@hirunews: බංග්ලාදේශයේ ප්රතිසංස්කරණ සහ පොලිස් වගවීම පිළිබඳව එක්සත් රාජධානියේ අවධානය 2024 ජූලි නැගී සිටීමෙන් පසුව බංග්ලාදේශය යෝජිත ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමේ මන්දගාමීත්වය, දූෂණය සහ පොලිස් වගවීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්රගතියක් අත්කරගෙන නොමැති බවට එක්සත් රාජධානිය සිය කනස්සල්ල පළ කර සිටිනවා. බ්රිතාන්ය රජය විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවක මේ බව සඳහන්. කෙසේවෙතත්, එම නැගී සිටීමෙන් පසුව අන්තර්වාර රජයේ පාලන සමයේදී මෙන්ම පසුගිය පෙබරවාරි මාසයේ පැවැති මැතිවරණයෙන් අනතුරුව 'බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය' ප්රමුඛ රජයක් පිහිටුවීමත් සමග එරට දේශපාලන තත්ත්වය ස්ථාවර වී ඇති අතර, එය සාමාන්යයෙන් යහපත් අතට හැරී ඇති බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ. එක්සත් රාජධානියේ රාජ්ය වෙබ් අඩවියේ ප්රකාශයට පත් කර ඇති මෙම වාර්තාව ඔක්තෝබර් 14 වැනිදා එළිදක්වා තිබෙනවා. එක්සත් රාජධානියේ රටවල් පිළිබඳ ප්රතිපත්ති සහ තොරතුරු කණ්ඩායමේ නිලධාරීන් තිදෙනෙකු විසින් මෙකී අධ්යයන සංචාරය මෙම වසරේ ජූනි 07 සිට 15 දක්වා කාලය තුළ බංග්ලාදේශයේ සංචාරය කරමින් සිදුකර ඇති බවයි එහි සඳහන්. එම වාර්තාවට අනුව බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය, ජමාඅත්-ඊ-ඉස්ලාමි, ජාතික පුරවැසි පක්ෂය ඇතුළු සෙසු සුළු විපක්ෂ කණ්ඩායම්වලට සංවිධානය වීමට, ප්රචාරක කටයුතුවල නිරත වීමට, විරෝධතා දැක්වීමට සහ රජය විවේචනය කිරීමට පූර්ණ ඉඩකඩ ලැබී තිබෙනවා. දේශපාලනික ප්රචණ්ඩත්වයන් තවදුරටත් වාර්තා වුවද, ඒවා ප්රාදේශීය මට්ටමේ බලය, ව්යාපාරික අභිලාෂයන්, සම්පත් සහ දේශපාලන පාලනය සම්බන්ධයෙන් ඇතිවූ දේශීය ආරවුල්වලට පමණක් සීමා වී තිබූ බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. එසේම, පසුගිය පෙබරවාරි මාසයේ පැවැති මැතිවරණය පෙර පැවැති මැතිවරණවලට සාපේක්ෂව සාමකාමී මෙන්ම ප්රචණ්ඩත්වයෙන් තොර එකක් වූ බවද බ්රිතාන්ය වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා. මූලාශ්රය - The Daily Star #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Wednesday 21 October 2026 10:19:11 GMT
Music
Download
Comments
𝓪𝓬𝓱𝓲𝔃 :
❤️❤️❤️
2026-10-21 12:15:11
0
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.