@chamathka_de_silva: අදට Chama Computers ආරම්භ වෙලා අවුරුදු 10ක්. ❤️ ඒත් මුලින්ම පටන්ගත්ත පුංචි කඩේ මාස කිහිපයකින් අසාර්ථක වුණා. අද මම ආයෙත් ගියේ ඒ ගමන පටන්ගත්ත තැනට. බිත්තියේ ලියපු “Chama Computers” නම තාමත් තියෙනවා. මම හිටපු ගෙදර, මගේ කාමරේ, නිදාගත්ත ඇඳ… ඒ දේවල් ළඟට ගියාම ඒ කාලේ ජීවිතේ ආයෙත් මතක් වුණා. පටන්ගන්න මුල්ම මුදල දැම්මේ යාළුවෙක්. කඩේට ඕන වුණු පුටු දෙක ඉල්ලගත්තේ තවත් යාළුවෝ දෙන්නෙක්ගෙන්. පළවෙනි computer එක රුපියල් 8,500කට ගත්තෙත් මාව විශ්වාස කරපු යාළුවෙක්. මේ ආරම්භය ඇතුළේ මිනිස්සු ගොඩකගේ ආදරය තියෙනවා. හැබැයි ඒ විදිහට පටන්ගත්ත business එක හිතපු විදිහට ගියේ නැහැ. අද මගේ ගමන දිහා බලන කෙනෙකුට ඒ අසාර්ථක වුණු කාලය පේන්නේ නැතුව ඇති. ඒත් මට ඒක මතකයි. 2018දී ආච්චි දුන්න රුපියල් 4,300යි, මාමා දුන්න රුපියල් 15,000යි එකතු කරලා, ඒ රුපියල් 19,300කින්. මේ තමයි මගෙ ජීවිතේ වෙනස් කරපු මුදල. මම ආයෙත් පටන් ගත්තෙ ආච්චිලගේ ගෙදර එළියේ තිබුණු පුංචි කාමරයකින්. එදා මම ගත්ත වැදගත්ම තීරණයක් තමයි ආයෙත් උත්සාහ කරන එක. ඔයාත් අද ඔයාගේ ජීවිතේ ගැන කලකිරිලා ඉන්නවා ඇති. ඔයාගේ වයසේ අනිත් අය ඉස්සරහට යනවා වගේ දැනෙනවා ඇති. පටන්ගත්ත දෙයක් වැරදිලා, ආයෙත් පටන්ගන්න බය ඇති. මගේ කතාවෙන් ඔයාට කියන්න ඕනේ මෙච්චරයි. අද ඔයා ඉන්න තැන දිහා බලලා, ඔයාට යන්න පුළුවන් දුර තීරණය කරන්න එපා. වැරදුණු දේ අවංකව බලන්න. ඔයා වෙනස් කරගන්න ඕනේ දේ හඳුනාගන්න. දන්නේ නැති දෙයක් ඉගෙනගන්න. ඊළඟ උත්සාහයට ඒ ඉගෙනගත්ත දේ අරගෙන යන්න. මටත් මේ ගමන තනියම එන්න බැරි වුණා. එදා මාව විශ්වාස කරපු අයගේ ඉඳන් අද අපේ කණ්ඩායම සහ customers දක්වා, මේ ගමනට හයියක් වුණු හැමෝටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. 🙏 අවුරුදු දහයකට පස්සේ මේ තැන්වලට ආයෙත් යන්න ලැබුණු එක මට ලොකු සතුටක්. මගේ ආරම්භය ගැන මට ආඩම්බරයි. මේ විනාඩි 36 ඇතුළේ ඒ මතක ඔයාලත් එක්ක බෙදාගත්තා. මේක බලන කෙනෙකුට තමන්ගේ ජීවිතේ ඊළඟ පියවර ගන්න හයියක් ලැබුණොත්, මේ කතාව කියපු එකට මට ගොඩක් සතුටුයි. ඔයාගේ හිතට වැඩියෙන්ම දැනුණු තැන කියන්න. අපේ මුල් කාලේ මතක තියෙන අය ඉන්නවා නම් ඒවත් ලියන්න. ආසයි ආයෙත් අහන්න. ❤️ #ChamathkaDeSilva #ChamaComputers #10YearsOfChama #Entrepreneurship
Chamathka De Silva
Region: LK
Monday 19 October 2026 14:36:39 GMT
Music
Download
Comments
🥀.𝕯𝖚𝖓𝖆𝖑_𝖃.😾⁉️ :
දවසක මන් මගේ කතාවම මේ මුලු ලෝකෙටම ආඩම්බරයෙන් කියනව❤️🩹
2026-10-19 17:24:51
2
Slmeme.lk :
ඈඩුනා ඒ කතාව සම්පුර්ණයෙන් බෑලුවා ❤️
2026-10-19 18:19:19
1
바산🫀🇰🇷💗 :
මේ කතාව අහනකොට මටත් හිතුන දවසක අයියා ව්ගේ වෙන්න ඕන කියලා 🥹💐
2026-10-19 17:45:04
0
Nonimi Vision :
කවුරු දිනුවත් ලස්සනයි,කට්ට කාපු උන් දියුනු වෙනකොට පට්ට ලස්සනයි❤️
2026-10-19 16:46:37
5
Sathsara🫀 :
මුල මතක මිනිස්සු
2026-10-19 15:51:42
655
THARIDU SHAMIKA🐺🖤 :
ගොඩක් අය 0 ඉදන් නැගිට්ටේ කිවුවට අද තමා දැක්කේ
2026-10-19 16:08:23
58
Fitwith_Ranu :
දවසක් මාලබේ shop එකට pc බඩු ගන්න යනකොට එතන කොල්ලෙක් කිව්ව චමා ඇවිත් scooter එකේ බඩු අරන් ගියා කියලා...ඒක කිව්වෙ ටිකක් කින්ඩියට වගේ.....sale කරාට පොර යන්නෙත් bike එකෙ වගේ අදහසින් කිව්වෙ...එකෙන්ම සතුටුයි අයියෙ එදා ඉදන්ම ඔයාගෙ videos බලනවා..ඔයා ගේමක් ගැහුවා 💯❤️
2026-10-19 16:04:09
157
kumara fashion :
දවසක මාත් මගේ කතාව මෙහෙම කියනවා 🥺
2026-10-19 15:27:05
113
chirax_chim :
ආපු ගමන ගැන හැරිලා බලද්දි අඩ අඩා සතුටු වෙන්න පුළුවන් මිනිස්සු ❤️
2026-10-19 15:41:33
57
T H I S A R A :
මගෙ පලවෙනි PC එක ගත්තෙ ඔයාගෙන්. ඔයා ගෙදරටම එව්වා. ලොකු ඩිස්කව්න්ට් එකකුත් දුන්නා ඒ කාලෙ ❤️🩹 ජය 👌
2026-10-19 18:25:46
9
PUBUDU PIUMAL🇮🇳🇯🇵 :
දවසක මගේ කතාවත් ඔය වගේ වෙයි අයියා 🥹🤍
2026-10-19 17:04:23
37
Sanjaya's Matrix✌🌎 :
ඔයාගෙන් ගත්තු ලැප් එක සුපිරියක්🥰. දිනෙන් දින දියුණු වේවා🌟🌟
2026-10-19 16:15:58
21
Ashen Nimsara Waduge :
දන්නෙම නැතුව මේක බලද්දි මට කට කොනෙන් සතුටු හිනාවක් ආවා . මාරම සතුටුයි අයියේ මාත් ඔයා වගේ ස්ටාර්ටප් එකක් පටන් අරන් inne
2026-10-19 16:27:59
24
🍓❌$UСК1Н 1N В!О🍓❌ :
positive welcoming 🙂
2026-10-19 18:33:22
19
Kushan Udayakumara :
දවසක අපෙත් තියෙන ලස්සන හිනයක්🥺❤️
2026-10-19 17:24:46
2
Itzz Avi🍃 :
2026-10-19 17:15:56
49
itzme_Prabu💗 :
හිටපු තැනයි අද ඉන්න තැනයි වෙනස සතුටු තව කෙනෙකුට හරි යනකොට top💗🔥
2026-10-19 16:09:58
11
Danuditha Silva :
Mgeth ❤️kwd hri dwska ayya wagema video ekak krnwa 🤍🥹
2026-10-19 15:26:22
139
Udana auto ceylon (PVT) LTD :
මගේ තැන කවදා හරි ලොකු ගැරිජ් එකක් වේවි මෙක 🤗
2026-10-19 16:31:01
15
Is sha :
2026-10-19 16:00:34
11
JITH NADHA dance costume :
ඔයාගෙ Interview එකක කියපු ඔයා use කරපු monefy App එක දැන් අවුරුදු 6ක් තිස්සේ use කරනවා ✋ වියදම් පාලනයට හොඳ Solution එකක් 🤝
2026-10-19 17:29:49
8
ASHAN :
Congratulations මචං.මම දැක්ක 0 ඉදන් නැගිටපු ලංකාවේ අපේ එකෙක් 🔥❤️🇱🇰
2026-10-19 15:48:05
7
S H E H A N :
Achchi thamai charithe ♥️
2026-10-19 17:23:36
1
𝓗𝓪𝓼𝓱𝓲𝓲 🖇️🎀 :
Mge wennko 🥺🤍
2026-10-19 16:27:59
3
Lithira Ransika :
❤️🔥
2026-10-19 16:03:12
1
To see more videos from user @chamathka_de_silva, please go to the Tikwm
homepage.