@newsmaniaalert: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, හිටපු කොටි සාමාජිකයකු මෙන්ම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන සුමිතිපාල සුරේෂ් කුමාර් හෙවත් ‘මුරලි’ නමැත්තා අධිකරණය හමුවේ ආන්දෝලනාත්මක සාක්ෂියක් ලබා දුන්නා. කොළඹ විජේරාම මාවතේ පිහිටි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී සභාපති විනිසුරු නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබුවා. එහිදී දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන විසින් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසන ලදී. තමන් ප්‍රගීත් එක්නැලිගොඩ සමඟ සහෝදරයෙකු මෙන් සමීප ඇසුරක් පැවැත්වූ බව පිළිගත් සාක්ෂිකරු, එම සබඳතාව පිළිබඳව කොටි සංවිධානයේ තමිල්චෙල්වම්, බුද්ධි අංශ දෙවැනියා වූ ඥානවේල් සහ පොට්ටු අම්මාන් යන ඉහළ පෙළේ නායකයින් දැනුවත් කර තිබූ බවද සඳහන් කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් හබරණදී සාකච්ඡා වූයේ දැයි නීතිඥවරයා ඇසූ ප්‍රශ්නයට සාක්ෂිකරු පිළිතුරු දෙමින් කියා සිටියේ, අදාළ ප්‍රකාශය පිළිබඳව පොට්ටු අම්මාන් දැනුවත් කළේ ඊට පෙරාතුව බවයි. අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා නැවත ප්‍රශ්න කිරීමේදී, ප්‍රගීත් එක්නැලිගොඩ තමන් සමඟ පැවසූ කරුණු පිළිබඳව සාක්ෂිකරු මෙසේ විස්තර කළා. "මමයි නාදන් සරුයි, එක්නැලිගොඩයි එකට කතා කර කර හිටියා. එතැනදී කිව්වා යුද්ධය ඉවර වුණාට සියලු ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ කියලා. එතකොට එයා කිව්වා ඒක අද හිතුණත් වෙනස් කරන්න පුළුවන් කියලා. එතකොට අපි ඇහුවා ඒ කොහොමද කියලා. එයා කිව්වා ජනාධිපති, ඇමැතිලා ඔක්කොම එක ෆ්ලයිට් එකක නැඟලා යනකොට ඒ වෙලාවේ මිසයිලයක් ගැහුවහම ඔක්කොම ඉවරයි කියලා." කෙසේවෙතත්, තමන් එම ප්‍රකාශය තේරුම් ගත්තේ කුමන ආකාරයෙන්දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විමසූ විට සාක්ෂිකරු සඳහන් කළේ, එක්නැලිගොඩ එය උදාහරණයක් ලෙස සඳහන් කළ බවත් එය ඔහුගේ සාමාන්‍ය කතා විලාශය බවයි. #foryoupageシ #srilanka #newsfeed #foryoupage #newsmania

News Mania Alert
News Mania Alert
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 02:24:31 GMT
41836
976
40
52

Music

Download

Comments

kavi.renu
Kavi Renu :
මේකත් රාජපක්ෂ ගෙ වැඩක් කියයි .😂😂😂
2026-10-17 07:19:18
13
nmgbashi
bashi 🤍 :
මහින්ද රාජපක්ෂ ❤️
2026-10-17 09:12:52
0
user2054162943494
jaya :
මහින්ද .රාජපක්ෂ ජයවෙවා .රජ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-10-17 07:16:22
5
sunendrasiri2
මැදපෙරදිග ජීවිතේ :
දීර්ඝායුෂ මහින්ද මහත්තයාට..
2026-10-17 09:32:07
0
binu2654
binu :
mewa akd debilitating penewaaa🙏
2026-10-17 07:52:00
0
meena5416
Meena🇯🇵 :
Meyage voice eliyata eddi aththa eliyata daannama una
2026-10-17 04:24:28
10
eranga.3
😜😜😂හිතුවKකාරයා 🫣😂😜 :
අනේ මන්දා බන් දැන් නම් රටට මොකක් වෙයිද කියලා 😂😂😂
2026-10-17 05:49:01
0
foxlion26
Apple_DragonFruit :
❤️
2026-10-17 05:05:19
9
udayasampath4
udaya :
bala thanhawa enakota moken hari chanda gannane one
2026-10-17 08:25:49
0
she_ron2
sheron fernando :
😳😳😳😳❤️🙏
2026-10-17 09:37:59
0
chandimunasinhg
chandi...☸️ :
2026-10-17 09:38:00
0
priyanganisilva5
savvasontour :
dakkane
2026-10-17 09:22:21
0
user1257399780102
සුද්දා...😜😜😜 :
2026-10-17 09:01:58
0
wdmallikamallika6
tanikada jevita lassani :
obatumata pin mava prkasa karnvata 👍👍❤️❤️
2026-10-17 05:55:03
0
gamagerulz
ishan gamage (kiriya)❣️✨🪬💸 :
2026-10-17 08:23:19
0
user4527880402631
user4527880402631 :
MR 🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍
2026-10-17 06:33:23
0
sonali.fonseka12
පළමුවත් රට දෙවනුවත් රට 💪🇱🇰 :
මේකත් මහින්ද රාජපක්ෂ වැරදි කරයා වෙයි jvp මොලේට අනුව 🤣🤣🤣🤣
2026-10-17 06:32:51
7
rgkm38
RGKM :
sinalaynge antjima raja
2026-10-17 04:49:03
5
dhilanitaniya202208
dhilani taniya :
එත කොට අර කොටි දෙනුවට babna ape හාමුදුරුවෝ වැරදි ne නේද
2026-10-17 05:59:54
4
kumara1755
kumara :
ඇත්ත එලි වෙන්නෙ ඔය.අර ගෑනිට මොකද කරන්නෙ දැන්.
2026-10-17 06:00:57
3
nk.kaluarachchi
NK KALUARACHCHI :
ara kathaawak thiyenawane kithul gahata nagga ekaatath kiyanna deyak thiyenawa kiyala.😁😁 anika ithin mahinda maranna plan karaa nm owa miita kalinne kiyanna thibbe. ai ithin dn kiyanne eewa?🤔 🤔
2026-10-17 08:22:53
0
nadee0337
AloneByFate🫀 :
දැන් කියපල්ල..එ කොටියට කොටිය කියපු හාමුදුරුවො වැරදිද
2026-10-17 08:02:47
0
malith.madusanka91
Malith Madusanka :
අම්මෝ බයි news
2026-10-17 08:11:58
0
user60168251614570
user6016825161457 ROHANA :
JEAPPO ARMY BOYS LA HERE DANAWA DAN 😳😳😳😳😳
2026-10-17 08:11:06
0
maleeedirisinha
Malee Edirisinha :
aknali goda nanay dana
2026-10-17 04:10:49
0
To see more videos from user @newsmaniaalert, please go to the Tikwm homepage.

Other Videos


About