@hirunews: ශ්‍රී ලංකා ජාතික ශ්‍රේණිගත කිරීම් පරිමාණය නැවත සකස් කිරීමට Fitch තීරණය කරයි ශ්‍රී ලාංකේය ණය නිකුත් කරන්නන්ගේ සාපේක්ෂ ණයගෙවීමේ හැකියාවේ සිදුව ඇති වෙනස්කම් පිළිඹිමු කිරීම සඳහා Fitch Ratings ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික ශ්‍රේණිගත කිරීම් පරිමාණය (Sri Lanka National Rating scale) නැවත සකස් (recalibrated) කළ බව නිවේදනය කරනවා. 2026 සැප්තැම්බර් 22 වන දින ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම (Long-Term Local-Currency IDR) 'CCC+' සිට 'B-' (ස්ථායී) දක්වා ඉහළ නැංවීමෙන් අනතුරුව Fitch ආයතනය විසින් මෙම පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ සඳහන්. මෙම පරිමාණය නැවත සකස් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීම් සහිත ඇතැම් ආයතනවල ශ්‍රේණිගත කිරීම් සංශෝධනය වීමට ඉඩ ඇති අතර, එම සංශෝධිත ශ්‍රේණිගත කිරීම් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ද ෆිච් ආයතනය සඳහන් කරනවා. ජාතික ශ්‍රේණිගත කිරීම් පරිමාණයන් යනු දේශීය ආයෝජකයින්ට ආයතනික අවදානම් හඳුනාගැනීමට සහ වෙනස් කර වටහා ගැනීමට උපකාර වන අවදානම් වර්ගීකරණයක්. ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීම් සඳහා '(lka)' යන සුවිශේෂී සංකේතය භාවිතා කරන අතර, එය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හෝ වෙනත් රටවල ජාතික ශ්‍රේණිගත කිරීම් පරිමාණයන් සමඟ සෘජුව සැසඳිය නොහැකියි. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 23 October 2026 05:48:24 GMT
1576
36
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About