@shanakathegreat: දෛවය කියන දේ සමහරක් වෙලාවට මිනිසුන්ට කරන සරදම් හිතාගන්න බැරි තරම් අමාරුයි. අද මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරාන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගත්තා. ඒ වගේම තවත් කෙනෙක් අත්අඩංගුවට ගැනුණා. ඒ පුද්ගලයා ගැන අපේ මාධ්‍ය ඒ තරම් වාර්තා කරන්න උද්‍යෝගයක් දක්වලා තිබ්බේ නෑ. ඒකට හේතුව තමයි ඒ අත්අඩංගුවට අරගෙන තිබ්බේ හිටපු අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායකගේ සැමියා වන ප්‍රදීප කාරියවසම් වීම. මහින්ද රාජපක්ෂ විසින් ශිරාණි බණ්ඩාරනායකව අන්තනෝමතික සහ ඉතාමත් අශීලාචාර විදිහට ධුරයෙන් නෙරපනු ලැබුවා. ඇය මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති වියරුවේ ගොදුරක් වුණා. මේ නිසාම වෙන්න ඇති ඒ අත්අඩංගුවට ගැනීම ගැන වැඩිදුර සඳහන් කළේ නැත්තේ. ඔහුව අත්අඩංගුවට ගත්තේ ශිරන්ති රාජපක්ෂගේ ගනුදෙනු වලට සම්බන්ධ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස ප්‍රදීප කාරියවසම් කටයුතු කිරීම. ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් නෙරපද්දි ප්‍රදීප්ටත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිධූරය අහිමි වුණා. කොහොම වුණත් මේ වෙද්දී ඔක්තෝබර් 13 දක්වා ශිරාන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත වෙද්දී ප්‍රදීප කාරියවසම්ට ඇප ලැබිලා තියෙනවා. ප්‍රදීප් මේකට ගෑවෙන්න මෙන්න මේ විදිහට. සිරිලිය සවිය පදනමේ මහා පරිමාණ ගනුදෙනු අස්සේ තියෙන තවත් ප්‍රධානම චෝදනාවක් තමයි, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑනර් යන්ත්‍රයක් ගන්න ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගත්ත රුපියල් මිලියන 10 ක මුදල අවභාවිතා වීම. ශිරන්තිගේ ලිඛිත ඉල්ලීමක් මත ප්‍රදීප් කාරියවසම්ගේ වාචික නියෝග මත තමයි මේ රුපියල් මිලියන 10 මේ පදනමට නිදහස් කරලා තියෙන්නේ. හැබැයි අන්තිමේදී සිද්ධ වෙලා තියෙන්නේ චීන රජයෙන් ලංකාවට ණය සහනයක් යටතේ ලැබුණු ස්කෑනර් යන්ත්‍රයක් රෝහලට දීලා, අර බැංකුවෙන් ගත්ත රුපියල් මිලියන 10 පිල්ලි ගහපු එක.හැබැයි ශිරන්ති පාර්ශවය නම් කියන්නේ තාම ඒ මිලියන 10 සිරිලිය සවිය ගිණුමේ බබා වගේ තියෙනවා කියලා. බලාගෙන ඉමු ඉතින් #shanaka #funfacts #miniblog #srilankan
Shanaka Iroshana
Region: LK
Wednesday 07 October 2026 16:04:40 GMT
Music
Download
Comments
l'm Anushi 💥❤ :
තණ්හාව විසින් මිනිසා ආගාදයට ඇද දමයි...🙏
"තණ්හාය ජායතී සෝකෝ" කියලාමයි මතක් වෙන්නේ...🙂
2026-10-07 18:44:27
1
nalaka devendra :
මහින්දට කැරකුනෙ ඔය දෝෂාභියෝගය
2026-10-07 19:29:38
3
වාසනා කුමාරි :
ඒ සිංදුව කොහොමද මෙතනට ගැලපුනේ
2026-10-07 16:12:45
2
shan.eu :
2026-10-07 21:39:20
1
Jerome Sri :
2026-10-08 06:47:53
0
user3974996456721 :
itin bank account eke tiyanawa nam, mechchara kal eeka confirm karan natuwa inne ai ?
eeata echchara wela yan naane.
ekama පවුලක් maaruwen maaruwata අතඅඩන0ගුවට ගන්න එක නම් විහිලුවක්
2026-10-08 00:28:41
1
Data with TP :
@Shanaka Iroshana අයියේ ඔයාට තේරෙනව ද මිනිස්සු, ඔයා කලින් දාපු පෝස්ට්වලටයි, දැන් දාන පෝස්ට්වලටයි දාන කමෙන්ට්ස් කොච්චර වෙනස් ද කියලා?😂😂😂
2026-10-07 16:29:47
6
shanakadimantha :
❤️
2026-10-08 00:41:58
1
To see more videos from user @shanakathegreat, please go to the Tikwm
homepage.