@udarsha.udakara: ඉංග්‍රීසින්ටවත් සිවුර ගැලවීමට නොහැකි වූ උඩකැන්දවල සරණංකර හිමියන් ගෙ සිරගෙදර යුද්ධය.., බුදුදහමට ලොකුම හානිය කළ යටත් විජිත පාලකයෝද බුද්ධ චීවරයට අත තැබුවේ නැත. ඊට හොඳම කතාව ඉංග්‍රීසි පාලනයෙන් ලංකාව නිදහස් කරගැනීම සඳහා සටන් කළ , ඉන්දියානු නිදහස් සටනටද සහයෝගය දැක්වූ උඩකැන්දවල සරණංකර හිමියන්ගේ සටනක සටහන් නමැති කෘතියේ ඇති මේ කතාවය. ...හික්කඩුවේ තිරාණගම රැස්වීමකදී (දෙවන ලෝක) යුද්ධයට විරුද්ධව කතා කළේ යැයි කියා... මට විරුද්ධව චෝදනාවක් ගාල්ලේ උසාවියට ඉදිරිපත් කර තිබුණේය. චෝදනාවට නිවැරදිකරු යයි කියා සිටි මම අධිරාජ්‍යවාදීන් සියවසකට වැඩි කලක් මෙරැටියන්ගේ ලේ උරා බිවූ අයුරුත්, උසස් ජාතියක්ව සිටි ලාංකිකයන් අද පිරිහී සිටින්නේ ඒ නිසා බවත්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව මවුබිමේ නිදහස උදෙසා සටන් කිරීම අපරාධයක් නම් මා වැරදිකරු වන බවත්, එය අපරාධයක් වශයෙන් අධිරාජ්‍ය පන්දම්කාරයන් හා පාලකයන් පිළිගත්තත් මා නොපිළිගන්නා බවත් කියා සිටියෙමි. එහි ප්‍රතිඵලය වූයේ දෑවුරුදු සිර දඬුවමක් නියම වීමයි. උසාවියේ ප්‍රධාන විනිශ්චයකාරතුමා විසින් නඩු තීන්දුව කියවන ලදුව මා හිරගෙදරට කැඳවාගෙන යනු ලැබීය... ගාල්ලේ හිරගෙදර මකර කට මෙන් විවෘත වූ ගේට්ටුවෙන් ඇතුළුවත්ම නිදහස් ලෝකයෙන් වර්ෂ දෙකකට මම ඈත් වුණෙමි. දොර වැසී ගියේය. මගේ දෙනෙතින් කඳුළු හැලුණේ හිරගෙට යාමට බියකට හෝ දුකකට හෝ පත්වීම ගැන නොවේ. මා උපන් බිම වෙනුවෙන් යම් කිසි සේවයක් කොට හිරගෙදරට යාමට සිදුවීම ගැනයි. ...මෙසේ සිතිවිලි සාගරයේ කිමිදෙමින් සිටින අතර හිරගෙදරින් නිලධාරියකුගේ අණ පරිදි කාමරයකට මම ගියෙමි. කාමරයට ඇතුළුවත්ම "ගලවපන් රෙදි" යි මහ ගොරෝසු හඬක් ඇසිණි. මම වටපිට බැලීමි. අනෙක් හිරකරුවකු එහි නොසිටි හෙයින් ඒ මට කළ අණකැ'යි සිතීමි. මම නිහඬ වීමි. තව වරක් ඒ ගෝරනාඩු හඬ ඇසිණි. මම ඒ දෙස බලා "රෙදි ගලවාපන් කියන්නේ කාට ද?" දැයි විමසුවෙමි. "තමාට"යි හෙතෙම මඳක් සැර අඩුකොට උත්තර දුන්නේ ය. "රාලහාමි, මේවා රෙදි නොවේ, මේවා සිවුරු. මේවා ඇන්දේ බොහොම ගරු සැලකිලි ඇතිව. මේවා ගලවන්නේත් එවැනිම ගරු සැලකිලි ඇතිවයි. මේවා මංකොල්ලකාරයන්ගේ, වේසා ගෑනුන්ගේ රෙදි ගලවන තාලයට ගලවන්න බෑ" මම කීයෙමි. "මෙහෙ ඔය ලොකුකම් බැහැ. කොච්චරලොක්කෙක් ආවත් ඔය දොර ළඟට පමණයි ලොකුකම්. එතැනින් මෙහාට ආවා නම් කතා බෑ. අපි කියන එක කරන්න ඕනෑ" කියා, "ගලවනවා ඇඳගෙන ඉන්න රෙදි. අඳිනව හිර ඇඳුම්. නැත්නම් හුඟක් ඇඟ රිදෙනවා ඇති" ඔහු මහා ආඩම්බර ලීලාවකින් පැවසීය. ගණන්කාර නිලධාරී තැනට උත්තර දීමටත් පෙර එහි පැමිණි තවත් නිලධාරියෙක්, "මේක හිරගෙදර හාමුදුරුවනේ, උසාවියෙන් වැරදිකරුවන් වී එන කවුරුන් වුවත් හිර ඇඳුම් අඳින්නට ඕනෑ. ඒක රජ්ජුරුවන්ටත්, වැසියන්ටත්, හාමුදුරුවන්ටත්, කාටත් එකයි. හිරගෙදර නීතිය කාටත් එකයි" කීයේ හිතවත් භාවයක් පෙන්වමින් ය. "ඒක එහෙම තමයි නීතිය. මට ඒ ගැන තමුන්නාන්සේලා එක්ක කතා කරන්ටදෙයක් නෑ. මේ සිවුරු පෙරෙව්වේ මහ උත්සව සහිතව, මේවා ගලවන්න එවැනිම උත්සව නැතත් සැලකිලි තිබෙන්ට ඕනෑ. අපේ රට දැන් යටත් රටක්, ඒත් මේක බෞද්ධ රටක්. එබැවින් මගේ සිවුරු ගලවන්නට නම් ඊට පෙර අපේ ගරු මහානායක හාමුදුරුවෝත්, ගිහි බෞද්ධ නායකයකු වශයෙන් පිළිගත් ස්වදේශ භාර අමාත්‍ය ජයතිලක මහත්මයාත් මට හමුවන්න ඕනෑ. එහෙම නැතිව මා සිවුරු ගලවන්නේත් නෑ, වෙන කාටවත් ගලවන්න දෙන්නේත් නෑ. එහෙම ගලවනවා නම් තමුසෙලාගේ වැඩක්. නමුත් එයින් පසු මතුවන අනික් කරදර ගැන තමුසෙලා වග බලාගන්නත් ඕනෑ" "මොකද හාමුදුරුවෝ හිරගෙදර කඩන්නට ද?" "එහෙම වෙන්නත් බැරි නෑ. නමුත් මගේ සිවුරු බලෙන් ගැලෙව්ව හැටියේම මම මෙතනම උපවාසයක් පටන් ගන්නවා" ඊට පසු ඔවුහු මා සමග කිසිත් කතා නොකොට මා හිරගෙය තුළට යවා ප්‍රධාන සුපිරින්ටැන්ඩන්ට් තැනට දැන්වූහ. මම එහි අගුවකට වී කළ යුතු දෑ ගැන මෙනෙහි කරමින් කල්පනා ලෝකයට ඇතුළු වීමි.... එසේම පහත දැක්වෙන ජෝන් ඩොයිලිගේ සටහනෙන් උසාවියෙන් වරදකරුවකු වූ භික්ෂුන් වහන්සේ නමකගේ චීවරය ගැලවීමේදී යටත් විජිත ඉංග්‍රීසි නිලධාරීන් කෙතරම් ඉවසීමකින් කටයුතු කර තිබේද යන්න පැහැදිලිවෙයි. රට කරවන උදවිය, නිලධාරීන් මේවා කියවිය යුතුය. අධ්‍යනය කළ යුතුය. #udarshaudakara #foryoupage #sinhalabuddhism #srilanka #sinhala

❀udarsha udakara
❀udarsha udakara
Open In TikTok:
Region: LK
Monday 12 October 2026 14:56:35 GMT
1624
101
1
0

Music

Download

Comments

nuwan.sachin
🕊 𝒴𝑜𝓌𝓊𝓃 𝒟𝒶𝒽𝒶𝓂 𑁍 :
🥺
2026-10-14 05:15:45
0
To see more videos from user @udarsha.udakara, please go to the Tikwm homepage.

Other Videos


About