@lacey_joe24: Matching Phone cases to our outfits >> Available in a range of colours 🩷🩵 #foryoudays #tiktokmademebuylt #Iphonecase #iphone17promax #matching

lacey_joe24
lacey_joe24
Open In TikTok:
Region: GB
Sunday 20 September 2026 12:40:07 GMT
700
21
1
2

Music

Download

Comments

jaynecole7
jaynecole7 :
Pretty in pink that’s my granddaughter- in law 🫶😘xxx
2026-09-23 15:52:55
0
To see more videos from user @lacey_joe24, please go to the Tikwm homepage.

Other Videos


"සමහර මිනිස්සුත් දොළහ කන්ද කණිෂ්ඨෙ වගේ..." අපෙ අප්පච්චි නැති වෙනකොට මට අවුරුදු හතරයි අක්කට අවුරුදු හතයි. තාත්තා රස්සාවට කරේ ගස් කපපු එක. අතු කපන්න ගොඩවුන ගහෙන් වැටිලා ගහ මුලම තාත්තා නැති උනා කියලා තමයි මම දන්නේ. ගමේ කණිෂ්ඨෙන් සාමාන්‍ය පෙළ පාස් වෙලා මම ටවුන් එකේ මධ්‍ය විද්‍යාලෙට ආවට පස්සෙ අපෙ අම්මා සතුටට අඬපු හැටි මට හොඳටම මතකයි. කොහොම හරි උසස් පෙළට කොමස් කරපු මම ගමම පුදුම කරන ගමන් කැළණිය කැම්පස් එකට තේරුනේ අම්මගෙ සතුටු කඳුලු එදා ඉවර උන හින්දා මේ පාර හිනාව විතරක් මූණෙ ඉතිරි කරලා. එදා මම කැම්පස් තේරුනා කියලා මම අම්මට කීවට පස්සෙ ගමේ ඉස්කෝලෙට ගියා. ඒ යන පාර අයිනේ තමයි අපෙ ගමේ ටේලර් ශොප් එක එහෙමත් නැත්තන් රෙදි මහන තැන තියෙන්නෙ. මම එතනින් යනකොටම රෙදි මහන මාමා මට කතා කරා. "පුතා කොහොමද ප්‍රථිපල?" මට උසස් පෙළට යනකන්ම තිබුණෙ ඉස්කෝල කළිසම් තුනක් විතරයි. ඒකෙන් දෙකක්ම මට දුන්නේ මේ මාමා. "මම රජයේ විශ්ව විද්‍යාලයකට තේරිලා මාමේ." උසස් පෙළට යනකොට වගේම මම කැම්පස් එකට එනකොටත් ඒ මාමා මට ඒ විදියටම කලිසමක් මහලා දුන්නා. ඒවා මට හරි හැඩයි. දෙදාස් දහතුනේදි මම කැම්පස් එකෙන් එළියට ආවා. වැඩි දුර ඉගෙන ගන්න මම දෙදාස් දා හතරේ අග වගේ තමයි කැනඩා වලට ආවෙ. එහෙම ඉන්නකොට තමයි කොහෙදෝ මන්දා ඉඳලා ඇවිත් තාත්තගෙ පැත්තෙ නෑදෑයො වගයක් අපි හිටපු ඉඩමට අයිතිවාසිකම් කියන්න පටන් ගත්තේ. මම ඒකට නීතියට යන්න හැදුවත් අම්මගෙ වැඩි කැමැත්තක් තිබුණෙ නැති හින්දා මට ඒක නතර කරන්න උනා. "ඔය අක්කරේට මොකට උසාවි වලට ගොඩ වෙනවද?" ඉතින් ඊට පස්සෙ අක්කා අම්මව අරගෙන තිබුණා අක්කා බැඳලා පදිංචි වෙලා හිටපු ගෙදරට. අවුරුදු දෙකකට ඉගෙන ගන්න වැඩ වලට මම ලංකාවෙන් ආවත් තවත් අවුරුදු දෙකක් මට ඉන්න උනේ ඒ රටෙන්ම මට හොඳ වගේම ගැළපෙන මම කැමති විදියෙ රස්සාවක් හම්බුන හින්දා. ඊට පස්සෙ දෙදාස් දහනවයෙදි මම ලංකාවට ආපහු ආවා. ඇවිත් අම්මා අක්කා බලන එකෙන් පස්සෙ ඊළඟට ඉස්සරෝම කරේ ගන්න තියෙන හොඳම වර්ගයෙන් සරමක් වගේම කමිසයක් අරගෙන සරණ මාමාව බලන්න ගියපු එක. එදා අඩිය ගෙවුන සෙරෙප්පු ජෝඩු දෙක දාලා කණිෂ්ඨෙට ගියපු මම අද ඒ පාරෙම මගේම වාහනේකින් යනකොට දැනෙන ඇස් තෙත් වෙන සතුට ගැන ලියන්න තරම් තාම මගෙ හිතට වචන ගලන්නෙ නෑ. සමහර දේවල් කොච්චර ලස්සනට ගෙවිලා තිබ්බත් මම අයන්න ආයන්න කියවපු දොළහකන්ද කණිෂ්ඨෙ හැමදාටම වහලා දාලා තිබුණා. ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් වෙනුවෙන් ඒක නඩත්තු කරන එක රජයටත් අමාරු ඇති. ඒ හැමදේම පහු කරගෙන මම ආවෙ සරණ මාමාගෙ ටේලර් ශොප් එකට. මම එතන කාර් එක නතර කරේම සරණ මාමා දොරකඩට දැන් එයි දැන් එයි කියන චිත්ත රූපෙ හිතින් මවාගෙන. මම එතකොටම දුවගෙන ගිහින් මාමගෙ කකුල් දෙක අල්ලලා වැඳලා මාව මතකද කියලා අහන්න හිතාගෙන. එතකොට හරියට මාව අඳුන ගන්න බැරි සරණෙ මාමා ටිකක් වෙලා මගෙ දිහා බලාගෙන ඉඳලා එක පාරටම මාව අඳුන ගන්න විදිය ගැන චිත්ත රූප කෙටි චිත්‍ර පටියක් හිතින් මවාගෙන. ඒත් මම හිතපු දේවල් වලින් සිද්ද උනේ මම දොර ඇරගෙන වාහනෙන් බැහැපු එක විතරයි. මම වාහනෙන් එළියට බැහැලා සරණ මාමගෙ ටේලර් ශොප් එක දිහා බලාගෙන හිටියා. ඉස්සරහා කලු පාට ලෑලි අටක් එක දිගට අහුරලා වහලා දාලා තියෙන දොරයි , ඒ දොරේ සරණ ටේලර් කියලා වටේට සුදු පාට තියෙන නිල් පාට අකුරින් ලියලා තියෙන භාගෙට මැකුන අකුරු ටික විතරයි පේන්න තිබුණෙ. මම වට පිට බැලුවා. සරන මාමා ටේලර් ශොප් එකේ මිදුල ලස්සනට තියාගෙන හිටියා. ඒ කාලෙ ඉඳන් කහ පාට අට පෙතියා මල් යායකින් පිරිලා තිබුණ ඒ මිදුලෙ අදත් ඒ විදියටම අලුත් උන අට පෙතියා මල් පැළ වල මල් පිපිලා තිබුණා. ටේලර් ශොප් එකට රස්නෙ නැති කරලා සීතල බෙදලා දීපු වෙරළු ගහේ අතු නැතුව කඳ විතරක් පණ ඇද ඇද තිබුණා. එකටම නිවුන්නු වගේ හිටපු කොහොඹ ගස් දෙක එහෙමම තිබුණා. මම තව ටිකක් වට පිට බලද්දි උදළු ගාන ගමන් හිටපු වයස අවුරුදු හැට පහක විතර වයසක පිරිමි කෙනෙක්ව දැක්කා. මෙච්චර මම ආව එකවත් ඒ මනුස්සයා නොදකින්න තරමටම ඒ වැඩේට ඇලිලා ගිලිලා ඉන්න ඇති. " මාමා මේ ටේලර් ශොප් එකේ හිටපු සරණ මාමා කෝ දැන් " මම එහෙම ඇහුවා. මම කවුද මොනවට ඒවා ගැන අහනවද කියලා ගානකට ගන්නෙ නැතුව බුලත් විට කෙළ පිරුණ කට හඬින් , "උන්දෑ ගිය වැස්සට පස් කන්දකට යටවෙලා ආය එන්න බැරි ගමන් ගියා. මොකක්ම හරි මහගන්න තියෙනවනම් ටවුමට යතහැකි. හැතැක්ම දොළහකට එහා. මෙතන ආයම ටේලර් ශොප් නෑ.. අඹේපුස්ස මහත්තයගෙ ලොකු පුතා මේ ඉඩම සින්නක්කරේටම අරගෙන අහවරයි. හෙට මේ බිත්ති ටික පෙරළන්න යකඩ යක්කුත් ගෙන්නලා ඉවරයි." ඒ හැම වචනයක් ගානෙම මගෙ කන් දෙක මැද දෝංකාර දුන්නා වගේ. මම තව ටිකක් බලාගෙන ඉඳලා ඒ බිත්ති හතර වටේට පොඩ්ඩ්ක් ඇවිද්දා. එදා මට ඒ මහලා දීපු කළිසම් හින්දා මට මේ ගමන එන්න ලේසි වෙන්න ඇති. මම තනියම හිතුවා. එහෙම තමයි මේ ලෝකෙ සමහර මිනිස්සු ඉන්නවා හරියට දොළහා කන්ද කණිෂ්ඨෙ වගේ අපිට හරි පාර පෙන්නලා ආය කවදාවත් එන්නෙ නැති ගමන් අපිටත් නොකියම යනවා. Gayan Ariyarathna.✍️ 🔴උපුටා ගැනීම තහනම්🔴

About