@burning.heart98: This sums up everything! දළදා මාළිගාවේ පශු වෛද්යවරයා ඇවිත්, පරීක්ෂා කරලා බලලා කියනකංම, කාවන්තිස්ස නැතිවුණු බව තේරුම් ගන්න තරම් වත් දැනුමක් මෙතන හිටපු අයට තිබිලා නෑ. ඒ කියන්නේ මෙච්චර වෙලා, තායිලන්තෙනුත් එපා, ඉන්දියාවෙනුත් එපා, අපි තමයි දක්ෂ කියලා බෙහෙත් කරලා තියෙන්නෙ, මොන තරම් දක්ෂ කණ්ඩායමක්ද අපිට තේරුම් ගන්න පුළුවන්. කෙනෙක් අහන්න පුළුවන්, එතකොට ඇයි දළදා මාළිගාවේ පශු වෛද්යවරයාව කලින් මෙතනට අරං ආවේ නැත්තේ කියලා. ඒකට උත්තරය වගේම, කාවන්තිස්සට මේ වුණු දේට උත්තරයත්, එකම එකයි! නොහැකියාව එක්ක ගැට ගැහුණු උද්ධච්චකම! කාවන්තිස්සට වෙඩි වැදිලා කියන එක දැන් මාස ගාණක ඉඳන් දැනුම තියෙන මිනිස්සු සහ සාමාන්ය මිනිස්සු පවා, එක දිගට කිව්වා. දැන් ගැලවීම උදෙසා හහා දාලා වට්ටන්න හැදුවට, සජිත් ප්රේමදාසම ඕක සෑහෙන්න වතාවක් පාර්ලිමේන්තුවෙත් කියලා තියෙනවා. ඒත් නිසි බලධාරින් සහ ආණ්ඩුව ඒ ගැන කනකට වත් ගත්තේ නෑ. තමන්ට අවශ්ය කරන දැනුම සහ පහසුකම් නැත්නම්, ඒවා ඉල්ලන්න තරම් නිහතමානිකමක් වත් මෙයාලට තිබුණේ නෑ. ඇතෙක්ට හානියක් වෙද්දි, උදව්වක් ඉල්ලුවොත්, ඒ උදව්ව නොකර ඉන්න තරම් අවුල් මිනිස්සු මේ ලංකාවේ නෑ. හැබැයි උදව්වක් නොඉල්ලා, සත්ය තත්ත්වය එළියට නොදී තියෙද්දි, ඒ වගේම අලියා බාර රජයෙන් නිසි අවසරය නොදී තියෙද්දි, බලෙන් උදව් කරන එකත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇතෙක් වැටෙන්නේ බරපතළ තරම් අමාරු උනාට පස්සේ සහ, එහෙම වැටුණම පැය 24-48 ක් ඇතුළත නැගිට්ටවගන්න බැරි උනොත්, ආයි ඒ ඇතා නැගිටින්නේ නෑ කියන එක නිකං ගූගල් සර්ච් එකකිනුත් හොයාගන්න පුළුවන්. එහෙම තියෙද්දිත් පළවෙනි පැය කිහිපයේම ක්රියාත්මක නොවීම, ආයෙමත් කියනවා, තමන්ට බෑ කියලා තේරුම් අරගෙන එළියෙන් උදව් ඉල්ලීම නොකරේ ඇයි කියන එක ලොකු ප්රශ්නයක්. ආසන්නතම වශයෙන්, කාවන්තිස්ස වැටුණු බව දැනගෙන, ඩඩ්ලි සිරිසේන එස්කැවේටර් පිටින් එවලා තියෙද්දිත්, ඒවා කිසිවක් පාවිච්චි නොකර, තනි බෙල්ට් එකෙන් උස්සන්න යෑම, වැටිලා තියෙන්නේ කැලයක, ළඟා වෙන්න අපහසු ස්ථානයක නොවීත්, ඇතා වටේට හරි හමන් ආවරණයක් සකසාගන්න බැරි වීම, වහිද්දි නිකං ඉටිකොළයක් අල්ලගෙන ඉඳීම, දළදා මාළිගාවෙන්, රික්වෙස්ට් එකක් නැතුවම, ස්වේච්ඡාවෙන්ම ටීම් එකක් ඇවිත් තියෙද්දිත්, අන්තිම මොහොත වෙනකං ප්රතිකාර කරන්න ඉඩ නොදීම, හරියටම කන්ෆර්ම් කරගන්න බැරිවුණත්, ඒත් වෙලා තියෙන සිදුවීම් එක්ක වෙන්න බැරිත් නෑ කියලා හිතෙන, අම්බානිගේ vantara එකෙන් ඩොක්ටර්ස්ලා එවන්න හදද්දි, නෑ එයාලට මේවා තේරෙන්නෙ නෑ, ආවට වැඩක් නෑ කීම (කොහොමත් ඒ වෙද්දි පරක්කු වැඩියි) වගේ ක්රියාකලාපයන්ගෙන් පේන්නේ, නොහැකියාව එක්ක බැඳුණු උද්ධච්චකම මිසක්, වෙන මුකුත් නෙවෙයි. භාණ්ඩාගාරෙ පිරෙන්න සල්ලි ගොඩ ගහං ඉන්නවා මිසක්, මිනිස්සුන්ට ප්රමාණවත් තරම්වත් බෙහෙත් ගෙන්නන්නෙ නැති රටක, සතෙක්ට අනිවාර්යයෙන්ම බෙහෙත් ඇති කියලා හිතන්න තරම් මෝ ඩයෙක් නෙවෙයි. ඒ වගේම අවශ්ය පහසුකම් නැති වීම, දැනුම නැති වීම වගේ දේවල් වෙන්න පුළුවන් කියලා තේරුම් ගන්න බැරි තරම් කුහකයෙකුත් නෙවෙයි. ඒත්, එළියෙන් උදව් ඉල්ලන්න තිබුණා. සල්ලි නැත්නම් ඉල්ලන්න තිබුණා. මෙහෙම උද්ධච්ච වෙන එක නවත්තන්න. බොහොම ආදරෙන් ඉල්ලන්නේ. ආණ්ඩුවට ඇඟිල්ල දික් කිරීමේ හෝ වැරැද්දක් කීමේ කිසිදු අදහසකින් නෙවෙයි මේක දාන්නේ. මොකද එතකොට මේ පණිවිඩය එළියට නොයන නිසා. ඇවිල්ලා මේ පෝස්ට් එකට හහා දාලා, කමෙන්ට්වලින් ගහලා, රාජපක්ෂලා බලය ගේන්න ඇතා ම රාගත්තා වගේ කුමන්ත්රණකාරී කතාවක් කියලා, අන්තිමට මං බැණුම් අහලා මේක නවත්තගන්න ඕන නෑ. මේක බොහොම පොදුවේ, ආදරෙන් කරන ඉල්ලීමක්. අපිට දේවල් බැරි වෙන්න පුළුවන්. ඒකට කිසිම ප්රශ්නයක් නෑ. ඒත් ඒ වෙලාවට උදව්වක් නොඉල්ලා ඉන්න තරම් උද්ධච්ච වෙන්න එපා. මොකද කාවන්තිස්සට වුණු දේ, ඒ පාඩුව ආයි මේ රටේ වෙන කිසිම ඇතෙක්ට, සතෙක්ට, මනුස්සයෙක්ට වෙනවට මම කැමති නෑ! ❤️ #kawanthissaelephant #srilankan_tik_tok🇱🇰 #videoviral #newsupdate #foyoupage
Burning Heart98
Region: LK
Saturday 17 October 2026 04:24:07 GMT
Music
Download
Comments
𝗩."🕊️ :
එ වචනෙ ඇහෙනකොටත් පපුව හිරවෙන ගතියක් දැණුන...🥺😖
2026-10-17 06:35:40
11
user81716225617963 :
එ වචනෙ ඇහෙද්දි හිතෙන දුක කියගන්න බැ දෙයියනෙ කාටකියන්නද මේවා 💔😭😭😭😭😭😭
2026-10-17 08:27:11
0
s.p. :
කිසිම සතෙකුට මේ වේන්න එපා
2026-10-17 07:35:32
2
Nethu & Himal♥️✨🌎 :
Anee
2026-10-17 08:33:08
1
_Hima_ 🧿🧚 :
2026-10-17 09:22:58
0
ඇ 〽️ ඩා හ් (2) :
Attha 🙂
2026-10-17 06:07:12
1
Laka :
😭😭😭
2026-10-17 05:58:43
0
Th̶a̶r̶u̶ 💋🍄 :
✨✨✨
2026-10-17 06:31:21
2
🍀⚝𝐒𝐇𝐄𝐍⚝ ..🍒🤍🍀 :
💖💖💖
2026-10-17 05:53:02
1
madhu :
🙏🙏🙏
2026-10-17 06:35:29
1
To see more videos from user @burning.heart98, please go to the Tikwm
homepage.