@hirunews: ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් තැනැත්තා සහ මා අතර කිසිදු සබඳතාවක් නෑ - පා. මන්ත්රී හර්ෂණ රාජකරුණා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු තමන්ගේ සහෝදරයෙකු බවට සහ එම පුද්ගලයා සහ තමන් අතර සබඳතාවක් පවතින බවට පළවන මාධ්ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්ය බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මන්ත්රීවරයා සඳහන් කරන්නේ, තමන් සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා වන බැවින් තමන්ට කිසිදු සහෝදරයෙකු නොමැති බවයි. එසේම පෙළපත් නාමය සමාන වූ පමණින් වෙනත් අයෙකු සිදුකරන වැරදි තමන් පිට පැටවීමට උත්සාහ කිරීම අසාධාරණ බවද මන්ත්රීවරයා පෙන්වා දෙනවා. වසර 11 ක පාර්ලිමේන්තු මන්ත්රී ධුර කාලය තුළ මන්ත්රීවරුන්ට හිමිවන ගිනි අවි පවා තමන් කිසිදිනෙක ලබාගෙන නොමැති බවත්, තම පියා වූ දිවංගත සරත්චන්ද්ර රාජකරුණා ද කිසිදු දිනෙක ගිනි අවියක් සන්තකයේ තබාගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා. දේශපාලනමය වශයෙන් තම චරිතය ඝාතනය කිරීමේ සහ නමට කැලලක් ඇති කිරීමේ අරමුණින් මෙම අසත්ය ප්රවෘත්තිය වාර්තා කළ මාධ්ය ආයතනවලට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබා දී ඇති බවද මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Monday 19 October 2026 04:15:20 GMT
Music
Download
Comments
kusuma.priyanthi :
ඔවු.ඵහෙමවත්.කියමු😅
2026-10-19 05:25:34
0
Madhura Sanda Kelum :
2026-10-19 07:32:26
0
mano :
2026-10-19 04:31:45
0
Niluka Dushan :
😂😂😂 නෑ කමෙනුත් අත් හැරියද ඒකව.
2026-10-19 09:24:58
0
Dushan Sampath :
😂😂😂
2026-10-19 04:42:55
0
Dasun :
😂😂😂
2026-10-19 04:36:22
0
chandimal 🇲🇻🇱🇰✈️✈️✈️✈️✈️✈️ :
🤣🤣🤣
2026-10-19 05:43:27
0
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.