@hirunews: යතුරුපැදි පදවන්නන්ගේ සහ පසුපස ගමන්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, SLS 517 ප්‍රමිතියට අදාළ SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) අලෙවි කරන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම නවතම මෙහෙයුම යටතේ දිස්ත්‍රික්ක 21ක සාර්ථක වැටලීම් 84ක් සිදු කර ඇති අතර, ප්‍රමිතිය නොමැති හෙල්මට් 327කට අධික ප්‍රමාණයක් නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ. විවිධ වෙළෙඳ නාම යටතේ අලෙවි කළ SLS ලාංඡනය නොමැති හෙල්මට් දිස්ත්‍රික්ක රැසකින් හඳුනාගෙන ඇති අතර, එකම හෝ සමාන වෙළෙඳ නාම සහිත හෙල්මට් දිස්ත්‍රික්ක කිහිපයකින් නැවත නැවතත් හමුවීම හේතුවෙන්, සිල්ලර වෙළෙඳුන්ට එරෙහිව පමණක් නොව සැපයුම්කරු, බෙදාහරින්නා, ආනයනකරු සහ නිෂ්පාදකයා දක්වා සැපයුම් ජාලය ඔස්සේ විමර්ශන පුළුල් කිරීමට පියවර ගනිමින් පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ගම්පහ, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලින් SLS ස්ටිකර් අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳවද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත්, එමෙන්ම, ළමා සහ කුඩා ප්‍රමාණයේ හෙල්මට් අතරද SLS ලාංඡනය නොමැති නිෂ්පාදන හඳුනාගෙන ඇති අතර, යතුරුපැදි හෝ වෙනත් වාහන භාවිත කරන්නන් සඳහා ආරක්ෂිත හිස්වැසුම් ලෙස ඒවා අලෙවි කරන්නේ නම් ඒවාද SLS 517 ප්‍රමිතියට අදාළව පරීක්ෂා කෙරෙන බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Monday 12 October 2026 07:12:45 GMT
60405
1959
52
322

Music

Download

Comments

2345ghhh
tom :
නීතියක් හදලා මිනිස්සු ආරක්ෂා කරා❎ නීති හදලා මිනිස්සුන්ගේ සල්ලි ටික ගලවගත්තා✅
2026-10-12 09:13:22
115
janiya.w
janiya :
Plz [Tears of joy] even kottu mee have sls
2026-10-12 09:50:50
9
dilshan.dilshan002
𝐑𝐄𝐃 𝐁𝐀𝐁𝐘 ⚡ :
ඊයෙ ගත්ත Steelbird එකේ SLS නෑ කියලා මතක් උනාම 😅
2026-10-12 16:37:03
0
sithum.004
" Sithum  🪬 :
SLS තියෙන ඒවා බාගෙට බාගය්ක් හුලන් පාරටත් දෙකට කැඩෙන ඒවානෙ Visor එකට tape එකක් ගහන් යන්න වෙන්නෙ 😂
2026-10-12 13:00:06
1
itz_tharu09
itz_tharu09 :
Trackda bn
2026-10-12 11:32:29
7
reshan8487
𝑹𝒆𝒔𝒉𝒂𝒏 ✿◕ ‿ ◕✿ :
ප්‍රමිතියක් නැති එක අරන් රජය ගානේ අලුත් එකක් දෙන්න😂
2026-10-12 11:14:17
7
priyad490
Kavindu 💋 :
sls nathi ekd bn lokuma prshne 🥲
2026-10-12 07:21:28
20
slsf094
slsf0094 :
good job
2026-10-12 09:55:13
0
umayangaweragoda
YOHAN UMAYANGA 🏝️☘️ :
2026-10-12 16:58:17
2
1991.sadun
Sadun🇱🇰 :
sls neti creem jati nawattana ekekuta kondak ne
2026-10-12 07:15:37
9
hbitzzeditz
Habitz z Editz :
Vega
2026-10-12 09:38:00
4
itz.neo_x
itz.neo_x :
Stiker ek ghgnnm 100yi
2026-10-12 17:54:19
0
amaris12330
Ranil :
හදුන්නෙත්ති අලුත් හෙල්මට් කඩයක් දාල. ඒකයි ඔය නීතිය. එයාට sls තියෙලු
2026-10-12 13:58:14
0
vihangii.d
Freaky Anyaa :
2026-10-12 11:28:00
1
b_a_y_o
𝔅 🗽 :
Ane 😞😹
2026-10-12 12:25:22
0
_dil_98_
Thilini Dilhani :
Hamotama therila passe yna aya widina duk
2026-10-12 12:16:24
1
abeethchinthaka1
Abheeth Chinthaka :
SLS. sticker thiyanawa 😁
2026-10-12 12:36:48
0
daham.sachintha6
daham :
axor wala sls tiyenawa
2026-10-12 09:52:24
0
niroshan.anjula
niroshan anjula :
2026-10-12 10:30:44
0
vishwavihaganath
vishwa_vihaganath :
ඒ කියන්නෙ අලුත් දඩයක් 😂
2026-10-12 09:04:57
3
zyra_x8
V2 Zyra  🥷💥💗 :
ඇයි SLS සහතිකෙ තියෙන එවලින් ඔලුව අරාක්ශා වෙනවද 😂💔
2026-10-12 11:51:02
0
sureshsanjeewa14
SURESH 🇯🇵📚 :
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි සහතික බලනවා හොදයි 🫶
2026-10-12 09:48:31
1
mrunix
𝐔𝐧𝐢𝐱 ♱ :
2026-10-12 11:14:19
0
thisarasadikari
🆃ʜɪ🆂ᴀʀ🅰 🌪 :
අලුතෙන් bike එකක් ගත්තාම showroom එකෙන් free දෙන helmet එකට SLS නෑ..
2026-10-12 13:35:49
0
music_by_ashan
ashaaaan_ :
idpm heta idan national logo ghla cricket helmet danne
2026-10-12 16:12:19
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About