@hirunews: වෙඩි වැදීමකින් පසු තුවාල ලබා සිටි කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනට අදාළ නිර්දේශ ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක පත්කළ විශේෂඥ කමිටුව පළමුවරට අද (21) පෙරවරුවේ රැස්වීමට නියමිතයි. පරිසර සහ වනජීවි අමාත්යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ඒ.එච්. සරත් විජේසිංහගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්නයි. කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් මෙම කමිටුවේ වාර්තාව මාසයක් ඇතුළත ජනාධිපතිවරයාට භාරදීමට නියමිතයි. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Wednesday 21 October 2026 04:15:16 GMT
Music
Download
Comments
☀️T̊𝖍𝖚𝖘𝖍𝖆𝖗𝖎☀️ :
okun elikarala daduwa dai daduwam denna ona
2026-10-21 07:41:28
0
☀️T̊𝖍𝖚𝖘𝖍𝖆𝖗𝖎☀️ :
❤️❤️❤️
2026-10-21 07:41:39
0
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.