@newsmaniaalert: වත්මන් රජයේ ආර්ථික සහ සමාජයීය ගමන්මඟ වන්නේ ග්‍රාමීය ජනතාව නගරවලට කැඳවීම නොව, ගම තුළ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සහ පහසුකම් ලබා දීම බවත්, එහිදී ගම සහ නගරය අතර ඉතා දියුණු මාර්ග පද්ධතියක්, හොඳ සන්නිවේදන පද්ධතියක්, කාර්යක්ෂම සහ ශක්තිමත් රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම අරමුණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා සුදුසුකම් ලැබූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේදී එක් වෙමින්. වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවයට ඉතා ගෞරව කරන ආණ්ඩුවක් මෙන්ම රාජ්‍ය සේවය යහපත් වැටුප් තලයක පිහිටුවිය යුතු බව අපේක්ෂා කරන ආණ්ඩුවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉතා අසීරුතම තත්ත්වයක් හමුවේ වුවද මූලික වැටුප් වැඩි කිරීමට සහ දීමනා වැඩිකිරීමට කටයුතු කළේ එබැවින් බවද පැවසීය. නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ප්‍රථම වතාවට ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා මෙලෙස පත්වීම් ප්‍රදානය කෙරුණු අතර, විභාග ප්‍රතිඵල සහ සම්මුඛ පරීක්ෂණවල කුසලතාවයන් පමණක් සැලකිල්ලට ගනිමින් සුදුස්සන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ප්‍රතිපත්තියට අනුව මෙම බඳවා ගැනීම් සිදු කර තිබීම විශේෂත්වයක්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, "අපේ රාජ්‍ය සේවයේ දැනට පවතින වැටුප් තල ප්‍රමාණවත් නැති බව මම පිළිගන්නවා. ඒ නිසා ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයන්, නීති නිලධාරීන් වැනි දක්ෂ වෘත්තිකයන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දුෂ්කරතාවයක් පවතිනවා. හැබැයි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රුපියල් 10කින් වැඩි කළහොත් මාසයකට රුපියල් මිලියන 13ක අමතර වැයබරක්ද, රුපියල් 100කින් වැඩි කළහොත් බිලියන 1.3ක වැයබරක්ද ඇති වෙනවා. එම නිසා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩි කරමින් එහි ප්‍රමාණය කුඩා කළ යුතුයි කියා අපි හඳුනාගෙන තිබෙනවා. එහිදී කිසිසේත් අපි රාජ්‍ය සේවය අත්හරින්නේ නැහැ. රාජ්‍ය සේවය අත්‍යාවශ්‍ය වන අතර, එය දියුණු කළ යුතුයි යන්න අපේ ප්‍රතිපත්තියයි. හැබැයි මේ සේවය ලබා දීමට සිටින යාන්ත්‍රණය තව කුඩා විය යුතු බව අපි විශ්වාස කරනවා." #newsfeed #viralpost #foryoupageシ #srilanka #newsmania
News Mania Alert
Region: LK
Friday 09 October 2026 00:59:42 GMT
Music
Download
Comments
❤💋kuari❤💋 :
දුප්පත් ඵවූන් රටවල් ලව දුක් වීද්නවා මොන දේවත් ආපට පෑ
2026-10-09 18:37:51
0
lasantha en chanu boyi😍😍😍😍 :
ඔවා හින
2026-10-09 09:01:04
0
Kasun Udayanga826 :
2026-10-09 16:14:46
1
anura Kumara W Wholesale Kandy :
yes
2026-10-09 03:30:59
1
Malinda :
good
2026-10-09 04:20:45
0
a.s.m.nazeem :
😂😂😂
2026-10-09 07:55:50
0
Asanka Kumara :
gadara yanna wae waga esarahata
2026-10-09 11:03:11
1
😜😜😂හිතුවKකාරයා 🫣😂😜 :
දුප්පත් මිනිස්සුන්ට දෙන්න මොකද රජෙ උන් විතරද චාන්දේ දුන්නේ
2026-10-09 08:33:08
0
chrisniranjanmend :
🤣🤣🤣
2026-10-09 02:18:03
1
niroshan anjula :
🤣
2026-10-09 14:55:11
0
Gayantha Bandara :
😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
2026-10-09 08:30:29
0
Ruwan Kumara :
😂😂😂
2026-10-09 07:07:07
0
sudarshanakeerth1 :
😁😁
2026-10-09 03:49:59
0
Sandun Chandika :
😂😂😂😂😂
2026-10-09 04:01:03
0
Sanjeewa Deshan :
[Rose]
2026-10-09 06:07:05
0
SUDDA """"" :
😂😂😂
2026-10-09 13:59:09
0
To see more videos from user @newsmaniaalert, please go to the Tikwm
homepage.