@lalanisuraweera22: නාලාගිරි දමනය - මෛත්‍රියේ බලය මත් වෙලා, පිස්සුවෙන් දුවගෙන එන නාලාගිරි ඇතා ඉස්සරහ, මුළු නගරයක්ම බයෙන් දිව්වා... එහෙත් බුදුරජාණන් වහන්සේ පසුබැස්සේ නෑ. ආයුධයක් නෑ, සැරයක් නෑ. තිබුණේ එක දෙයයි - අප්‍රමාණ මෛත්‍රිය. ඒ මෛත්‍රී බැල්මෙන්ම මත් ඇතෙක් දණ ගැසුවා. කෝපය සංසිඳුණා. පිස්සුව නැති වුණා. අද අපේ ජීවිතෙත් ඒ වගේ... අපිට හම්බවෙන නාලාගිරීලා - කෝපය, ඊර්ෂ්‍යාව, වෛරය - ඒවා දමනය කරන්න වෙන්නේත් මෛත්‍රියෙන්මයි. ආයුධයෙන් දිනන දේ තාවකාලිකයි. මෛත්‍රියෙන් දිනන දේ සදාකාලිකයි. #නාලාගිරිදමනය
lalani suraweera
Region: LK
Monday 05 October 2026 05:31:43 GMT
Music
Download
Comments
Waruna Pradeep :
🙏🙏🙏🙏🙏🙏
2026-10-06 08:52:42
0
To see more videos from user @lalanisuraweera22, please go to the Tikwm
homepage.