@doraa_pg: ජීවිතේ තනියම ගෙවන්න සෑහෙන හීන තිබ්බට සමහර වෙලාවල් වල මට හිතෙනවා මට ආදරේ කරන්න මනුස්සයෙක් ඕනේ කියලා. ජීවිතේ බෙදාගන්න, ඔහේ කියවන්න, අත් අල්ලන් ඇවිදින්න, උරහිසට බර වෙන්න, හාදූ තියන්න, හීන එකතු කරන්න වගේ ලස්සන දේවල් එක්ක ඉස්සරහට යන්න මනුස්සයෙක් මට හිටියා නම් කියලා මම හිතනවා. ඒත් ඒ හිතෙන නිමේෂයේදීම ඒ හැඟීමෙන් පලායන්න හිතෙන තරමට මම කෙනෙක් එක්ක බැඳෙන්න බයයි. මම දන්නෑ දවසක මට බැඳීමක් මුණගැහිලා මට අනිවාර්යයෙන්ම බැඳෙන්න වෙයිද කියන්න නම්. හැබැයි මම කැමති එහෙම නොවෙනවට, ජීවිතේ මෙහෙම ගෙවෙනවට.. මොකද මට හිතෙනවා මම කියන්නේ මනුස්සයෙක්ව වගකීමක් කරගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා. මගේ සතුට කාටවත්ම බාර දෙන්නේ නැති මනුස්සයෙක් විදිහට මම තව කෙනෙකුගේ සතුට මගේ අත උඩින් තියනවට මම හරි බයයි. " මගේ ජීවිතේ හුස්ම ඔයා... " කියලා කියන්න තරම් මනුස්සයෙක් එක්ක බැඳෙන්න කැමති කෙනෙක් නෙවෙයි මම. මම බයයි එහෙම බැඳෙන්න! ඒ වගේම මම බයයි කව්රු හරි මනුස්සයෙක් මට එහෙම ආදරේ කරනවට. ඒ ආදරේ දවසක අතෑරුනොත් කොහොමද දරාගන්නේ කියලා හිතද්දී මම බයයි. සමහර විට මේක මේ ලෝකේ තියෙන මෝඩම අදහස වෙන්න ඇති. ඒත් මම කැමති මට බැඳීමක් මුණනොගැහෙනවට! හැබැයි මම කියන්නෑ මම ආදරේ නොකරාවී කියන එක නම්. මොකද මගේ හිත විස්වාස කරනවා, බැඳීම් කියන්නේ බරක් නෙවෙයි කියලා දනවන්න පුළුවන් මනුස්සයෙක් මට මුණගැහේවී කියලා.. ඉතින් මම බලන් ඉන්නවා ඒ මනුස්සයා මුණගැහෙනකල්.. ❤️🩹 ඩෝරා 🤍
𝗗 𝗼 𝗿 𝗮 🦒
Region: LK
Thursday 22 October 2026 10:53:07 GMT
Music
Download
Comments
𝐓𝐃𝐖 | 𝐃𝐎𝐑𝐀 💀‼️ :
mh🥺❤️🩹
2026-10-22 14:01:41
1
𝗜𝗦 𝗛 𝗔𝗡 🥷 :
🥀
2026-10-22 11:02:35
1
Ridmi _ ✨️ :
❤️🩹
2026-10-22 11:27:11
2
To see more videos from user @doraa_pg, please go to the Tikwm
homepage.