@hirunews: දින 321ක විදෙස් මෙහෙයුම නිමවා USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව නැවත අමෙරිකාවට දින 321ක දීර්ඝ සංචාරයක නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'USS ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ගුවන්යානා ගෙනියන නෞකාව සිය මෙහෙයුම් අවසන් කරමින් නැවත සැන් ඩියාගෝ (San Diego) වරාය වෙත පැමිණ තිබෙනවා. එහිදී, මෙය වියට්නාම් යුද්ධයෙන් පසුව ඇමෙරිකානු ගුවන්යානා ගෙනියන නෞකාවක් සිදුකළ දීර්ඝතම මෙහෙයුම් අතරින් එකක් ලෙස ඉතිහාසයට එක්වනු ඇති. මැදපෙරදිග කලාපයේ 'Operation Epic Fury' සහ සාගරික ආරක්ෂක මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වූ මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය, කිසිදු වරායකට සපැමිණීමකින් තොරව (Port call) අඛණ්ඩව දින 265ක් මුහුදේ කාලය ගත කර තිබෙනවා. නෞකාව වරායට සපැමිණීමත් සමඟ එහි සිටි නාවිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතර සංවේදී හමුවීම් සිදුවූ අතර, ඇමෙරිකානු ජාතික කොඩි ඔසවමින් විශාල පිරිසක් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගැනීමට එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම පැමිණීම නෞකාවේ සිටි නවක පියවරුන් 64 දෙනෙකුට සුවිශේෂී සන්ධිස්ථානයක් වූයේ, මෙහෙයුම අතරතුර උපත ලැබූ සිය දරුවන් ප්‍රථම වතාවට මුහුණට මුහුණ දැකබලා ගැනීමට ඔවුන්ට මෙහිදී අවස්ථාව හිමිවීම හේතුවෙන්. මූලාශ්‍රය - ෆොක්ස් නිවුස් #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 04:29:03 GMT
11887
367
1
1

Music

Download

Comments

roshennnnnnn
roshennnnnnn :
♥️♥️♥️
2026-10-09 05:16:37
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About