@mihiri205: මම කවදාහරි ඔබට නොකියාම මේ ලෝකෙන් නිහඬවම දුර ගියොත්…🙂❤️‍🩹 මගේ නම කාලෙකට පස්සේවත් ඔයාට මතක් වෙයිද කියලා මම දන්නේ නෑ… ඒත් එක දෙයක් නම් මට විශ්වාසයි… මගේ තරුණ ජීවිතයේ ලස්සනම හිනාවන් අතර, අමතක කරන්න බැරිම මතකයන් අතර, මට ආදරය කියලා දැනුණු ඒ සුන්දරම පරිච්ඡේදය නුඹයි… ❤️‍🩹 අපි එකට ගෙවපු පුංචි පුංචි මොහොතවල්, හොරෙන් හිනාවුණු වෙලාවල්, තරහ වෙලා ආයෙත් යාළු වුණු දවස්, මට මතක නැති වෙන්න කලින් මගේ හිතේ කොහේ හරි හැමදාමත් ජීවත් වෙයි… ඒ නිසා මම හදිසියේම නැති වුණත් මාව හොයලා අඬන්න එපා… මට කරන්න බැරි වුණ හැම දෙයක් වෙනුවෙන්ම, කියන්න බැරි වුණ හැම වචනයක් වෙනුවෙන්ම, අවසන් වතාවට කියන්න බැරි වුණ “මම ඔයාට ආදරෙයි” කියන වචනෙ වෙනුවෙන්ම… එක දෙයක් විතරක් මතක තියාගන්න… මගේ ජීවිතේ කොච්චර කෙටි පරිච්ඡේදයක් වුණත්, ඒකේ ලස්සනම පිටුවක් නුඹ වෙලා හිටියා… ඒ වෙනුවෙන් මට කියන්න තියෙන්නේ එකම දෙයයි… ස්තූතියි… මගේ තරුණ ජීවිතය මතක හිටින තරම් ලස්සන කළාට… 🥺❤️‍🩹

🌈️🦋ශානි❤️චතු🦋🌈️
🌈️🦋ශානි❤️චතු🦋🌈️
Open In TikTok:
Region: LK
Friday 02 October 2026 11:24:38 GMT
415
23
0
5

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @mihiri205, please go to the Tikwm homepage.

Other Videos


About