@__cl_story: මම නිහඬ වුණේ දිනලා නෙවෙයි,අතහැරල... හැමදේම තේරුම් කරලා දෙන්න උත්සාහ කරල... මගේ හිතේ තියෙන දේවල් කියලා කියලා,මට රිදුණු තැන් පෙන්වලා,තව එක අවස්ථාවක් දෙන්න කියලා බලාගෙන ඉඳලා අවසානයේ මට තේරුණා.... මම කොච්චර කතා කළත් මාව තේරුම් ගන්න ඕනෙකමක් නැති කෙනෙක් මාව තේරුම් ගන්නේ නැහැ කියලා... හැමදාම මමම ආදරේ රැකගන්න උත්සාහ කරද්දි,මමම රණ්ඩු විසඳද්දි,මමම ආයෙත් ළඟට එද්දි මටම තේරුණා මේ සම්බන්ධතාවය මම තනියම අල්ලගෙන ඉන්නවා කියලා. ඒ නිසා මම නිහඬ වුණා. මට කියන්න දෙයක් නැති නිසා නෙවෙයි... කියලා කියලාම මට මහන්සි නිසා... ඔයා දිනපු නිසා නෙවෙයි... මම තවදුරටත් මගේ හිතටම රිදවගෙන,මාවම නැති කරගෙන මේ සටනේ ඉන්න කැමති නැති නිසා... සමහර වෙලාවට නිහඬව යන එක තමයි අවසාන වචනය... මාව නැති කරගන්න තරම් නිර්භීත වුණා නම්, මාව නැතුව ඉන්නත් පුරුදු වෙන්න..! #quotes #sinhalaquotes #clstoryquotes #srilanka #whatsappstatus
CL story | சி.எல் | සී.එල්🫀🤍
Region: LK
Thursday 01 October 2026 14:33:56 GMT
Music
Download
Comments
sisijamalaka808 :
එපා කියන දේවල් කියලා මොන වගේ ඒවද අදහස් කරන්නේ, එක පාරක් කෝල් කට් කරාම ආයේ ආයේ ගන්නවා වගේ දේවල්ද, කෝල් ගන්නේ එයාව ඕනි නිසානි...
2026-10-01 16:33:52
1
🦋 U.♡ :
❤️🩹❤️🩹
2026-10-01 16:31:17
2
Natha😫💗 :
@Shan..boy 👀💗 ☺️
2026-10-02 08:38:09
0
To see more videos from user @__cl_story, please go to the Tikwm
homepage.