@hirunews: සහල් කිලෝවට රු. 5ක් වැඩිපුර ගත් වෙළෙඳසලට ලක්ෂ පහක දඩයක් රජය නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ආනයනික කීරි සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වැලිමඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට රුපියල් 500,000ක දඩයක් නියම කර තිබෙනවා. එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් 2025 දෙසැම්බර් 4 වැනිදා සිදුකළ විමර්ශනයකදී මෙම නීති උල්ලංඝනය අනාවරණය වී තිබෙනවා. එහිදී ආනයනික කීරි සම්බා (GR 11) සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 255ක් ලෙස නියම කර තිබියදී, එම සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 260කට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව නියමිත මිලට වඩා රුපියල් 5ක වැඩි මුදලක් අය කිරීම සම්බන්ධයෙන් අදාළ සුපිරි වෙළෙඳසලට මෙම දඩය නියම කර තිබෙනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Wednesday 21 October 2026 09:32:47 GMT
1652
44
2
2

Music

Download

Comments

taozkun
BelugaTM :
2026-10-21 09:36:34
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About