Amila Lakshan Prasanna :
මම යාලු වෙලා හිටපු කෙනත් මෙහෙමයි.
නිතරම මේ වගේ පොඩි පොඩි අසනීප හැදෙනව.
උදේට කෝල් කලාම ඉතින් මට ඔක්කොම කියනව.
අයියෙ ඔලුව රිදෙනව, අයියෙ හචින් යනව, අයියෙ ඇස් කසනව, අයියෙ නහයෙන් සෙම එනව, අයියෙ බඩ රිදෙනව, එක එක ජාති ගොඩයි. මං ඉතින් හරි ආදරෙයි එයාට, කියන හැමදේම අහන් ඉදල Call එක Cut කලාට පස්සෙ මගෙ යාලුවෙක් ඉන්නව Doctor කෙනෙක්, එයාට මම කෝල් කරල එයා කියපු අසනීප ඔක්කොම ටික කියල Doctor ගෙන් බෙහෙත් ටිකක් අහගන්නව. මට එයාව Doctor කෙනෙක් ලගට අරන් යන්න පුලුවන් කමක් තිබුනෙ නෑ, මොකද එයාගෙ ගෙදරින් අපේ සම්බන්දෙට කැමති නැති නිසා. ඉතින් මම Doctor ගෙන් බෙහෙත් ටිකත් ලියාගෙන, එයා ආසම චොකලට් කල් කිරි එකකුයි, බෙහෙත් බීල ඉවර උනාට පස්සෙ කටේ තිත්තරහ යන්න එයා කන්න ආසම ඉස්සො වඩේ ටිකකුයි අරන් කිලෝමීටර් 50ක් යනව එයාට ඒ ටික දීල එන්න. ඒ ගියත් මට එයත් එක්ක කතා කරන්නෙවත් ලැබෙන්නෙ නෑ. එයා වැඩ කරන තැන දෙවෙනි තට්ටුවේ ජනේලෙන් එබිල මට අත වනනව. විනාඩියක් වත් බලන් ඉන්න ලැබෙන්නෙ නෑ ඉතින්. ඊටපස්සෙ මම බෙහෙත් ටිකයි, කෑම ටිකයි Security එකේ අංකල්ට දීල ආපහු යනව. හැමදාම ආපහු මම යන්නෙ ඇස් දෙකේ කදුලු පුරවගෙන. දැන් එයා මං එක්ක නැහැ. ඒත් අදටත් ඒ පැත්තෙන් යනකොට මගේ පපුව ගොඩාක් හයියෙන් ගැහෙනව. ඉස්සර එයා මට Call කලේ උදේ 7.45ටයි, දවල් 12.30ටයි. දැන් ඒ Call එක එන්නෙ නැති උනත්, අදටත් ඒ වෙලාවල් වලට මගෙ පපුව ගොඩක් හයියෙන් ගැහෙන්න ගන්නව. අද මං ලග නැති උනත්, අදටත් මම ගොඩක් ආදරෙයි.
2026-09-22 09:10:20