@hirunews: බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වෙයි : දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, ඉදිරි දින කිහිපයේදී එය ප්‍රබල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, ඊයේ (24) දින රාත්‍රී 11.30 වන විට මෙම පද්ධතිය උතුරු අක්ෂාංශ 15.5° සහ නැගෙනහිර දේශාංශ 91.0° ආසන්නයේ කේන්ද්‍රගතව පැවති අතර, අද (25) දින එය බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොනදිග ප්‍රදේශය හරහා ගමන් කරමින් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉහළ සම්භාවිතාවක් පවතින බවයි එම නිවේදනයේ සඳහන්. එමෙන්ම, තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරන මෙම පද්ධතිය, ඔක්තෝබර් 26 වන දින උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් 27 වන දින උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පද්ධතියෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි පතිත විය හැකි බවත්, ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. තවද, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40-50 ත් අතර ප්‍රබල තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 01:00:15 GMT
4880
132
3
3

Music

Download

Comments

user7394721766599
𓆩♡𓆪 𝑼𝒏𝒔𝒂𝒊𝒅 𝑺𝒐𝒖𝒍 :
😟
2026-10-25 02:41:59
0
pavinduprabuth
𝐏𝐀𝐕𝐈𝐍𝐃𝐔 :
🥲
2026-10-25 01:07:31
0
kaveeshanimsara863
Kaveesha Nimsara :
🥰
2026-10-25 03:25:21
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About