@newsmaniaalert: බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම හෝ උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දීම මුළුමනින්ම අධිකරණ ක්රියාවලියක් හා බැඳී පවතින කාරණයක් බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුක්රම ව්යවස්ථාවට සහ අධිකරණයට ගරු කරමින් නිසි වේලාවට නිවැරදි තීරණය ගනු ඇති බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. මහනුවර ඓතිහාසික මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන් වෙත පැමිණි අග්රාමාත්යවරිය, මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකගොඩ ශ්රී ඥානරතන මහානාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තා. එහිදී 2027 වසරේදී ආරම්භ කිරීමට නියමිත 6 වසර ඇතුළු පාසල් විෂය මාලා සංශෝධනය කිරීම පිළිබඳවද අග්රාමාත්යවරිය මහානාහිමිවරුන් දැනුවත් කළාය. අනතුරුව මාධ්ය වෙත අදහස් දැක්වූ අග්රාමාත්යවරියගෙන් මාධ්යවේදීන් විමසා සිටියේ, ඥානසාර හිමියන්ගේ සිවුර අයිතිය මුල්කරගෙන මහනුවර දළදා මාළිගාව අභියසින් ආරම්භ වූ පාගමන මේ වන විට උන්වහන්සේ නිදහස් කරගැනීමේ අරමුණ දක්වා පරිවර්තනය වී ඇති පසුබිමක, රජය විසින් උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දීමට කිසියම් අදහසක් පවතින්නේද යන්නයි. ඊට පිළිතුරු දුන් අග්රාමාත්යවරිය මෙසේ අවධාරණය කළා. "ඒක අධිකරණ ක්රියාවලියක්. අධිකරණයෙන් තමයි ඊට අදාළ තීන්දුව දීලා තියෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් අපිට උපදෙස් ලබාගන්න වෙන්නෙත් අධිකරණයෙන්මයි. ජනාධිපතිතුමා කියන්නේ හරි තීරණය හරි වෙලාවට ගන්න කෙනෙක්. එතුමා රටේ පවතින තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව බුද්ධිමත්වයි තීන්දු තීරණ ගන්නේ. අපි අධිකරණයට ගරු කරනවා, අපේ රටේ සම්ප්රදායට ගරු කරනවා වගේම ආණ්ඩුක්රම ව්යවස්ථාවටත් ගරු කරනවා. ඒ අනුව තමයි ජනාධිපතිතුමා දැනුත් තීරණ ගන්නේ, ඉදිරියටත් තීරණ ගන්නේ." ජාතික හා ආගමික සහජීවනයට හානි වන අන්දමේ ප්රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු කරමින් හෝමාගම මහේස්ත්රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය මඟින් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා. උන්වහන්සේ වහා නිදහස් කර ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ ප්රමුඛ පිරිසක් විසින් මහනුවර ශ්රී දළදා මාළිගාව අභියසින් කොළඹ දක්වා 'නිදහසේ පාද යාත්රාව' නමින් විරෝධතා පාගමනක් පැවැත්වූහ. අනතුරුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් සත්යග්රහයක නිරත වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු 55 දෙනෙකුට එම පරිශ්රයෙන් ඉවත් වන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කර තිබෙනවා. #newsfeed #viralpost #foryoupageシ #srilanka #newsmania
News Mania Alert
Region: LK
Friday 16 October 2026 07:54:13 GMT
Music
Download
Comments
K.B. Wirakkodi :
අපේ ජනාධිපති තුමානි සමාව දෙන්න එපා 👍👍👍👍♥️♥️♥️
2026-10-16 12:26:21
7
anoma :
මෙක බොරුවක් සමාව දෙන්න එපා
2026-10-16 10:44:23
6
ප්රමෝද් :
දෙන්න එපෝ
2026-10-16 14:44:05
2
Dasuni Dasuni :
හොද තීරණය ක් ස්තුතියි ජනාධිපති
2026-10-16 13:09:42
4
Maryam Asshi :
දෙන්න, එපා,ජනපතිතුමනි
2026-10-17 20:03:58
0
user7256953326107 :
Don't give
2026-10-17 06:36:34
0
thilinigunawardhana5 :
දෙන්න එපා සමව
2026-10-16 10:24:49
4
😜😜😂හිතුවKකාරයා 🫣😂😜 :
සමාව දෙන්න 🙏♥️
2026-10-16 11:36:56
8
Roshan Sanjeewa :
samawa danna❤️❤️
2026-10-16 12:29:48
3
Saman Jayaratne :
Keep him jail forever with all these thieves
2026-10-16 10:17:07
1
US :
ධර්ම සංගායනාවක් අවශ්ය වෙනවා, කසාවත තුල ඉන්නේ කව්ද යන්න දැනගැනීම අපට වැදගත්.
2026-10-16 15:49:35
1
Hash :
Anewa denna 🙏🙏🙏
2026-10-16 11:35:55
1
user3923241762905 :
no pardon please for these rouges
2026-10-16 20:23:33
0
ෆාතිමා මරියම් :
මේක බොරුවක්
2026-10-16 17:13:50
0
siryani siriyani :
No
2026-10-17 09:30:21
0
Nimali nilmini :
samawa denna
2026-10-16 17:06:25
0
SKD Art Gallery :
aappa thamai
2026-10-16 17:47:45
0
طه الجوهرى :
2026-10-16 11:06:14
0
suwarnalatha73 :
Samawa danna
2026-10-16 15:41:22
0
වන සරා🔥🔥🔥🔥🔥🔥🔥 :
Npp159 elawana ratama enawa
2026-10-16 15:58:17
1
mansoor :
ඉතාම ඥානාන්විත සුපිරි පිළිතුරු දීමක්.
2026-10-16 15:52:46
0
Jeewanthi Suwendra :
samara.denna.apa.
2026-10-16 16:28:15
0
ali :
Harinie, we appeal you on Ghanasara thero. please give this thero to freedom...
2026-10-18 01:58:45
0
sheron fernando :
❤️❤️
2026-10-16 17:00:34
0
Tihani :
හොඳ තීරණයක් ජනාධිපතිතුමනි
2026-10-16 20:39:48
0
To see more videos from user @newsmaniaalert, please go to the Tikwm
homepage.