2026-09-19 05:37:38
9
akinsa........kavee
🦋.කවී.නිසල.🦋 :
අල්ලාදෙවීයන්ගෙන්.. සාමාව. ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
2026-09-19 09:54:25
8
vishakavishaka25
සුජිවා සුජිවා :
අල්ලා දෙවියන්ගේ පිහිටෙන් නිදහස ලැබේවා
2026-09-19 10:44:34
2
anoma683
anu :
මොනම ආගමක වත් අපහාස කරන්න එපා ඒවා මෙලොවදීම ආපස්සට අපිට එනව ඉක්මනට නිදහස ලැබේවා ලොවුතුරා බුදු පියාණන්ගේ පිහිට ආරකෂාව ලැබේවා අල්ලා දෙවියන්ගේ පිහිට ආරකෂාව ලැබේවා[Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Hands open][Hands open][Hands open][Hands open][Hands open][Hands open][Hands open][Hands open][Hands open][Hands open]
2026-09-19 08:29:44
8
madu8492
madu :
අල්ලා දෙවියන්ගේ පිහිටෙන් සමාව ලැබෙිවා....
2026-09-19 09:01:56
13
iresh.kumara1
............. :
අල්ලා දෙවි පිහිටයි 🙏🙏🙏
2026-09-19 06:19:19
6
user50570960052482
user5057096005248 sudu :
අල්ලා දෙවියන්ගේ පිහිටයි සහෝදරයා
2026-09-19 06:09:32
10
ks.plants1
Ks plants 💐🌱 :
ඒ දරුවට සමාව දීලා නිදහස් කරන්නට හැකි වේවා
2026-09-19 05:49:32
9
mona_oio
Mona🌟 :
අනුන්ගෙ ආගම් වලට අපහාස කරන්න එපා කියන්නෙ ඕක තමයි...
2026-09-19 05:37:28
45
renu43486
❤️ R ❤️ R ❤️ :
2026-09-19 04:49:17
6
hemamalasuvineeth
🌹මගේ ලෝකය ❤️❤️❤️ :
අනේ තිස් තුන් කෝටියක් දෙවියනි මේ දරුවට පිහිට වන සේක්වා 🙏🙏🙏🙏🙏🥺
2026-09-19 07:54:22
5
user623925836086
මාලා :
නිදහස ලැබේවා🙏🙏
2026-09-19 09:35:29
5
user610283029998020
user6102830299980chamila :
[Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray]දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
2026-09-19 09:23:49
4
user9076172943759
රංසිකා සඳමාලි :
අල්ලා දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
2026-09-19 10:56:45
3
dana.dissanayaka2
Dana Dissanayaka :
yaha allha seduni🤲🤲🤲🤲
2026-09-19 09:08:29
2
thushararajasinha
Thushara Rajasinha :
බුදුසරනයි වැරැද්දක් වුනාම් සමාව දෙන්නා අල්ලා දෙව්‍ යනේ🙏♥️🙏🙏
2026-09-19 09:45:46
2
user21562115742152
user21562115742152 :
බුදුසරණයි
2026-09-19 09:35:05
2
amaya.deumi
Amaya deumi :
වැරදි කිරීම් මනුස්සගතියක් සමාව දීම දේව ගතියක් ඔහුට සමාව දෙන්න සවුදි රජතුමනී .. 🙏
2026-09-19 11:49:39
4
nayana.rathnayaka6
Nayana Rathnayaka :
බුදු සරණා ලැබේවා ඉක්මනින් නිදහස ලැබේවා
2026-09-19 10:57:58
3
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About