@____5311: හේතුව මොකක්ද කියන්න මං දන්නෙ නෑ මැණික…ඒත් ඔයා මගේ ළඟින් ඉන්න හැම තත්පරයකම..මගේ හිතට දැනෙන්නේ වචනවලින් කියන්න බැරි තරම් ගැඹුරු ආඩම්බරයක්… ලෝකෙට පෙන්වන්න දෙයක් නැති වුණත්..මගේ හිත ඇතුළෙන් මට හිතෙනවා…“මේ මනුස්සයා මගේ ජීවිතේට ලැබුණා” කියන එකම මට කොච්චර වටිනවද කියලා…මේ තරම් වටිනාකමක් ලබන්න පුලුවන් කෙනෙක් කවදාකම හරි මගෙ ජීවිතේට අලුතින් එකතු උනා කියන්න මට කිසිම මතකයක් නෑ... ඔයා මගේ ළඟ ඉන්නකොට...මං මගේ ජීවිතේ අඩුපාඩු ගැන හිතන්නේ නෑ…මට නැති දේවල් ගැන දුක් වෙන්නෙත් නෑ…ඒ මොහොතේ මට දැනෙන්නේ...මට අවශ්‍ය හැමදේම මගේ ළඟ තියෙනවා වගේ හැඟීමක්…ඒක වචනයෙන් විස්තර කරන්න පුලුවන් හැඟීමක් නෙවේ... සමහර මිනිස්සු ජීවිතේට එන්නේ හිස් තැනක් පුරවන්න නෙවෙයි…අපිට අපි ගැනම අලුත් විදිහකට දැනෙන්න උගන්වන්න...ඔයා මගේ ජීවිතේ මට ඒ පාඩම කියලා දුන්න එකම කෙනා..ඔයා නිසා මං හැමදේටමත් වඩා මට වටිනාකමක් දෙන්න පුරුදු උනා..ඒකයි මං කියන්නෙ මගෙ ජීවිතේ ඇතුළෙ ඔයාට තියෙන තැන...වටිනාකම...හැඟීම...මේ කිසිම දෙයක් වචනයෙන් විස්තර කරන්න බෑ කියලා... ඒ නිසාම ඔයා ළඟින් ඉන්න හැම මොහොතකම..මට ලෝකෙට කියන්න බැරි තරම් නිහඬ සතුටක් තියෙනවා…ඒ සතුට ඇතුළේ තියෙන්නේ ආදරය විතරක් නෙවෙයි…ඔයා ගැන මගේ හිතේ තියෙන ගෞරවයත්... වටිනාකමත්…ලෝකෙටම ඇහෙන්න කෑගහලා කියන්න හිතෙනවා මං ඔයාට ආදරේ කරන තරම...ඒත් ඉතින්..මගෙ මුලු ලෝකෙම ඔයා වෙච්ච එකේ කාට ඇහෙන්න මං කෑගහලා කියන්න ද ඒ වග... මැණික… හේතුව මොකක්ද කියන්න මං තවම දන්නෙ නෑ...ඒත් ඔයා මගේ ළඟ ඉන්න හැම තත්පරයකම...මුළු ලෝකෙම මට ලැබුණාටත් වඩා මගේ හිතට දැනෙන්නේ එකම දෙයක්… “මේ මොහොත මට ලැබුණ එක ගැන මං ආඩම්බරයි” කියලා...♥️ #goviraltiktok #onemillionaudition #foryou #foryoupage #fyp

_කාගෙම_හරි_කතාවක්_ ✍
_කාගෙම_හරි_කතාවක්_ ✍
Open In TikTok:
Region: LK
Wednesday 23 September 2026 03:25:58 GMT
7888
388
9
290

Music

Download

Comments

roshani.hemanthik
💘❣️😘Rosha✈️💞🫶 :
💞
2026-09-23 14:56:00
1
k.w.d.karunarathn
k w D karunarathna :
❤️❤️❤️❤️❤️🥰🥰🥰🌹
2026-11-11 09:39:48
0
liyanage.imesha
hainsha himali :
2026-10-12 22:57:45
0
nath06629
naath...නාත්... :
❤️❤️❤️
2026-09-23 05:04:39
1
nishanthi863
nishanthi :
💞💞💞
2026-10-04 16:49:32
0
To see more videos from user @____5311, please go to the Tikwm homepage.

Other Videos


About