@hirunews: විහාරමහාදේවි උද්‍යානයේදී තහනම් පිහි දෙකක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයාට ලක්ෂයක ශරීර ඇප කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ විරෝධතා භූමියේදී තහනම් පිහි දෙකක් සමග අත්අඩංගුවට ගත් 58 හැවිරිදි පුද්ගලයා අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. පොලිසිය සඳහන් කළේ, නඩුව යළි නොවැම්බර් 30 වැනිදා කැඳවීමට නියමිත බවයි. පසුගිය 21 වැනිදා රාත්‍රියේ කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටි විරෝධතා භූමියේදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු පරීක්ෂා කිරීමේදී මෙම පිහි සොයාගත් බවත් පොලිසිය සඳහන් කළා. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු දින කිහිපයක සිට විරෝධතා පාගමන සමඟ සම්බන්ධ වී සිටි අයෙකු බවයි. ඔහු කිසියම් අපරාධයක් සිදු කිරීමේ අරමුණින් විරෝධතා භූමියේ රැඳී සිටියේද යන්න සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 14:32:04 GMT
4388
70
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About