@its_sasa_overhere: අද ලෝක ගුරු දිනය. මේ ඉන්නේ අපේ අම්මා. අපේ පැත්තේ නං ප්‍රසිද්ධ ‘කෝකිලා ටීච’ කියලා. දැං අම්මට අවුරුදු 58ක්. අම්මගේ ගුරු ජීවිතේට 37ක්. පෙන්ෂන් යන්න ඔන්න මෙන්න ඉන්නේ. ඒත් තාම උදේට ඉස්කෝලේ යන්න සාරිය පටලවගන්නේ පුදුම ආසාවකින්. කොච්චර අමාරු අපහසුකම් ඇඟට තිබුණත්, ඉස්කෝලෙට ගිහිල්ලා පොඩි පැටව් එක්ක කාලය ගතකරද්දි ඒ ඔක්කොම අමතකවෙලා යනවා කියලයි එයා නං කියන්නේ. සමහර දවස්වල උදේට වෑන් එක මගහැරුනම, මගේ කාමරේට හිමීට ඇවිල්ලා ‘අනේ චූටි, මාව කාර් එකේ ඉස්කෝලෙට දාලා එන්නකෝ. පොඩි උං බලං ඇති’ කියලා, මාවත් නින්දෙන්ම ඇහැරවගෙන ඉස්කෝලෙට ඇරලවගන්න දවසුත් එමටයි. එහෙම යනකොට ඉස්කෝලේ ඉස්සරහා සුදු ගවුම් ඇඳගත්ත පොඩි පැටව් අම්මවඉවටකරගන්නවා බලන්නත් මං හරි ආසයි. . . මං අම්මගේ අතේ එල්ලිලා කඩේ යන්න ගත්ත කාලේ ඉඳලා මුලු ගමම මට කිව්වේ ‘කෝකිලා ටීචගේ පොඩි පුතා’ කියලා. ඒ කාලේ ඉතිං ඒක ගැම්මක් තමයි. හැබැයි අදටත්, මං ළඟට එන ලෙඩෙක් ‘කෝකිලා ටීචගේ පුතා නේද?’ කියලා අහනකොට, ඒ එදා දැනුණ ගැම්ම ඒ විදිහටම දැනෙනවා. මං හිතන්නේ හැම ගුරුවරයෙකුගෙම දරුවන්ට එහෙම ඇති. . . පරම්පරා දෙක තුනකටම උගන්නලා තියෙන නිසා, ගමේ කඩේකට ගියත් ලොකු ලොකු පිරිමි අම්මා ඉස්සරහා තොප්පිය ගලවලා, දණගහලා වඳින එක අදටත් නිතරම දකින්නට ලැබෙන දෙයක්. එතකොට ඉතිං අපේ එක්කෙනාටත් ඉහේ මලක් පිපුණා වගේ. ගිය වැඩේ පැත්තකින් තියලා ‘අනේ පුතේ දැං මොකද කරන්නේ මගේ පුතා?’ කියලා පටන්ගත්තාහම මං පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා. මොකද ඒ කතාබහ ඉක්මනින් ඉවර වෙන්නේ නෑ කියලා මං අත්දැකීමෙන්ම දන්න නිසා. ගුරුකම කියන්නේ උගන්නලා අහවර වුනාට පස්සේත් වෙනස් නොවෙන ආදරයක් කියලා අම්මා තමයි මට කියලා දුන්නේ. කොච්චර වයසට ගියත්, හැඩට ඇඳගෙන උදේම ගිහිල්ලා, ළමයෙකුට අකුරක් උගන්නලා එයා හරිම ආත්ම තෘප්තියක් ලබනවා. ඒ සතුටට අපිත් හරිම කැමතියි. දිනපතා ජීවිතය කියාදෙන අම්මාවරුන්ටත්, ලියන්නට කියන්නට අකුරු කියාදුන් සියලු ගුරු මෑණි/පියවරුන්ටත් සුබ ගුරු දිනයක් වේවා! ❤️

Sasanka Dasanayake
Sasanka Dasanayake
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 07:04:08 GMT
249373
24782
369
155

Music

Download

Comments

prasansaniamarase
Mihi :
ඇත්තටම ඒ හැගීම කියලා නිමකරන්න බැරි තරම්🥰 තාත්තා නැතිවෙලා මේ මාසේට අවුරුදු 24ක් දැන් මාත් බැදලා ඒත් තාමත් මගේ දරුවොත් මගේ තාත්තගේ නම කිව්වොත් හැමෝම දන්නනවා🥰තාත්තා නැතිවෙන්න ඉන්නකොට ලියුමක් අම්මට දුන්නා එයා ඒකේ ලියලා තිබ්බේ මම නැති දවසක උනත් මගේ නම කියූ පමනින් මගේ දරුවන්ට කන්න ටික හරි ලැබෙයි කියලා🥰ඇත්තටම එයා තියලා ගියපු තැන කොහොමද කිව්වොත් දකින ඕනම කෙනෙක් අහන්නේ අරවින්ද සර්ගේ දුව නේද කියලා🥰
2026-10-07 03:28:23
2
kushani.gunawarda
Lily :
අපේ අම්මත් ගුරුවරියක් . දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නේ..... ඉස්සර හෙන ගහන වෑස්ස උනත් එයා ඉස්කෝලේ යනවා.... අම්මා කියන්නේ ළමයින්ගේ ඔලුව පෑදුවොත් ඉබේට මගේ ළමයින්ටත් හරියයි කියලා...... ඥාන මිස් කිව්වොත් ළමයි හැමෝම බයයි මොකද අප ටිකක් සැරයි හැබැයි ඒ ළමයි අද කියනවා මිස් එහෙම සැරට හිටියේ නැත්නම් අද අපි මේ තැන්වල නෑ කියලා..... කොහේ ගියත් එයාගේ ගෝලයෝ ඉන්නවා මේ හැමතැනම.... පඩි දවසට town ගියාම හෙන වෙලාවක් යනවා මොකද ගෝලයෝ හම්බෙනවා හම්බෙන ඉවරයක් නෑනේ.... අපේ අම්ම විශ්‍රාම අරන් දැන් ගොඩක් කල් තාමත් හැම අවුරුද්දකටම සැරයක්ම එයා උගන්නපු ගෝලයෝ එනවා එයාව බලන්න... අම්මෝ එදාට තියෙන හිනාව අම්මගේ ඉහේ මලක් පිපුනා වගේ.... පුදුම සතුටින් ඉන්නේ.....🥰
2026-10-06 09:10:13
82
.and566ssss
navi kuma nadi :
ඇත්තට ම අපිට උගන්නපු ගුරුවරු දැන් ගොඩක් ජිවිතේ න් සමු අරන් තාමත් මතක් වෙද්දී පුදුම අදරක් ගෞව්රවයක් හිතට දැනෙනවා. අපේ ඇස් පාදපු ගුරු දෙවිවරු න් ට පාද නමස්කාර වේවා මේ ජිවිතේ අත් හැරලා ගිය ගුරු දෙවිවරු නී අපේ ඇස් පාදපු පිනෙන් යෙහෙන් වැජබේවා 🙏🥺🥰🥰🥰💐
2026-10-07 03:50:59
2
thakshila_peiris
Chathu 🙊 :
Ape English teacher 🥺♥️
2026-10-06 09:34:16
141
ama.perera95
Ama ❤🧿🪬 :
මං teacher ව දන්නේ නැහැ.....හැබැයි සිරියාවන්තපාටයි🥰
2026-10-06 08:22:08
215
heshanheshan368
Heshan heshan :
මාත් වෛද්‍ය ශිෂ්‍යයෙක්. මගෙත් මේ ලෝකෙ ආසම රස්සාව තමයි ඔය. 🥺 මොනව කරන්නද ඉතින්? හැමදේම ඕනවට වඩා ඕනම නෑ කියන කතාව ඇත්තක් කියල හිතෙනවා මේවා දැක්කම. මන් කිව්වෙ ඉගෙන ගන්න එක උනත් 😐
2026-10-06 20:07:25
2
nathalinecola
🌷🌷🌷🌷🌷🌷🌷 :
මම හිතනවා මෙක මෙය වෙලාවෙ කිව්වානම් හොඳයි කියලා.කෝකිලා ටීචර් ගැන කියන්න වචන නෑ. .එ තරම් හොඳ කෙනෙක්.මම ඉස්කෝලේ දැකපු දෙයක් තමයි. හැම ළමයෙක්ම ඉස්සරහට ගන්නවා.ඔයාට කරන්න පුළුවන් පුතේ කියල තමයි ගන්නේ. හරි නිහතමානි ආදරණීය චරිතයක්.ළමයි වගේ තමයි දෙමව්පියොත් ටීචර් ගොඩාක් ආදරෙයි. .❤️❤️🌹🌹
2026-10-06 08:16:26
62
dil64545
Dil :
Kokila Teacher ❤️Ape English Teacher ❤️
2026-10-06 14:05:15
1
yashmhall
නිවන් යෂ් 🫂🥺🤍 :
අදරණීය ගුරුවරියක් කියලා අව්‍යාජ හිනාවෙන්ම පේනවා❤️❤️
2026-10-06 17:07:48
2
thathsaraniherath
Thathsarani Herath :
අපේ අම්මත්. මං හිතන්නෙ එයාලගෙ ස්කෝලෙ නිවාඩු අඩුවෙන්ම අරන් ඇත්තෙ අපෙ අම්ම. මට නම් ඊරිසියයි ඉස්සර. මං පොඩිකාලෙ හැමදාම කියන්නෙ මට වඩා ඔයාට ලොකු ඔයාගෙ ලමයිනෙ කියලා😒 අනේ දැන් නම් බලන් ඉන්නත් ආසයි. තව අවුරුදු කීපෙකින් එයත් විශ්‍රාම ගනී. අනේ දුකයි 🥺❤️
2026-10-07 03:13:44
1
thichistyle
🇱🇰 Thilini 🇰🇷 :
මේ video එකේ පළවෙනි තප්පරේදිම අම්මව මතක් වුණේ... මේ නම් teacher කෙනෙක් කියලා හිතුණා...ඒ ඇදුම, කුඩේ, bag දෙක ඒ විදියමයි 🥺😭 මගේ අම්මත් අවුරුදු තිස් ගාණක් ගුරු වෘත්තිය කරපු කෙනෙක්... ලෝකේ දරුණුම අසනීපය හැදුණට පස්සෙත් ඉස්කෝලේ ගියා 🥺 operation එක කරලත් ඉස්කෝලේ ගියා... මගේ අම්මා අවුරුදු 5ක් ශක්තිමත්ම හැමදේටම මූණ දීලා , සටන් කරලා අවුරුදු 58න් යන්නම ගියා... 2, 3 පන්තියේ මගේ ගුරුතුමිය මගේ අම්මා. ඒත් මට කවදාවත්ම විශේෂයක් කරලා නෑ... ඉතිං මගේ අම්මා, මේ අම්මා ඇතුළු හැම අම්මෙක්ම සැනසේවා , නිවේවා කොහේ හිටියත්! 🙏❤️මේ ගුරුතුමිය ඇතුළු හැම ගුරුවරයෙක්ටම සුබ ගුරු දිනයක් වේවා !🙏❤️
2026-10-06 22:41:54
13
nethmaaa27
නෙත්මා | Nethma 🦢 :
අපේ අම්මා දැන් retired .එයා සෑහෙන කාලයක් දුෂ්කර ගමක ඉගැන්නුවා.ඉතින් පොඩි කාලෙම අක්කයි මායිත් ගියේ ඒ ඉස්කෝලෙටමයි.ඒ ලමයි අදටත් අපිව දැක්කම අදුරගන්නවා.අනේ සුමිත්‍රා ටීචගේ දුවලා කියල කියනවා.අපේ අම්මටත් town එකට ගියාම තාමත් ගෝලයෝ කතා කරනවා.අවුරුදු 50ත් පැනපු සමහර අයට අම්මා තාමත් කට පුරා කතා කරන්නේ පුතේ කියල.අම්මා retire වුනේ මම A/L කරන කාලෙ එතකොට ලොකු තේරුමක් නෑනෙ මම ඉතින් කියනවා ඇයි මේ මෙච්චර වයස අයට පුතේ කියන්නේ කියල.එතකොට අම්මා කියනවා මේ මගෙන් ඉගෙන ගත්තු ලමයි මෙයාලට වෙන මොකක් කියන්නද කියල.මම හරිම ආඩම්බරයි අපෙ අම්ම ගුරුවරියක් වුන එකට අද අක්කයි මමයි හොද තැන් වල ඉන්න එයා හොද ගුරුවරියක් වුන එක හේතුවක් වෙන්නැති.මට අද වගේ මතකයි.අම්මා.retire වෙන දවසෙ එක ගුරුවරයෙක් කිවුවා.සුමිත්‍රා ටීචගෙ දරුවන් මේ වගේ හොද තැන්වල ඉන්නෙ එයා හොද ගුරුවරියක් වුන නිසා කියල.ලමයින්ට හොදට ඉගැන්නුවම ඒව තමන්ගේ දරුවන්ට පිහිටනවා කිව්වා.ඒක මම සෑහෙන්න විශ්වාස කරනවා.♥️
2026-10-06 09:45:36
17
senilamindada
senilamindada :
මගේ අම්මත් ටීචර් කෙනෙක්
2026-10-06 16:11:58
48
hirujay30
Hiru Jay🌸 :
මගේ අම්මත් teacher කෙනෙක්, ටිකක් මේ video එකේ ඉන්න මිස් වගේම බෝල ලස්සනට ඔසරි ඇදපු කෙනෙක් ♥️. දැන් විශ්‍රාම අරන් අවු.4ක් , ඒත් තාම මේ දැන් උනත් ඉස්කෝලේ යමු කිව්වොත් ආසාවෙන් යනවා ඉස්කෝලේ ඕනේ දේකට 🥰♥️මේ පරම්පරාවේ ගුරුවරු මම හිතන්නේ මේ සේවය රස්සාවකට කරපු අය නෙමේ ♥️හදවතින්ම ආසාවෙන්ම පාසල වෙනුවෙන් කැපවුන පරම්පරාවක් සහ ගුරු ගවුරවය කියන එක උපරිමයෙන් රැකගත් අන්තිම පරම්පරාවේ ගුරුවරු මේ ♥️
2026-10-06 13:48:35
18
_amna.cassim_
Aɱɳα🪬 :
කොකිලා ටීචර් ගෙන් හරි ආසාවෙන් ඉගෙන ගත්ත ළමයි අපි!!!🥹❤️🫶🏻
2026-10-06 10:18:52
17
sanuli_zara
Sanuli_Mahanama🍓💗 :
අපේ අම්මත් ගුරුවරියක්.දැන් අවුරුදු 58 අම්මාට.අම්මගේ සේවා කාලයත් අවුරුදු 37ක්. අම්මා දැන් එයාගේ උපරිම capacity එක ඉවරයි කියලා විශ්‍රාම යන්න තව අවුරුදු 2ක් තිබ්බත් මේ මාසේ 2 වෙනිදා විශ්‍රාම ගත්තා. ඒත් ළමයි අතරමං කරලා දාලා ගෙදරට වෙලා ඉන්න බෑ මේ ළමයි ටික ඊළග පන්තියට යනකල් මේ අවුරුද්ද ඉවර වෙනකල් ඉස්කෝලේ යනවා කියලා යනවා. ඇත්තටම අම්මගේ නම කියලා අම්මා උගන්වපු ළමයි අම්මට ඇවිල්ලා වැදලා යද්දි, අම්මව බලන්න එද්දි අම්මට පුදුම සතුටක් තියෙන්නේ. අපේ අම්මා Grade 1,2 උගන්නපු බබෙක් ඉන්නවා ගෙවල් ළග හැමදාම කොහේහරි ගිහින් එද්දි අම්මට මොනවා හරි අරන් එනවා.අද උදෙන්ම ඒ බබා අම්මට ගුරු දිනයට තෑග්ගක් අරන් උදෙන්ම ආවා ගෙදර. සමහර වෙලාවට පොඩි ළමයි අම්මව වට කරගෙන උම්මා දෙනවා.සාරි පොටේ එල්ලිලා ඉන්නවා. අම්මා ඉස්කෝලෙට යද්දි ගේට්ටුව ළග ඉදන් පොර කනවා අම්මගේ බෑග් එක අරන් යන්න පන්තියට.නිවාඩු කාලෙට සමහර බබාලා කෝල් ගන්නවා ටීච කොහොමද ටීච ව දැක්කේ නෑ. ටීචර් ව මතක් වුණා කියලා 🥺💗. ඒ තරමටම ළමයි අම්මට ආදරෙයි.
2026-10-06 18:03:50
4
rayo_69
RAYONI PERERA 🌸🩷🧸 :
මගේ 5 වසරේ ආසම ටිච අදටත් පොඩි ස්කොලේ ටිච කිව්වම මුලිම්ම මතක් වෙන්නේ ටිචව අදටත් ස්කොලේ ඉවර්වෙලා යද්දි පාරේ ටිච ඉන්නවා කට පුරා හිනා වෙලා ආදරෙන් අපිව අදටත් ටිච පිලි ගන්නවා සුබ ගුරු දිනයක් ටිච 🥰❤️
2026-10-06 11:14:01
6
we.nk123
Evil...>💛 :
My Fav Mam...! 💛
2026-10-06 19:19:32
1
achinie_jayamanne
A_C_H_I_N_I ☁️🧿🧚‍♀️ :
දන්නවද? අපි මැ.රෙන තුරාවටම අපිව පොඩි දරුවෝ විදියට දකින්නේ අපේ දෙමාපියන් සහ ගුරුවරු විතරයි. කොටින්ම ඔය කවුරු කිව්වත් අපි හොඳ තැනක ඉන්නවා කියද්දි ඇස් පුරා සතුට පුරවන් ආඩම්බර මූනක් හිනාවක් පාන දෙගොල්ලොත් දෙමාපියෝ සහ ගුරුවරු විතරයි.. ඒකයි .. ඒකයි ගුරු දෙගුරු කියලා එකට කියන්නේ.. ගුරු දෙවෙනි වෙන්නේ දෙගුරුන්ට විතරයි ♥️
2026-10-07 01:42:31
1
tha_vi_girl1
Manavi Fernando :
අනෙ අපෙ english teacher 🥹💗 thma th hrima lassanaii 💗
2026-10-06 11:47:10
1
ramzaniya99
ramzaniya99 :
kokila teacher❤️😘
2026-10-06 10:31:43
4
rithuu27
shali :
වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම ගුරුවරියක්. හරිම වැදගත් පාටයි.❤️❤️❤️
2026-10-06 11:08:58
1
sanudiamarasekara
SAnu🎀 :
මගෙ අම්මා වගේමයි. එයත් විශ්‍රාමික ගුරුවරියක් ❤️🎀 මගේ අම්මාටත් සියලුම ගුරුවරුන්ටත් සුභ ගුරු දිනයක් වේවා 🌟❤️
2026-10-06 10:50:00
1
zam_r21
Zam✨ :
අපේ අම්මත් teacher කෙනෙක්. දැන් එයා pension 🥰 ඒකට දැන් මමත් teacher කෙනෙක්[Heartwarming] අම්මා වගේ වෙන්නයි ඕන වුනේ♥️
2026-10-06 12:29:05
1
user2482599270460
AK Dancing Academy :
අනේ මගේ අම්මත් ඔබතුමියගේ වයසෙමයි.එයත් ගුරුවරියක් දැන් පාසලේ නි.වි තුමිය.මේ අත් දැකීමම අද මන් මගේ අම්මා හින්දා විදිනවා.ඒ දැනෙන හැගීම් වචනවලින් ලියන්න දන්නේ නෑ.ඔබතුමියට මගේ අම්මටවගේම සියලුම ගුරු මෑණියන්ට පියවරුන්ට සුභ ලෝක ගුරු දිනක්...දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🥰🥰🥰
2026-10-06 08:44:23
1
To see more videos from user @its_sasa_overhere, please go to the Tikwm homepage.

Other Videos


About