@dttyunita: Korban coloring rambut bertahun tahun sampe rambut ngembang+rusak gakaruan🥹😭

Yunita
Yunita
Open In TikTok:
Region: ID
Thursday 08 October 2026 10:45:00 GMT
10416
216
7
11

Music

Download

Comments

ummisobariyah
miumi :
spil kak
2026-10-10 14:20:57
0
felitasrambur
felitas :
spill hair care nya kak
2026-10-09 14:02:48
0
hellowwspaaaaa
hi :
beda nya apa itu yang 2 botol
2026-10-25 02:37:47
0
afra_chyndheee
Fra Chyndhe🤏 :
spil set paket yg kk gunakan di rambut kk nya
2026-10-09 13:02:06
0
To see more videos from user @dttyunita, please go to the Tikwm homepage.

Other Videos

❤️ හිතට හොරෙන් part 18 පසුදින උදෑසනින්ම හසරැල් සිය මිතුරෙකුත් සමඟ පිටත්ව ගියේ සදුන් සේවය කළ කාර්යාලය වෙතයි. ඒ සදුන්ව හමු වී කතාබහ කිරීමටයි. නමුත් එහිදී දැනගන්නට ලැබුණේ සදුන් එදින නිවාඩු ලබාගෙන ඇති බවයි. බලාපොරොත්තු වූ දේ ඉටු නොවූ නිසා හසරැල් නැවත සිය කාර්යාලය වෙත පැමිණියේ පසුව හෝ සදුන්ව හමුවීමට හැකිවේයැයි සිතමිනි. ශානිට ඇමතුමක් ලබාදීමට ඔහුට කිහිප වරක්ම සිතුණත්, සදුන් නිවසේ සිටිනවා විය හැකි යැයි සිතා ඔහු ඒ සිතුවිල්ල යටපත් කරගත්තේය. එහෙත් ඇයට පණිවිඩයක් තැබීමට ඔහු අමතක කළේ නැත. ශානි... මුකුත් ප්‍රශ්නයක් නෑ නේද? ඔයා හොඳින් නේද? ඔහුට දැනගැනීමට අවශ්‍ය වූයේ එපමණකි. නොසිතූ ලෙස ශානිගෙන් පිළිතුරක් ලැබුණි. සර්... ඊයේ සදුන් ගෙදර ආවේ නෑ. එයා කවදාවත් එහෙම රෑට ගෙදර එන්නෙ නැතුව ඉඳලා නෑ. දැන් ෆෝන් එකත් වැඩ නෑ.  ශානිගේ පණිවිඩය දුටු හසරැල් දෙවරක් නොසිතාම ඇයට ඇමතුමක් ගත්තේය.
❤️ හිතට හොරෙන් part 18 පසුදින උදෑසනින්ම හසරැල් සිය මිතුරෙකුත් සමඟ පිටත්ව ගියේ සදුන් සේවය කළ කාර්යාලය වෙතයි. ඒ සදුන්ව හමු වී කතාබහ කිරීමටයි. නමුත් එහිදී දැනගන්නට ලැබුණේ සදුන් එදින නිවාඩු ලබාගෙන ඇති බවයි. බලාපොරොත්තු වූ දේ ඉටු නොවූ නිසා හසරැල් නැවත සිය කාර්යාලය වෙත පැමිණියේ පසුව හෝ සදුන්ව හමුවීමට හැකිවේයැයි සිතමිනි. ශානිට ඇමතුමක් ලබාදීමට ඔහුට කිහිප වරක්ම සිතුණත්, සදුන් නිවසේ සිටිනවා විය හැකි යැයි සිතා ඔහු ඒ සිතුවිල්ල යටපත් කරගත්තේය. එහෙත් ඇයට පණිවිඩයක් තැබීමට ඔහු අමතක කළේ නැත. ශානි... මුකුත් ප්‍රශ්නයක් නෑ නේද? ඔයා හොඳින් නේද? ඔහුට දැනගැනීමට අවශ්‍ය වූයේ එපමණකි. නොසිතූ ලෙස ශානිගෙන් පිළිතුරක් ලැබුණි. සර්... ඊයේ සදුන් ගෙදර ආවේ නෑ. එයා කවදාවත් එහෙම රෑට ගෙදර එන්නෙ නැතුව ඉඳලා නෑ. දැන් ෆෝන් එකත් වැඩ නෑ. ශානිගේ පණිවිඩය දුටු හසරැල් දෙවරක් නොසිතාම ඇයට ඇමතුමක් ගත්තේය. "සර්... සදුන් ආවේ නෑ. කොහේ ගිහින්ද දන්නෙ නෑ..." ඇමතුම සම්බන්ධ වූ සැණින් ශානි පැවසුවේ බියෙන් පිරුණු හඬකිනි. "කීයට විතරද ගියේ, ශානි?" හසරැල් එසේ ඇසුවේ සදුන් සේවය කළ කාර්යාලයට ගොස් පැමිණි නිසා ඔහු ගැන වැඩි විස්තරයක් දැන සිටි බැවිනි. "ඊයේ හවස ගියාට පස්සෙ ආවේ නෑ සර්. එයාගේ යාළුවෙක් ඉන්නවා ඔෆිස් එකේම. පවන් කියලා. මං හිතන්නෙ එහේ යන්න ඇති." ශානි එසේ පැවසුවාය. හසරැල් මොහොතක් කල්පනා කළේය. සදුන් අද ඔෆිස් එකේ නෑ කියලා කිව්වොත් මේ කෙල්ල තවත් කලබල වෙයි. බලමු... ටිකක් ඉවසලා. "හවසට එයි ගෙදර. ආවේ නැත්තම් මට කෝල් එකක් දෙන්නකෝ. මං බලන්නම් ටිකක්." ඔහු එසේ පැවසුවේ ඇගේ සිතෙහි ඇති බිය යම් තරමකට හෝ පහ කර දැමීමේ අරමුණෙනි. "මට බයයි සර්..." ශානිගේ හඬ බිඳී ගියේය. "මං ඊයේ කිව්වා ආයෙ ආවෙ නැතත් කමක් නෑ කියලා. එයා වැරදි කරන කෙනෙක් නෙවෙයි සර්. මට බයයි... එයා මං කියපු වචනවලට හිත රිදිලා කොහේ හරි ගිහින්ද දන්නෙ නෑ..." ශානි කතා කළේ හැඬූ කඳුළිනි. ඊයේ කෝපයට පත්ව තමන් පැවසූ වචන දැන් ඇගේ සිතට ගෙන ආවේ පසුතැවීමකි. මොන දේ වුණත් සදුන් යනු තමන්ගේ සැමියාය. තම දරුවන් දෙදෙනාගේ පියාය. ඔහු සමඟ කොතරම් හිත් රිදවීම් තිබුණත්, ඔහුට යම් කරදරයක් සිදුවී ඇතැයි සිතීම පවා කල නොහැක. "එහෙම මුකුත් නැතුවැති, ශානි. ඔයා බය නොවී ඉන්න. එයා ඔෆිස් එකේ ඇති. හවස් වෙනකම් බලමුකෝ අපි." හසරැල් ඇගේ සිත සනසන්නට උත්සාහ කළේය. "හරි සර්..." ඇමතුම විසන්ධි විය. ශානිගේ සිත සැනසීමට එලෙස පැවසුවත්, මේ වන විට හසරැල්ගේ සිත නම් තිබුණේ දැඩි නොසන්සුන්තාවයකිනි. සදුන් ඔෆිස් එකෙත් නැත්තම් කොහේද ගියේ? මේ මනුස්සයාට මොකක් හරි වෙන සම්බන්ධයක් තියෙනවද? ශානි ගැන කිසිම තැකීමක් නොකරන්නේ ඒ නිසාද? ඔහුගේ සිතට නැඟුණු සැකය තව තවත් වැඩි විය. මේ ගැන අදම හොයාගන්න ඕනේ. හසරැල් නැවතත් පිටත්ව ගියේ සදුන්ගේ මිතුරෙකු වූ පවන් හමුවීමටයි. ටික වේලාවකට පසු ඔහු ඉදිරියට පැමිණියේ හසරැල්ගේම වයසේ යැයි කිව හැකි තරුණයෙකි. "මම තමයි පවන්. මිස්ටර් කවුද? මොනවද මගෙන් වෙන්න ඕනේ?" පවන් හසරැල් ඉදිරියට පැමිණියේ අතට අත දෙමිනි. "මම හසරැල්... SR ෆැෂන් එකෙන්." "ම්ම්... කියන්නකෝ. අපි ඇඳුම් සම්බන්ධව නම් මුකුත්ම කරන්නෙ නෑ, හසරැල්." පවන් පැවසුවේ සිනහවක් මුවට නඟා ගනිමිනි. "නෑ, පවන්. මං ආවේ පෞද්ගලික වැඩකට." "ඒ මොකක්ද?" පවන්ගේ මුහුණේ වූ සිනහව මඳක් අඩු විය. "ඔයා අඳුරනවා නේද සදුන්ව?" "ඔව්..." "මං සදුන්ගේ වයිෆ්ගේ නෑදෑ වෙන කෙනෙක්. නංගි කිව්වා සදුන් ඊයේ ගෙදර ආවේ නෑ කියලා. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද ඔයා එයා ඉන්න තැනක් දන්නවද කියලා?" ඒ ප්‍රශ්නය ඇසූ සැණින් පවන්ගේ මුහුණේ යම් වෙනසක් සිදු විය. ඔහු එය නොපෙන්වා සිටීමට උත්සාහ කළත්, හසරැල්ගේ තියුණු දෑස්වලින් ඒ වෙනස සැඟවීමට ඔහුට නොහැකි විය. මොහොතක් නිහඬව සිටි පවන් නැවත කතා කළේය. "සදුන් අපේ ගෙදර ඉන්නේ. හවස ගෙදර එයි. ශානිට කියන්න බය වෙන්න එපා කියලා." පවන් පැවසුවේ කිසිදු කලබලයක් නොපෙන්වමිනි. නමුත් ඔහු පැවසූ වචනවලට වඩා හසරැල්ගේ සිතට දැනුණේ ඒවා පවසන විට ඔහුගේ මුහුණේ ඇති වූ වෙනසයි. සදුන් පවන්ගේ ගෙදර නම් ඉන්නේ, මේ තරම් කලබල වෙන්න ඕනේ නැහැනේ. මොකක්ද මේ මනුස්සයා හංගන්නේ? හසරැල්ට පවන් ගැන සැකයක් ඇති විය. "ඒත් ෆෝන් එක වැඩ කරන්නේ නැත්තේ ඇයි?" හසරැල් නැවතත් ප්‍රශ්න කළේය. "ම්ම්... මං හිතන්නේ ඔෆ් කරගෙන. මම සදුන් එක්කන් එන්නම් හවස. හසරැල් දැන් යන්නකෝ." පවන් පැවසුවේ කතාව ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ කරන ආකාරයෙනි. "හරි එහෙනම්. මම යන්නම්. සදුන්ට කියන්න මං හම්බවෙන්න ආවා කියලා." හසරැල් එසේ පවසා එතැනින් පිටව ගියේය. නමුත් ඔහුගේ සිතට නම් කිසිදු සැනසීමක් නොවීය. සදුන් ඇත්තටම පවන්ගේ නිවසේ සිටිනවා නම් ඔහු කලබල උනේ ඇයි. සදුන්ගේ ජීවිතයේ ශානි නොදන්නා වෙනත් රහසක් තිබේද? හසරැල්ට දැනුණේ මේ සිදුවීම පිටුපස යම් දෙයක් සැඟවී ඇති බවයි. ඒත් මේ සියල්ලටම පිළිතුරක් ලැබෙන්නේ සදුන්ව හමුවූ පසුවයි. සදුන්ව සොයාගත යුතුය. ඒ ඔහු වෙනුවෙන්ම නොව, ඔහු නිසා බියෙන් හා කඳුළින් පසුවන ශානි වෙනුවෙනි. ❤ #viral#nawakatha

About