@xyow_2: ඔයා නොදන්නවා වුණාට ඔයා කියන්නේ මට මගේ මුළු ලෝකෙම…!! 🥺❤️🩹 සමහරවිට ඔයාට මම තවත් එකම එක කෙනෙක් විතරක් වෙන්න ඇති… ඒත් මට නම් ඔයා මේ ලෝකේ මුණගැහුණු වටිනාම කෙනා… ඔයා එක්ක වචනයක් දෙකක් කතා කළත් මගේ හිත පිරෙනවා… ඔයාගෙන් පුංචි පණිවිඩයක් ලැබුණත් මගේ මූණට හිනාවක් එනවා… ඔයා මං ගැන ටිකක් හරි හොයලා බැලුවොත් ඒ මුළු දවසම මට ලස්සන වෙනවා… ඒත් ඔයා දන්නවද සුදූ…? 🥺 ඔයාට සාමාන්ය දෙයක් වුණු ඔයාගේ පුංචි වචන පවා මගේ හිතේ කොච්චර ලොකු තැනක් ගන්නවද කියලා… ඔයා නොදන්නවා ඇති ඔයා එක්ක කතා කරපු පුංචි වෙලාවක් ගැන මං කොච්චර වෙලාවක් හිතනවද කියලා… ඔයා කියපු එක වචනයක් නැවත නැවත මතක් කර කර මං තනියම හිනාවෙන හැටි… ඒ වගේම ඔයාගේ කටහඬේ පුංචි වෙනසක් දැනුණත් මගේ හිත කලබල වෙන හැටි… ඔයා වෙනදා වගේ කතා නොකරනකොට මොකක් හරි වැරැද්දක් මගෙන් වුණාද කියලා මං මගෙන්ම අහන හැටි… ඒ හැමදේම ඔයා දන්නේ නෑ… මොකද මං මගේ හිතේ තියෙන හැම හැඟීමක්ම ඔයාට කියන්නේ නෑ… කියන්නත් බයයි සුදූ… මගේ හිතේ ඔයාට තියෙන තැන ඔයාට තේරුණොත් ඔයා මගෙන් ඈත් වෙයිද කියලා… 💔 මං ඔයාගෙන් ලොකු ලොකු දේවල් ඉල්ලුවේ නෑ… හැම මොහොතකම මගේ ළඟින් ඉන්න කියලවත්, මං වෙනුවෙන් මුළු ලෝකෙම අත්හරින්න කියලවත් මං කවදාවත් ඉල්ලුවේ නෑ… මට ඕනෙ වුණේ ඔයාගේ ජීවිතේ පුංචි තැනක් විතරයි… ඔයාගේ සතුටේදී හිනාවෙන්න, ඔයාගේ දුකේදී ළඟින් ඉන්න, ඔයාට හැමදේම එපා වෙලා දැනෙන දවසක “මම ඉන්නවා නේද” කියලා ඔයාගේ හිතට සැනසීමක් වෙන්න… ඔයාට ලෝකෙම විරුද්ධ වුණත් ඔයාගේ පැත්තේ ඉන්න කෙනෙක් වෙන්න… ඔයාගේ වැරදි දැක දැකත් ඔයාව අතහරින්නේ නැති කෙනෙක් වෙන්න… ඔයාගේ හිනාව වෙනුවෙන් මගේ පුංචි සතුටක් හරි කැප කරන්න… ඇත්තටම සුදූ, මට ඕනෙ වුණේ ඔයාගේ ජීවිතේ තවත් එකම එක මනුස්සයෙක් වෙන්න නෙවෙයි… ඔයාට දවසක හැමෝම අමතක වුණත් හිතට මතක් වෙන විශේෂ කෙනෙක් වෙන්න…!! 🥺❤️🩹 ඒත් සමහර වෙලාවට මටත් බය හිතෙනවා… මං ඔයාව මගේ මුළු ලෝකෙම කරගෙන මේ තරම් ආදරේ කරනකොට, ඔයාගේ ලෝකෙ මට තියෙන තැන කොච්චර පුංචිද කියලා හිතෙනකොට හිතට දරාගන්න බැරි දුකක් දැනෙනවා… මං ඔයා නැති දවසක් ගැන හිතන්නත් බයයි… ඔයා නැතුව මගේ දවස ගෙවෙන හැටි, ඔයාට කියන්න හිතෙන දේවල් කියන්න කෙනෙක් නැති වෙන හැටි, ඔයා එක්ක බෙදාගන්න හිතපු පුංචි පුංචි සතුටු දේවල් හිත ඇතුළේම හිර කරගන්න වෙන හැටි… ඒ හැමදේම මතක් වෙනකොට මට හිතෙන්නේ එකම දෙයයි… අනේ සුදූ, අපිට හැමදාම මෙහෙම ඉන්න බැරිද…? අද වගේම හෙටත් එකිනෙකාට ආදරේ කරගෙන, පුංචි දේවල්වලට රණ්ඩු වෙලා, ආයෙත් හිනා වෙලා, ජීවිතේ කොච්චර වෙනස් වුණත් අපි දෙන්නා වෙනස් නොවී ඉන්න බැරිද…? 🥺💗 මං දන්නේ නෑ අනාගතේ අපිට මොනවා වෙයිද කියලා… අපි හිතන හැම හීනයක්ම ඇත්තක් වෙයිද කියලත් මං දන්නේ නෑ… ඒත් එක දෙයක් දන්නවා… මේ මොහොතේ මගේ හිතේ ඔයාට තියෙන ආදරේ ඇත්තක්… ඔයා එක්ක අනාගතයක් ගැන හිතනකොට මගේ හිතට දැනෙන සතුට ඇත්තක්… ඔයා මගේ ළඟ ඉන්නවා කියලා දැනෙනකොට මට දැනෙන සැනසීමත් ඇත්තක්… ඉතින් මං ප්රාර්ථනා කරන්නේ මගේ හිතේ තියෙන මේ ආදරේ කවදාවත් ඔයාට බරක් නොවෙන්නයි… මගේ ආදරේ නිසා ඔයාගේ හිනාව නැති නොවෙන්නයි… පුළුවන් නම් මං ඔයාට දෙන ආදරේ වගේම ඔයාගෙන් ලැබෙන ආදරෙත් එක්ක ජීවිතේ ලස්සනට ගෙවන්නයි… ❤️🩹 අන්තිමට එක දෙයක් කියන්නම් සුදූ… ඔයාට සමහරවිට මං ඔයාට කොච්චර ආදරේ කරනවද කියලා කවදාවත් තේරෙන එකක් නැති වෙයි… ඒත් මං දන්නවා, මගේ ජීවිතේ ලස්සනම හීනවල ඔයා ඉන්නවා… මං ප්රාර්ථනා කරන අනාගතයේ ඔයා ඉන්නවා… මගේ හිතට සැනසීමක් ඕනෙ වුණාම මතක් වෙන නම අතරින් ඔයාගේ නම ඉස්සරහින්ම තියෙනවා… මට සතුටු දෙයක් වුණාම මුලින්ම කියන්න හිතෙන්නේ ඔයාට… මට දුකක් දැනුණාම ළඟින් ඉන්නවා නම් හොඳයි කියලා හිතෙන්නේ ඔයා ගැන… ඒ නිසාමයි සුදූ, ඔයා මට තවත් එකම එක කෙනෙක් නොවෙන්නේ… ඔයා නොදන්නවා වුණාට, මගේ හිතේ ලස්සනම තැන ඔයා වෙනුවෙන් වෙන් වෙලා ඉවරයි… ඔයා නොදන්නවා වුණාට, මගේ හීනවල ලස්සනම කොටස ඔයා වෙලා ඉවරයි… ඒ වගේම… ඔයා නොදන්නවා වුණාට, මේ පුංචි හිතට ඔයා කියන්නේ ආදරේ විතරක් නෙවෙයි… ඔයා කියන්නේ මගේ සැනසීම… මගේ බලාපොරොත්තුව… මගේ හීන… මගේ හෙට දවස… කෙටියෙන්ම කිව්වොත් සුදූ, ඔයා කියන්නේ මට මගේ මුළු ලෝකෙම…!! 🥺❤️🩹🫂 #popular #xyow_2 #fypage
𝐘 𝐨 𝐰 ☁️ !
Region: LK
Saturday 10 October 2026 16:23:24 GMT
Music
Download
Comments
SADU 🥵💗 :
මල්ලි බබෙක් ඕනේ 🌝💗
2026-10-15 19:23:44
0
🕷'' 𝘋ιℓ 🪶 :
Caption plz 🥹
2026-10-14 06:09:23
0
podda..exe :
හැමෝටම තමන් ආදරෙ කරන අයව හිමිවෙන්න ඔනේ ❤️💫
2026-10-15 04:44:53
0
💞°•Hashi girl•°💞 :
plz caption eka dennko🥺❤️🩹
2026-10-14 02:12:14
0
sweety 🍃😽🧚🏼♀️🐰...... :
@driftboy🥺
2026-10-14 15:54:47
0
Sithu 👀💱♾️ :
captain eka dennako please 🥺💗
2026-10-12 10:18:18
2
♡ 𝓐𝓼𝓱𝓲 ୨ৎ :
captain please 🥺❤️
2026-10-11 04:49:14
1
T🌊! :
Caption please ❤️
2026-10-12 10:26:03
0
Ma Du Sha Ni 🤍 :
හැමදේම 🤍🥹
2026-10-10 18:46:00
1
𝔄𝔖𝓗𝓘 💕💕 :
❤️🩹
2026-10-14 08:06:51
0
Nadeeshan 🙇♀️🫨 :
captain
2026-10-11 08:11:34
0
M_a_H_i 🎀 :
අම්මා 🥺❤️
2026-10-12 01:05:12
0
Paziyah_ns ⚡️🏍 :
Capion onii🥺
2026-10-11 08:26:55
0
chamo girl 🥀🖤💫 :
hmm😔
2026-10-11 07:28:56
0
chan kollah :
eka birthday wish ekakin kochhara duraknm awada menika 🥰❤️
2026-10-12 18:08:08
0
AHASNA @ ❤️CHANUKA 😘😘❤️🥰 :
mtth emai ❤️❤️❤️❤️eya mage mulu lokema
2026-10-12 03:21:29
0
Nurya :
2026-10-12 02:32:01
0
マリドゥ 🦕 :
2026-10-10 18:14:18
0
🦇️ Bat ghost :
ඔයා මගෙ මුළු ලෝකෙම සුදු❤️J
2026-10-10 22:22:35
0
Sada boy❤️👀 :
2026-10-10 19:12:07
0
pihu 🍂🐰🪼💫 :
හැමදේම 🥹❤️🩹
2026-10-11 03:01:48
0
니샤🧚♀️𝐌🥹🧚♀️ :
𝐂𝐚𝐩𝐭𝐢𝐨𝐧 🥺🫶
2026-10-11 05:00:22
0
user9551462040698 :
මගෙ අයියා
2026-10-11 06:02:13
0
× 𝐌𝐄𝐍𝐔 𝐐𝐔𝐎𝐓𝐄𝐒 👑" :
2026-10-10 17:16:24
0
To see more videos from user @xyow_2, please go to the Tikwm
homepage.