@newsmaniaalert: ඉන්දීය ආගමික නායක මහමණ්ඩලේශ්වර් ස්වාමි කෛලාසානන්ද ගිරි ජී පූජකතුමාගේ ශ්රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන පුවත 2026 පෙබරවාරි 23 වැනිදා සිදු වූ සංචාරයකට අදාළ පැරණි පුවතක් බව විදේශ අමාත්යංශය සඳහන් කරනවා. ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ ආරාධනයකට අනුව පසුගිය පෙබරවාරි 23 දින මෙරටට පැමිණි පූජකතුමා ඇතුලු දූත පිරිසක් ශ්රී ලංකාවේ වැදගත් ශිව දේවාල කිහිපයක් ඇතුලු ආගමික හා ඓතිහාසික ස්ථාන නැරඹීමට එක්ව තිබුණා. මෙම සංචාරයේ ප්රධාන අරමුණක් වූයේ රාමායණ මංපෙත ඇතුලු ශ්රී ලංකාවේ ආගමික හා සංස්කෘතික සංචාරක ආකර්ෂණීය ස්ථාන ඉන්දියානු බැතිමතුන් සහ සංචාරකයින් අතර ප්රවර්ධනය කිරීමට බවයි අමාත්යාංශය පවසන්නේ. ශ්රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන රට වන ඉන්දියාව තුළ ශ්රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්රචලිත කිරීම සඳහා මෙවැනි සංචාර වැදගත් බවද සඳහන්. එමෙන්ම, ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබාදීමත්, දෙරට අතර පවතින ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙම සංචාරයේ අරමුණු අතර වුණා. එබැවින්, මෙම පුවත වර්තමානයේ සිදුවන සිදුවීමක් ලෙස අර්ථකථනය කිරීම සාවද්ය බව අවධාරණය කරන අතර, පුවතේ දිනය සහ අදාළ පසුබිම සැළකිල්ලට ගන්නා ලෙස මහජනතාවගෙන් එම අමාත්යංශය ඉල්ලීමක් කරනවා. #newsfeed #foryoupageシ #SriLanka #newstoday #viralpost
News Mania Alert
Region: LK
Friday 23 October 2026 03:37:19 GMT
Music
Download
Comments
chanakamadushank64 :
මොකක්ද දන්නැ සංවර්ධන වැඩෙ🤣
2026-10-23 14:28:41
0
wasnthaamunugama :
[Tears of joy][Tears of joy][Tears of joy][Big LOL][Big LOL][Big LOL][Tears of joy][Tears of joy][Tears of joy]
2026-10-23 06:10:45
0
To see more videos from user @newsmaniaalert, please go to the Tikwm
homepage.