@lakmalshashi: ද්විරද ගජ කාවන්තිස්ස, මහා වනාන්තරයේ රජුව අවසන් වරට වනාන්තරය විසින්ම තම හදවතට තුරුළු කර ගත්තා යැයි සිතමි. අප රටේ ඉතිහාසය පුරාවට ඇතුන් නියෝජනය නොවූ තැනක් නොමැත. මහාවංශයේ පිටු අතර මෙම මහා ප්‍රාණියා දැකගත හැත. සිරි දළදා මහා පෙරහැරේ, රාජාභිෂේකයේ, රණබිමේ ඇතා නොසිටි තැනක් නොමැත. රාජ්‍යත්වය නියෝජනය කළ කඩොල් ඇතු ඉතිහාසය තුළ රජෙකුට සම විය. බුදු දහම තුළ ඇතා බෝධිසත්වයෙක් විය. ඇත් පිය සටහන ගජගා වන්නම විය. අපගේ සංස්කෘතිය තුළ ඇතෙකු යනු ඉතිහාසය, ආගම, කලාව, ජනජීවිතය සමඟ මුසු වූ ජීවමාන සංකේතයකි. පිදුම් ලබන්නෙකි. මඟුල් ලකුණකි. රැකිය යුත්තෙකි. අභිමානය, ශක්තිය, ඉවසීම සහ කරුණාව දරාගත් මිනිස් හදවතක් සහිත, මව්බිම හැඩ කළ අප ඇත් පරපුරෙහි මහ ඇතුට සුබ ගමන්... #kavantissa #sad #srilanka #trending

Lakmal ❤️👌✌️
Lakmal ❤️👌✌️
Open In TikTok:
Region: QA
Saturday 17 October 2026 04:25:48 GMT
151
30
2
0

Music

Download

Comments

user5803195514796
Mahesh :
🙏🙏🙏
2026-10-17 04:29:52
0
user13530326278187
elina :
❤️❤️❤️
2026-10-17 10:15:37
0
To see more videos from user @lakmalshashi, please go to the Tikwm homepage.

Other Videos


About